පැටිස් කියන්නේ ඔයා ආසම කෑමක් නේද? ඔයා මොනවගේ flavors වලින්ද පැටිස් කාල තියෙන්නේ? Fish ,vegetable, chicken.එහෙම නේද? ඒත් ඔයා cheese පැටිස් කාල තියනවද? සමහරවිට ඔයා party වලදී එහෙමත් නැත්නම් restaurant එකකදී වගේ නම් කාලා ඇති.ඉතින් මම අද ඔයාට කියලා දෙන්නම් ඉක්මනින් ගෙදරදීම පැටිස් හදා ගන්නේ කොහොමද කියලා. බලන්නකෝ වෙනදා කන පැටිස් වගේද කියලා ඔයාම හදාගන්න පැටිස් එකේ රස.
අවශ්‍ය ද්‍රව්‍ය මොනවද ?
- පිටි 250g
- බිත්තර 01
- බටර් 25g
- ලුණු ටිකක්
- ගම්මිරිස් කුඩු ටිකක්
- grate කරපු cheese
- Oil

කොහොමද හදන්නේ?
- බිත්තරය හොදින් beat කරගන්න
- ඊළගට පිටි, බටර්, ලූණු වලට beat කරගත්ත බිත්තරය දාලා mix කරලා අතේ නොඇලෙන ආකාරයට අනාගන්න.
- ඒ මිශ්‍රණයට චීසුයි ,ගම්මිරිස් කුඩුයි දාලා කලවම් කරලා තියාගන්න.
- දැන් හදාගත්ත පිටි ගුලිය රෝලින් පින් එකකින් තුනීකර ගන්න.
- ඊට පස්සේ අවශ්‍ය තරමේ රවුම් කපාගෙන ඒ රවුම් මැදට චීස් ටිකක් තියලා ඒක නවාගන්න.
- දැන් රත්වූ ගැඹුරු තෙලේ දාලා රන්වන් පාට එනකන් බැදගන්න.
- හොඳට බැඳිලා නිවුනට පස්සේ රස බලන්න පුළුවන්.
හවසට තේ වෙලාවට, ඔයාට පැටිස් කන්න හිතුනම හැමදාම කන පැටිස් එකම කන්නැතුව ටිකක් වෙනස් විදියේ මේ වගේ cheese පැටිස් එක හදන්න අමතක කරන්න එපා.ඒ වගේම තමයි ගෙදරට එන අයට serve කරන්නත් අමතක කරන්න එපා.මොකද මේක ගොඩක් රස නිසා එයාලා කැමති වෙයි.



