කොරෝනා වසංගතයෙන් පස්සේ රට යළි යථා තත්වයට පත් කරලා තියෙනවා. ඒ සමඟම රැකියා ස්ථාන, ව්‍යාපාර එකින් එක විවෘත වෙමින් පවතිනවා. ගෙවල් වල ඉඳන් රැකියාවට යන අය වගේම ගොඩක් දෙනෙක් Board වෙලා ඉඳලා රැකියා වලට යන අයත් ඉන්නවා. ඒ විදිහට බෝඩිමේ ඉඳලා වැඩ යන අය ගොඩක් පරිස්සම් වෙන්න ඕන. මොකද සමහර විට ඔයා ඉන්න බෝඩිමේ තව යහළුවන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ හින්දා මේ උපදෙස් ඔයාට ගොඩක් වටිනවා.
සෞඛ්‍ය පුරුදු දිගටම තියාගන්න

කොරෝනාවට බයේ මුල් දවස්වල හැමෝම පරිස්සම් වුණාට දැන් පරිස්සම එන්න එන්නම ගිලිහී යනවා. ඒත් බෝඩිමේ ජීවත් වෙනවා නම් පරිස්සමට අනුගමනය කරපු පුරුදු දිගින් දිගටම පවත්වාගෙන යා යුතුයි. නිතර අවම වශයෙන් තත්ත්පර 20ක කාලයක්වත් වැය කරලා හොඳින් අත් සෝදන්න, කිවිසුම් යවද්දී නාසය තමන්ගේ වැළමිටින් ආවරණය කර ගන්න, අත්‍යාවශ්‍ය දෙයකට හැර සෙනග ගැවසෙන ස්ථානවලට යාමෙන් වැළකීම, තමන් නිතර භාවිතා කරන දේවල්වල පිරිසිදුකම රැකීම වගේ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන්න.
ඒ වගේම දෑත් පිරිසිඳු කර ගැනීමට විසබීජ නාශක දියරයක් භාවිතා කරන්න.මොකද අපි එලියට ගිහින් එනකොට අපේ ඇසට නොපෙනෙන විසබීජ ගොඩක් අරගෙන එන්නේ.ඒ විසබීජ විනාශ කරන්න හොඳ Hand Sanitizer එකක් පාවිච්චි කරන්න.වෙළදපොලේ මේ වෙනකොට ගොඩක් Hand Sanitizer වර්ග තියෙනවා.හැබැයි ඒ හැම Hand Sanitizer එකක්ම හොඳ ප්‍රමිතියකට නිෂ්පාදනය කරලා තියෙන ඒවා නෙමෙයි.ඒ නිසා නියමිත ප්‍රමිතියක් තියෙන Hand Sanitizer එකක් නිතරම භාවිතා කරන්න
දුරස්ථභාවය පවත්වා ගන්න

එකම කාමරයේ ඉන්න යහළුවන්ව මගහැරලා ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. හැබැයි මේ අවස්ථාවේදී සමාජ දුරස්ථභාවය වැදගත්. එක බෝඩිම් කාමරයක් බෙදා හදාගෙන ඉන්න අයටත් ඒක විශේෂයෙන්ම අදාළයි. බෝඩිම් කාමරයක හිටියත් දෙන්නෙක් අතර දුරස්ථභාවය අවම වශයෙන් මීටර දෙකක්වත් තියා ගන්න උත්සාහ කරන්න. බෝඩිම් ජීවිතේදි කට්ටිය එක්ක එකට කරන සෙට්වීම්, විෂබීජ හුවමාරු වෙන්න පුළුවන් කාඩ්, කැරම් වගේ සමීප ක්‍රීඩාවලිනුත් මේ කාලය ඇතුළෙදි වළකින්න.
එකිනෙකා අතර එකඟතාවය සහ විශ්වාසය

බෝඩිමේ ඉද්දී අන් අය සමඟ හොඳ විශ්වාසයක් එකඟතාවයක් පවත්වාගෙන යන එක ඉතාම වැදගත්. ඒ කිවුවේ පිරිසිදුකම හොඳින් රැකගැනීම, අනවශ්‍ය දේවල්වලට එළියට ගොස් හෝ සෙනග ගැවසෙන තැන් වලට යෑමෙන් වැළකීම, තමන්ට යම් ශාරීරික අපහසුතාවයක් තියෙනවා නම් ඒ ගැන නොසඟවා අනිත් අයට දැනුම් දීම, අනිත් අයගේ බඩු භාණ්ඩ පරිහරණය නොකිරීම, පිටතින් පුද්ගලයන් බෝඩිම තුළට රැගෙන ඒමෙන් වැළකීම වගේ දේවල් සම්බන්ධව එකිනෙකා අතර එකඟතාවයක් හදාගෙන හොඳ විශ්වාසයක් සහිතව ඒවා පවත්වාගෙන යන්න.
දේවල් බෙදා හදා ගැනීමෙන් වළකින්න

ඔයා මීට කලින් බෝඩිමේදී එකම සබන් කැටේ ගාන්න ඇති, එකම තුවායෙන් පිහදාන්න ඇති, එකම බත් එක බෙදාගෙන කන්න ඇති. හැබැයි දැන් ටික කාලයකට ඒවායෙන් වළකින්න. විශේෂයෙන්ම තමන්ගේ සනීපාරක්ෂක උපකරණ ඇතුළුව, එදිනෙදා කන්න බොන්න පාවිච්චි කරන පිඟාන වතුර බෝතලය පවා කා එක්කවත් බෙදාගන්නේ නැතිව තනිවම පාවිච්චි කරන්න හුරු වෙන්න. පාවිච්චි කරන උපකරණ වුණත් සෑම විටම පිරිසිදු කරන්න.
නිතර ස්පර්ෂ වෙන මතුපිටවල් පිරිසිදු කරන්න

නිතර ස්පර්ෂ කරන වැසිකිළි, ටැප් සහ සින්ක්, දොරවල්වලට එන හැඩ්ල්ස්, යතුරු, රිමෝට්, ස්විච්, ෆ්‍රිජ් ඇතුළු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අඩුම තරමේ දවසකට දෙවරක්වත් හොඳින් විෂබීජ නාශකයක් භාවිතායෙන් පිරිසිදු කරන්න.
ඒ වගේම දෑත් පිරිසිඳු කර ගැනීමට විසබීජ නාශක දියරයක් භාවිතා කරන්න.මොකද අපි එලියට ගිහින් එනකොට අපේ ඇසට නොපෙනෙන විසබීජ ගොඩක් අරගෙන එන්නේ.ඒ විසබීජ විනාශ කරන්න හොඳ Hand Sanitizer එකක් පාවිච්චි කරන්න.වෙළදපොලේ මේ වෙනකොට ගොඩක් Hand Sanitizer වර්ග තියෙනවා.හැබැයි ඒ හැම Hand Sanitizer එකක්ම හොඳ ප්‍රමිතියකට නිෂ්පාදනය කරලා තියෙන ඒවා නෙමෙයි.ඒ නිසා නියමිත ප්‍රමිතියක් තියෙන Hand Sanitizer එකක් නිතරම භාවිතා කරන්න
ඉවුම් පිහුම්

ගොඩක් බෝඩිම් වල තියෙන්නේ බෙදා හදාගෙන පාවිච්චි කරන්න වෙන මුළුතැන්ගෙයක්. සමහරු එකතුවෙලත් ඉවුම් පිහුම් කටයුතු සිදු කරනවා. හැබැයි පුළුවන් නම් මේ කාලේදී තම තමන්ගේ ආහාර තමන් විසින්ම පිළියෙල කරගන්න වග බලාගන්න එක තමයි හොඳ. කිහිපදෙනෙක් එකවර මුළුතැන්ගේ භාවිතා කරලා උයන පිහන කටයුතු කරන එකත් එච්චර සෞඛ්‍යආරක්‍ෂිත නැහැ. ඒ නිසා එකිනෙකාට උයා පිහාගන්න වෙන වෙනම කාලසටහනක් හදාගන්න බලන්න. උයල පිහල ඉවර වුණාට පස්සේ තමන් භාවිතා කරපු භාණ්ඩ සහ පෘෂ්ඨයන් හොඳින් පිරිසිදු කරන එකත් ඉතාම වැදගත්.
ඉතින් මෙන්න මේ දේවල් ගැන හොදට හිතලා බලලා යාළුවොත් එක්ක ඉන්න.හැමෝම පරිස්සම් වෙන්න.හැබැයි කාත් එක්කවත් තරහා වෙන්න නම් එපා.මොකද දැන් තියෙන තත්වේ ගැන හැමෝම දන්නවනේ



