අපි සාමාන්‍යයෙන් biscuit කන්නේ කඩෙන් අරගෙනනේ.ඇත්තටම කිව්වොත් කවදාවත් අපි biscuit ගෙදර හදාගෙන කන්නේ නැහැනේ.ඒත් මම ඔයාට කියලා දෙන්නම් වැඩි වෙලාවක් යන්නෙත් නැති වැඩි වියදමක් යන්නෙත් නැති රසම රස බිස්කට් එකක් හදාගන්න විදිහ ගැන
මොනවද අවශ්‍ය වෙන්නේ

- කුඩු කරගත් සීනි Cup 1/2
- බටර් 220g
- පිටි Cup 2
කොහොමද හදාගන්නේ

- Butter සහ සීනි Cream වනතුරු beat කරගෙන පිටි ටිකෙන් ටික එකතු කර සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
- ඊළඟට යිල් පේපර් එකක් දමාගත් තැටියක කුකීස් රවුම් තියාගන්න.
- සෙල්සියස් 170-180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 20-25ක් බේක් කරගන්න.
ඉතින් දැන් ඔයාට බය නැතුව ගෙදරදීම cookies හදන්න පුළුවන්,ඒ වගේම මේක හරිම රසයි.කඩෙන් ගන්නවා වගෙත් නැති නිසා රසකරකත් නැහැ.ඒ විතරක් නෙමෙයි.හවස tea time එකටත් හොඳ කෑමක්



