Like
Like Love Haha Wow Sad Angry

Tattoo කියන්නේ ලස්සන කලාවක්.සමහර අය ගොඩක් කැමති වුණාට තවත් අය කියන්නේ රස්තියාදුකාරයෙක් වගේ කියලා.තවත් අය ආස වුණත් බයයි.හැබැයි ඒ කොහොම වුණත් මේ generation එකේ ගොඩක් අය කරන සහ කරන්න ආස දෙයක් තමයි tattoo කියන්නේ.මේ tattoo කලාව කරන්න කලින් හිතන්න නම් ගොඩක් දේවල් තියෙනවා.ඒ මොනවද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.

01) Tattoo ගහලා ලෙඩ හැදුනොත්

Tattoo ගහන්න හිතන ගොඩක් අයට තියෙන්නේ tattoo ගහලා ලෙඩ හැදුනොත් කියන ප්‍රශ්නේ.ඒ කියන්නේ ගොඩක් අය හිතන්නේ tattoo වලින් aids වගේ දරුණු සමාජ රෝග වලට ගොඳුරු වෙයි කියලා.හැබැයි ඇත්තටම tattoo ගහලා ඉන්න අයට මේ වගේ සමාජ තියෙනවද? ගොඩක් වෙලාවට වෙන්නේ එකම needle එක use කරලා tatto ගහන්න ගියොත්.ඒ නිසා තමන්ට sure තැනකින් tattoos ගහගන්න එක තමයි හොඳම දේ.ඒ විතරක් නෙමෙයි tattoo ගහනකොට use කරන color ගැනත් හොඳට හිතන්න ඕනී.මොකද සමහර අය use කරන සමහර color නිසා පිළිකා වගේම වෙනත් Skin diseases හැදෙන්න ඉඩ තියෙනවා.සිරුරේ විකෘතිතා ඇති වෙන්නත් ඉඩ තියෙනවා.ඒ නිසා ඒ ගැන තමයි tattoo ගහන්න කලින් ගොඩක් හිතන්න ඕනී.

02) Tattoos ගහපු අයට ලේ දෙන්න බැහැ නේද?

tattoo ගහන අයට එන ඊළඟ ප්‍රශ්නේ තමයි ලේ දෙන්න බැහැ කියන එක.අපි ඇත්තටම බලමු ඒ කතාව ඇත්තක්ද කියලා.ඒක එහෙම වෙන්නේ එක එක රටවල තියෙන rules අනුව.මොකද කාලයක් යනකොට blood test කලාට පස්සේ blood donate කරන්න පුළුවන්.එහෙම කියන්න හේතුව තමයි tattoo ගහපු needle එකෙන් ඔයාට disease බෝ වෙලාද කියන සැකය.හැබැයි දැන් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ tattoo ගහලා අවුරුද්දකින් පස්සේ ලේ දෙන්න පුළුවන් නිසා.මේ වගේ එංගලන්තේ නම් tattoo ගහලා පලවෙනි මාස 04 blood දෙන්න බැහැ. ඒ වගේම ඇමරිකාවේ වෙන්නේ tattoo ගහලා අවුරුද්දක් යනකන් blood donate කරන්න දෙන්නේ නැති එක.

03) Tattoo ගහලා නාන්න හොඳ නැද්ද?

මෙහෙමයි.tattoo එකේ තියෙන ලස්සන සහ පෙනුම ආරක්ෂා කර ගන්න නම් මුල් කාලේ පරිස්සම් කර ගන්න වෙනවා.ගොඩක් වෙලාවට අව්වේ යනවා නම් එහෙමත් නැත්නම නිතරම pool එකේ ඉන්නේ කෙනෙක් නම් ඔයාට ටික කාලයක් යනකන් ඒ දේවල් වලින් ආරක්ෂා වෙන්න වෙනවා.ඒ විතරක් නෙමෙයි මොකද ලංකාවේ tattoo ගහන තීන්ත වර්ග ගන්න තැන් අඩුයි.ඒ තීන්ත වර්ග නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒ ඒ රටවල තියෙන climate එකට ගැලපෙන විදිහට.ඒ නිසා එලියට යනකොට soframycin සහ Vaseline ආලේප කරන්න ඕනී.

04) Boss චුරු චුරු ගායිද?

ගොඩක් අය හිතාගෙන ඉන්නේ tattoo ගහන්නේ රස්තියාදුකාරයෝ කියලා.එහෙමත් නැත්නම් තව තව දේවල් කියනවා වගේම හිතනවා.ඒත් tattoo කියන්නේ කලාවක්.tattoo එකක් ගැහුවා කියලා චරිතේ නරක් වෙන්නෙත් නැහැ, tattoo ගහලා නැති අය හොඳ අය වෙන්නෙත් නැහැ.ඒක තීරණය වෙන්නේ ඒ කෙනා හැසිරෙන විදිහෙන් තමයි.රැකියාවේදී tattoo ගහන එක සම්මත කරලා නැත්තේ hotel sector එකේ විතරයි.ඒ ඇරුනහම අනෙක් රැකියා වලදී නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.හැබැයි ආයතන වල තියෙන rules වලට අනුව ඒ දේවල් වෙනස් වෙනවා.

05) තව දෙයක් තියෙනවා?

Tattoo ගහන එක හදිස්සියේ කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.මොකද ඔයාට හදිස්සියේ දැකපු ගමන් හිත ගියාට ටික කාලයක් යනකොට ඒක ලස්සන නැහැ කියලා හිතෙන්න පුළුවන්.ඊට පස්සේ මකන්න ගියහම තව ප්‍රශ්න.ඒ නිසා හරියටම ඔයාට match වෙන සහ ලස්සන tattoo එකක් හදා හදාගන්න.සමහර වෙලාවට ඔයා කරන්නේ ඔයාගේ ලඟම කෙනෙක්ගේ ඡායාරූපයක් හරි නමක් හරි tattoo එකක් විදිහට කරන එක.හැබැයි ඊටත් වඩා හොඳ දෙයක් මම කියන්නම්.වෙන කවුරුවත් ගහලා නැති ඔයාටම අවේනික tattoo එක design කරන්න පුළුවන් නම් එක තමයි හොඳම.

ඉතින් ඔයා tattoo ගහන්න බයේ හිටියට දැන් බය නැති වෙන්නත් ඇති.එහෙම නැත්නම් tattoo ගහන්න බලාගෙන හිටපු කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන් හදිස්සි වෙන්නේ නැතුව හොඳට හිතලා බලලා tattoo එක ගහගන්න.ඒ විතරක් නෙමෙයි හොඳ සහ විශ්වාසවන්ත තැනකින් tattoo එක ගහන්නත් අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here