Like
Like Love Haha Wow Sad Angry

ගොඩක් වෙලාවට පැළුණු දෙපා නිසා ඔයා මහත් පීඩාවට පත්වෙනවා. තැනකට ගිහින් සෙරප්පු ගලවන්නත් ලැජ්ජයි. ඒ හින්දම මට හිතුණා ගෙදරදීම පැළුණු දෙපා සුවපත් කරන ප්‍රතිකර්ම කිහිපයක් ගැන කියන්න.

මවුත් වොෂ් සහ විනාකිරි

අවශ්‍ය ද්‍රව්‍ය

  • මවුත් වොෂ් කෝප්ප 01ක්
  • සුදු විනාකිරි කෝප්ප 02ක්
  • ජලය කෝප්ප 02ක්

සිදු කරන ආකාරය

  • බේසමකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
  • දෙපා බේසමට බස්සා විනාඩි 15ක් පමණ සිටින්න.
  • එවිට දෙපතුල හොඳින් පෙඟී මළ සෛල බුරුල් වෙනවා.
  • ඉන් පසුව අතුල්ලන ගලක් හෝ බ්‍රෂ් එකක් ගෙන යටිපතුල අතුල්ලමින් මළ සෛල ඉවත් කර ගන්න.
  • අවසානයේදී පිරිසිඳු ජලයෙන් සෝදා ගන්න.
  • දෙපයේ ජලය වේලුනු පසු කෝමාරිකා සහ ආමන්ඩ් අඩංගු මොයිස්චරයිස් ක්‍රීම් එකක් ආලේප කරන්න.
  • ඔයාගේ පැළුණු දෙපතුල් සුව වන තුරු මේ Treatment දිනපතා සිදු කරන්න

බේකින් සෝඩා

සිදු කරන ආකාරය

  • මඳ උණුසුම් ජල බේසමකට බේකින් සෝඩා මේස හැඳි 03ක් එක් කර හොඳින් මිශ්‍ර කරන්න.
  • පසුව දෙපා එහි විනාඩි 10ක් පමණ පොඟවා ගන්න.
  • ගලක් ආධාරයෙන් දෙපතුල් ස්ක්‍රබ් කර ගන්න.
  • ඉන්පසු පිරිසිඳු ජලයෙන් දෙපා සෝදා, තුවායකින් පිසදා ගන්න.
  • මෙය සතියට දෙවතාවක් පමණ සිදු කරන්න.

කෝමාරිකා ජෙල්

සිදු කරන ආකාරය

  • රාත්‍රී නින්දට පෙර දෙපා මඳ උණුසුම් ජලයේ දමා ස්ක්‍රබ් කර ගන්න.
  • ඉන් පසුව දෙපා වියලාගෙන කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
  • පසුව කොට්න්, සුව පහසු මේස් යුවලක් පැළඳගෙන නින්දට යන්න. උදෑසන මඳ උණුසුම් ජලය භාවිතා කර සෝදා දමන්න.
  • මෙය එක දිගට දවස් 4ක්, 05ක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.

මීට අමතරව ඔයාට පුළුවන් කකුල් හොඳින් පිරිසිදු කරගෙන කහ සාරය සහ සල් ශාකයේ ඉටි අඩංගු වෙලා තියෙන Foot Care Cream එකක් ආලේප කරන්න. එමඟින් දෙපා වල ඇති අවපැහැ ගැන්වීම් අවම කර විලුඹ පැලීම පාලනය කරනවා. ඒ වගේම දෙපා මත ඇති අඳුරු ලපකැළැල් ඉවත් කර දෙපා සුසිනිදු කර ගන්නත් පුළුවන්

පැළුණු දෙපා සුවපත් කරගන්න මේ ක්‍රම අදම කරලා බලන්න. ඔයාටත් පුළුවන් නිරෝගී සහ ලස්සන දෙපා යුගළක හිමිකාරියක් වන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here