3
ඔයාට ලස්සන කකුල් දෙකක් තියෙනවා කියන්නේ නිරෝගීකමේ, පිරිසිඳුකමේ සලකුණක්. ගොඩක් අය මුහුණට මොනතරම් සත්කාර කළත් කකුල් දෙක ගැන නම් හිතන්නේ නැහැ. සමහර අයගේ නම් මුහුණ සුදුයි, පිරිසිදුයි, ඒත් කකුල් කළුයි, අපිරිසිදුයි. එකට කරන්න පුළුවන් හොඳම දේ තමයි Pedicure එකක් කරන එක. එය ටිකක් වියදම් වෙන වැඩක්. ඒ හින්දා මම හිතුවා ගෙදරදීම Pedicure එකක් කරගන්න විදිහ ඔයාට කියලා දෙන්න.
අවශ්‍ය දේවල්
- උණු වතුර බේසමක්
- bath salt / ෂැම්පු
- හොඳ Foot Scrub එකක්
- Nail file
- pumice ගලක්
- Nail Polish Remover එකක්
- පිරිසිඳු තුවායක්
- Moisturizer ක්‍රීම් එකක්
සිදු කරන ආකාරය
නියපොතු සත්කාරය

- Nail Polish Remover වලින් පරණ කියුටෙක්ස් මකන්න.
- නියපොතු කපන කටර් එකෙන් නියපොතු ලස්සනට කපාගන්න.
- හැබැයි නියමල හැරෙන්න ගැඹුරට කපන්න එපා. ඔයා කැමති හැඩයකට කපන්න.
- නියපොතු අග සුමට කරන nail filler එකෙන් පරිස්සමට කපපු නියපොතු ගා ගන්න.
කකුල් ජලයෙන් පොඟවන්න

- උණු වතුර බේසමට ලුණු සහ Shampoo ස්වල්පයක් එකතු කරන්න.
- ඉන්පසු දෙපය විනාඩි 20 ක් පමණ එහි ඔබාගෙන සිටින්න.
- පසුව දෙපා තුවායෙන් පිසදමන්න.
ස්ක්‍රබ් කරන්න

- Foot Scrub ස්වල්පයක් දමා දෙපා හොඳින් ස්ක්‍රබ් කරන්න.
- ඇඟ අතුල්ලන pumice ගලක් අරගෙන සුමුදු ලෙස යටිපතුලේ ඇති තද වූ මැරුණ සම ඉවත් කරන්න.
- මේ මැරුණ සම යටිපතුලෙන් ඉවත් නොකළොත් සම තදවෙලා ඔයාගේ යටිපතුල් පැලෙන්න පටන් ගන්නවා. එමගින් යටිපතුල ආසාධන වලට ලක් වෙන්නත් පුළුවන්.
- නියපොතු ස්ක්‍රබ් කරන nail scrubber එකෙන් නියපොතු අතුල්ලන්න. යටිපතුල පමණක් නොවෙයි වලලුකර දක්වාම හොඳින් දෙපය ස්ක්‍රබ් කරන්න ඕන.
- ඉන්පසු කකුල් වතුරෙන් හෝදලා තුවයෙන් පිස දමන්න.
Moisturizer ක්‍රීම් ආලේප කරන්න

- ඔයාගේ දෙපා දැන් හොඳට පිරිසිඳුවෙලා තියෙන්නේ.
- ඒත් එක්කම Moisturizer ක්‍රීම් ගාල සමේ තෙතමනය රැකගන්නත් ඕන.
- යටිපතුල්, වළලුකර සහ දණහිස දක්වා හොඳින් ක්‍රීම් ගාලා සම්බාහනය කරන්න.
- පසුව කපු මේස් දෙකක් මුළු රාත්‍රිය පුරාම දාගෙන නිදාගන්න.
- හොඳ ප්‍රතිපලයක් ලබා ගන්න නම්, මෙය සතියට දෙපාරක් කරන්න
වියළි, රළු අවලස්සන දෙපයක් ඇත්නම් ඔයාගේ මුහුණේ සහ ඇඳුම් වල ඇති සුන්දරත්වය මතුවෙන්නේ නැහැ. ඒ නිසා සැලූන් නොයා අඩු විදමකින් ගෙදරදීම මේ විදිහට පෙඩිකියෝ Pedicure එකක් කරගන්න. ලස්සන පා යුගළක් හිමි කරගන්න.
3



