ආඝාතය එහෙමත් නැත්නම් අංශභාගය කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේම ජනප්‍රිය වෙලා තියෙන රෝගයක්. මේක ගොඩක් වෙලාවට ඇති වෙන්නේ වයසින් වැඩි අයට.හැබැයි ඒ කොහොම වුණත් මේ වෙනකොට කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වාම මේ රෝගය ඇති වෙනවා.අංශභාගය ඇති වෙන්නේ එක හේතුවක් නිසාම නෙමෙයි.හේතු ගොඩක් තියෙනවා.අංශභාගය ඇති වෙන්නේ මොළයට රුධිරය සපයන රුධිර වාහිනියක් අවහිර වීම හෝ පුපුරා යාම නිසා.එම රුධිර වාහිනියෙන් රුධිරය සපයන මොළයේ කොටස,ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාම නිසා මිය යනවා.ඒ නිසා මොළයේ අක්‍රිය වූ කොටසින් පාලනය වන සිරුරේ කොටස් අක්‍රිය වෙනවා.ඉතින් මේ රෝගය ගැන හැමෝම දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි
ඔබ දන්නවාද?

- සෑම පුද්ගලයන් හය දෙනෙකුගෙන් එක් අයෙකුට ජීවිතයේ යම් දිනක අංශභාගය (Stroke) වැළඳීමට හැකියාව තියෙනවා.
- ශ්‍රී ලංකාවේ රෝහල් තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා තෙවනුවට වගකිව යුත්තේ අංශභාගයයි.
අංශභාගය (Stroke) ඇති වෙන්නේ ඇයි?

- අධික රුධිර පීඩනය
- දියවැඩියාව
- වැරදි ආහාර පුරුදු
- දුම් පානය (සක්‍රිය හෝ අක්‍රිය)
- මධ්‍යසාර භාවිතා
- හෘද ස්පන්දනය අක්‍රමවත් වීම
- අධික කොලොස්ටරෝල්
- ක්‍රියාශීලි නොවීම
රෝග ලක්ෂණ මතු වුණොත් මොකද කරන්නේ ?
රුධිර සැපයුම අඩු වෙලා කාලයක් ගතවෙනකොට මොළයට හානි සිදු වීම වැඩි වෙනවා.ඒ නිසා රෝග ලක්ෂණ මතු වුණාට පස්සේ හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යාම වැදගත්.නිවැරදි ප්‍රතිකාර හැකි ඉක්මනින් ලබා දෙන්න පුළුවන් නම් රෝගය සුව කරගන්න හැකියාව තියෙනවා.
රෝගය හඳුනා ගන්නේ කොහොමද ?

Face – මුහුණ පරීක්ෂා කර, කට ඇදවී පැත්තකට ගොස් ඇතිදැයි බලන්න.
Arm – ඉදිරියට අත් දිගුකර අත් එම ආකාරයටම තබා ගැනීමට නොහැකි දැයි බලන්න.
Speech – රෝගියාට කථාව අපැහැදිලි දැයි බලන්න
Time – ඉහත ලක්ෂණ පවතිනවා නම් ඉක්මනින් රෝහල වෙත ගෙන යන්න
අංශභාගය වලක්වා ගන්න මොනවද කරන්න පුළුවන්

- Fresh එළවළු සහ පලතුරු ආහාරයට ගන්න
- දුම් පානය සහ දුම්කොළ භාවිතය වලකින්න
- මත්පැන් පානය කරන්න එපා
- දිනපතා exercise කරන්න
- අධික තෙල් සහිත සහ පිටි සහිත ආහාර ගැනීමෙන් වලකින්න
- දිනකට ලුණු තේ හැඳි භාගයකට වඩා භාවිතා කරන්න එපා
- අධි රුධිර පීඩනය ,හෘද රෝග ,දියවැඩියාව සහ කොලොස්ටරෝල් සඳහා නිසි ප්‍රතිකාර ලබා ගන්න
අංශභාග අවදානම තියෙන තවත් අය

- පිරිමි පාර්ශවයට සාපේක්ෂව කාන්තා පාර්ශවයට මෙම රෝගය වැළඳීමේ අවදානම තියෙනවා
- කාන්තාවන් 10 දෙනෙකුගෙන් 02කට වගේම පිරිමි පාර්ශවයේ 10 දෙනෙකුගෙන් 01 හෝ 02 කට අංශභාගය වැලඳෙනවා.
- මිට කලින් අංශභාගය හැදිලා තියෙනවා නම් නැවත වරක් ඇති වීමේ ප්‍රවණතාවය තියෙනවා
- පවුලේ රෝග ඉතිහාසය
දැන් ඔයා දන්නවා ඇයි අංශභාගය ඇති වෙන්නේ කියලා.ඒ වගේම මේ රෝගය ඇති නොවෙන විදිහට වැඩ කරන්නේ කොහොමද කියලත් ඔයා දන්නවා.ලෙඩක් හැදෙන්න කලින් ඒ ගැන කලින් දැනුවත් වෙලා ඉන්න එක ගොඩක් හොඳයි.එතකොට රෝගයෙන් වැලකෙන්නේ කොහොමද කියන එක ඔයා දන්නවා.ඉතින් දැන් බය වෙන්න දෙයක් නැහැ.මේ වගේ රෝග ලක්ෂණයක් තියෙන කෙනෙක් දැක්කොත් ඉක්මනින්ම hospital එකකට එක්කගෙන යන්න



