සමහර Girlsලගේ skin එක ගොඩක් dry.මේ dry skin එක නිසා ඔයාගේ සම කැසීම, skin එකේ පොතු ගැලවී යාම, කොරල පිපිම සහ වෙනත් ආසාදන තත්වයන් ඇති වෙනවා.ඒ නිසාම ඔයාගේ, dry skin එක රැක ගන්න පුළුවන් pack කිහිපයක් ගැනයි මේ කියන්න හදන්නේ.
පිපිඤ්ඤා

අවශ්‍ය ද්‍රව්‍ය
- පිපිඤ්ඤා ගෙඩි භාගයක්
- සීනි මේස හැඳි 1ක්
සකස් කරගන්නා ආකාරය
- පිපිඤ්ඤා ගෙඩියේ පොතු හැර මදය පොඩි කර ගන්න.
- එයට සීනි එකතු කර ශීතකරණයේ තබන්න.
- මඳ වේලාවකින් මිශ්‍රණය පිටතට ගෙන මුහුණේ ආලේප කරන්න.
- විනාඩි 10කට පසු සිසිල් ජලයෙන් සෝදා හරින්න.
කෙසෙල්

අවශ්‍ය ද්‍රව්‍ය
- හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි භාගයක්
- මී පැණි මේස හැඳි 1ක්
- ඔලිව් ඔයිල් මේස හැඳි 1ක්
සකස් කරගන්නා ආකාරය
- කෙසෙල් ගෙඩි භාගය හොඳින් පොඩි කර ගන්න.
- මී පැණි සහ ඔලිව් ඔයිල් යොදා එකට මිශ්‍ර කරන්න.
- මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි 10කට පසු සෝදා හරින්න.
පැණි කොමඩු

අවශ්‍ය ද්‍රව්‍ය
- පැණි කොමඩු යුෂ මේස හැඳි 1ක්
- මී පැණි මේස හැඳි 1ක්
සකස් කරගන්නා ආකාරය
- කොමඩු යුෂ සහ මී පැණි එකට මිශ්‍ර කර මුහුණේ ගල්වන්න.
- විනාඩි 20කට පමණ පසු සෝදා ඉවත් කරන්න.
මේ දේවල් කර කර ඉන්න ඔයාට වෙලාවක් නැත්නම්, ඔයාට තියෙන ලේසිම ක්‍රමය තමයි fairness pack එකක් භාවිතා කිරීම. විශේෂයෙන්ම ඇපල්, අන්නාසි , කොමඩු, දොඩම මිශ්‍ර pack එකක් භාවිතා කිරීම ගොඩක් වැදගත්. මෙම ශාකසාර අඩංගු fairness pack එකකින් මුහුණේ ඇති රැළි වැටීම්, එල්ලා වැටීම නැතිකර දිදුලන රන්වන් පාට සමක් ලබාදෙනවා. එමෙන්ම සමේ ඇති ලප කැළැල් මකා දැමීමට ද මෙම pack එකට පුළුවන්.
Dry skin එකක් තියෙන ඔයාට මෙම ක්‍රම නිවාඩු පාඩුවේ අත්හදා බලන්න. ඔයාගේ Skin එකේ dry බව නැති කර නිරෝගීමත් සමක් ලබා ගන්න.ඒ වගේම මෙම pack එක සතියකට තුන්වරක් පමණ භාවිතා කිරීම වඩාත් සුදුසුයි.



