නිදාගද්දී අදින්න ඕන මොන වගේ ඇඳුම් කියලා ඔයා දන්නවද? නැහැ නේද? ගොඩක් අය කරන්නේ අතට අහුවෙන ඕනම ඇඳුමක් ඇඳගෙන නිදාගන්නවා.හැබැයි ඔයා දන්නවද, ඔයා නිදාගන්න අඳින ඇඳුමෙන් තමයි ඔයා නිදාගන්න කාලය සහ ඔයාගේ සුපහසුව තීරණය කරන්නේ. නැත්නම් සැරෙන් සැරේ ඔයාගේ නින්ද කැඩෙන්න පුළුවන්. එය අධි රුධිරපීඩනය, දියවැඩියාව, හෘදය රෝග, කොඳු ඇටපෙළ සහ අස්ථි ආශ්‍රිත රෝග සඳහාද බලපෑම් කරනවා. ඒ නිසා නිදාගන්න කලින් අඳින ඇඳුම් ගැනත් වැඩි පුර හිතන්න වෙනවා. ඔයා නින්දට යද්දී මෙන්න මේ ඇඳුම් ඇන්දොත් ඔයා ලෙඩ වෙන්න පුළුවන් කියාලා ඔයා දැනගෙන හිටියද?
යට ඇඳුම්

ගොඩක් අය හුරුවෙලා ඉන්නවා තමන්ගේ යට ඇඳුම් ඇදගෙන නිදාගන්න. දවස පුරාම ඔයාගේ ලිංගික අවයව ආවරණය වෙලයි තියෙන්නේ. ඒ නිසා ඔයාගේ ලිංගික අවයව රාත්‍රී කාලයේත් තද යට ඇඳුම්වලින් තදකරගෙන ඉන්න එක එතරම් හොඳ දෙයක් නෙවෙයි. මොකද එමඟින් ලිංගික අවයව වල බැක්ටීරියා නිසා ආසාදනයන් සහ මස්පිඩු ආශ්‍රිත ආබාධ ඇතිවෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම girlsලගේ ලිංගාශ්‍රිතව ඇති වන ආසාදනයන්, හිරිවැටීම්, වේදනාවන්ට හේතුවක් වෙන්නේ අධික තද යට ඇඳුම් වැඩි කාලයක් ඇඳගෙන සිටීමයි. ඒ නිසා රාත්‍රී කාලයට යට ඇඳුම් ඇඳගෙන නිදාගන්න එක එච්චර සුදුසු නැහැ.
තද ඇඳුම්

ගොඩක් girlsලා ගෙදරට අඳින්නේ තද ඇඳුම්. තද ගවුම්, කලිසම්, ටී ෂර්ට් වගේ දේවල් ඇඳගෙන නින්දට යනවා කියන්නේ ශරීරයේ දහඩිය පිටවෙන්න, ශරීරයේ මස්පිඩු ලිහිල් වෙන්න වගේම සිරුරට අවශ්‍ය සුවපහසුව නැති වෙන්න පුළුවන්. මේ හේතුවෙන් සමේ රෝග වුණත් විය හැකියි. විශේෂයෙන්ම සමහර රෙදි වර්ග වලින් රාත්රීයේදී ශරීරයෙන් පිටවෙන උණුසුම පිටනොවීම නිසා සෞඛ්‍ය ගැටළු රැසකට ඔයාට මුහුණ දෙන්න සිදු වේවි.
Bra

සමහර Girlsලා Bra එක නැතුව නිදාගන්න යන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් දහවල් කාලයේදී ඇඳුම් අඳිද්දි ශරීරයේ හැඩය පවත්වාගන්න සහ පියයුරුවල ආරක්ෂාවට Bra ඇඳගෙන සිටිනවා. හැබැයි රාත්‍රී කාලයේත් මේවා ඇඳගෙන නින්දට ගියොත් ආබාධ ගොඩක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම Bra නිසා පියයුරු ආශ්‍රිත ප්‍රදේශවල උෂ්ණත්වය වැඩි වීම නිසා විවිධ රෝග ඇතිවීම වගේම පියයුරු පිළිකාවලට දැඩි ලෙස බලපානවා. ඒ හින්දා වැරදිලාවත් ලැජ්ජාවට හරි පුරුද්දට හරි Bra ඇඳගෙන නින්දට යන්න එපා.
Makeup

ඇතැම් Girls ලා Makeup දාගෙනම නිදාගන්නවා. ඇත්තටම ඒක හොඳ පුරුද්දක් නෙවෙයි. එමඟින් සිදු වන්නේ සමට ලැබෙන ස්වාභාවික උණුසුම සහ වායුවල පෝෂණය අහිමි වීම. මොකද Makeup එක ලේයර් එකක් වගේ සමට උඩින් තියන නිසායි. ඒ වගේම සමෙන් පිටවෙන දහඩිය සහ වෙනත් අපද්රව්ය Makeup වල ඇති රසායනික ද්රව්ය සමඟ ප්රතික්රියා කිරීම නිසා මුහුණ හා සම ආශ්රිත,දද,කුෂ්ට වගේ විවිධ රෝග දේ ඇති වෙන්න පුළුවන්.ඒ නිසා නින්දට කලින් හොඳින් Makeup ඉවත් කරන්න අමතක කරන්න එපා.
ආභරණ

ඇඳුම් විතරක් නෙවෙයි මාල,මුදු,වළලු වගේ දේවල් පැළඳගෙන නිදාගන්න එක එතරම් හොඳ නැහැ. මොකද තද මුදු සහ වලලු වගේ දේවල් නිසා රාත්‍රී කාලයේදී ලේ ගමනාගමනයට බාධා වීම නිසා බරපතල රෝග තත්වයන් ඇතිවිය හැකියි. ඒ නිසා රාත්‍රී නින්දට කලින් මේ ආභරණ ඉවත්කරලා නිදාගන්න වග බලාගන්න.
ඒ නිසා රාත්‍රියේදී නිදාගන්න කලින් පුළුවන් තරම් සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන නිදාගන්න. රාත්‍රී ඇඳුම් වියළි, හොඳ පිරිසිදු ඇඳුම් භාවිතා කරන්න. උපන් ඇඳුම නම් වඩාත් යෝග්‍යයි .



