Like
Like Love Haha Wow Sad Angry
2

කාන්තාවන් හැමෝම එක වගේ නැහැනේ.මොකද සමහර අය ගොඩක් හොඳයි.තවත් අය හරිම නපුරුයි සැරපරුෂයි.හැම තැනම ඉන්නවා ඒ වගේ හොඳ අය වගේම නරක අයත්.ඕනේ තරම් ඔයාට ඇහිලා ඇති අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියන අය.ඒ කොහොම වුණත් හැමෝටම වැදගත් කාන්තාවක් වෙන්න අමාරුයි.හැබැයි ඇඳුම් පැළඳුම් වලින් නම් නෙමෙයි.ඒ වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න තියෙනවා.ඉතින් අපි බලමු ඒ මොනවද කියලා

01) Shh… Learn to speak

වැදගත් කාන්තාවක් වෙන්න නම් මුලින්ම ඔයාට කරන්න වෙන්නේ කතා කරන වචන control කරන එක.සමහර වෙලාවට ඉන්න තැන මතකත් නැහැ ඔහේ කියවනවා.ඔක්කොම ඉවර වුණාට පස්සේ තමයි මතක් වෙන්නේ මම ඉන්නේ කොහෙද.මොකද කරන්නේ කියන දේ.ඉතින් ඒ නිසා ඔයා දෙයක් කියන්න කළින් හොඳට හිතලා බලලා කතා කරන්න.කිසිම control එකක් නැතුව ඔහේ කියවන්න පටන් ගන්න එපා.කිසිම පාලනයක් නැතිව වචන use කරද්දී හානි වෙන්නේ ඔයාගෙම පෞර්ෂයටමයි.යාළුවෝ එක්ක හැසිරෙන විදිහ හැමතැනටම Match වෙන්නේ නැහැ.

02) First impression එක තමයි වැදගත්ම

ගොඩක් relationship වල ආරම්භය තමයි ඔය first impression කියන එක.ඒ කියන්නේ පළමු දැක්ම.සමහර boysලා කියන්නෙත් මම ඔයාව දැකපු පලවෙනි දවසෙම තමයි ඔයා ගැන idea එකක් ආවේ කියලා.මොන බොරුද.හැමෝටම first impression එකෙන්ම කාටවත් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ.ඒ first impression එක හොඳ විදිහට ඇති වෙන්න වැඩ කරන්න ඕනේ ඔයාමයි.මොකද එක් පුද්ගලයෙක් සමහරවිට ඔයාට meet වෙන්නේ ජීවිතේට එක පාරයි වෙන්න පුළුවන්.ඒ නිසා first impression එක ඇති වෙන විදිහට හැසිරෙන්න.කවුරුහරි කෙනෙක් ඔයාව හොඳින් හඳුනාගත්තාට පස්සේ නම් මතකයෙන් ඔයාව අමතක වෙන එකක් නැහැ.

03) Thank you and please

කවුරු හරි උදව්වක් කළාට පස්සේ ඔහේ හිනාවෙලා යන එක නෙමෙයි කරන්න ඕනේ.උදව්වක් කලාට පස්සේ Thank you කියන්න පුරුදු වෙන්න.ඒ වගේම කෙනෙක්ගෙන් දෙයක් ඉල්ලගන්න කළින් මේ word එක use කරන්න.ඔයාගේ සේවය මොන සමාජ මට්ටමක මොන තරාතිරමක කෙනෙක්ගෙන් ලබා ගත්තත් please කියන වචනය use කරන්න try කරන්න.ඒ වගේම service එක ලබා ගත්තට පස්සේ ස්තූති කියන්න අමතක කරන්න එපා.

04) කන්නත් phone එක ඕනේද?

දැන් කාලේ හැමෝගෙම trend එක phone එකයි ear phone එකයි.ඇත්තටම වැදගත් විදිහට හැසිරෙන කෙනෙක් නම් එහෙමද? ඔයාට වැදගත් විදිහට ඉන්න ඕනේ නම් ඒකට කරන්න තියෙන්නේ phone එක vibration mode දාලා hand bag එකට දාගෙන අවශ්‍ය වෙලාවට විතරක් එළියට ගන්න.අනිත් කාරණය තමයි call එකක් ආවහම තැනක් නොතැනක් නැතුව මහා සද්දෙට කතා කරන එක.ඒ වැඩේ නම් කරන්න එපා.Private දෙයක් නම් ඔයා ඉන්න place එකත් එක්ක කතා කරන්න බැරි බව ඔවුන්ට දන්වන්න.සමහර අයට call එකක් ආව ගමන් ඉන්න තැනත් අමතක වෙලා තමන්ගෙ මුළු කතාවම ළඟ ඉන්න අයටත් ඇහෙන්නම කියනවා.මේ වගේ වැඩ වලින් අනිත් අයට කරදරයක් වගේම ඔයාගේ පෞර්ෂයට හානී වෙනවා.

05) කැපී පෙනීම සහ ඉරියව්

හැම තැනකටම එකම ඇඳුම match වෙන්නේ නැහැනේ.ඒ නිසයි එක එක තැන් වලට ගැලපෙන ඇඳුම් වෙන් කරලා තියෙන්නේ. Party එකකට යනවා නම් පන්සල් යන විදිහට යන්න බැහැ.එකේ අනිත් පැත්තත් ඉතින් එහෙම තමයි.ඒ නිසා තැනකට යනවා නම් ඒ තැනට ගැලපෙන විදිහට යන්න පුරුදු වෙන්න.ඒ වගේම ඔයාගේ සිරුරේ හැඩයට ගැලපෙන අවස්ථානුකූලව සහ තම පෞර්ෂය පෙන්වන විදිහට අඳින්න.

අනිත් කාරණය තමයි ඉරියව්.ඔයා ඉඳගන්න ඉරියව්වෙන් ගොඩක් දේවල් කියවෙනවා.ඒ නිසා කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න.කකුලක් පිට කකුල දමා ගෙන වාඩි වෙන එක නම් ඔයාට හුරු, පැත්තට හැරිලා කකුලක් පිට කකුලක් දමාගන්න. හැබැයි කකුල් ඉදිරිපසට හරවා කකුලක් පිට කකුලක් දමා ගැනීම අශෝභන ක්‍රියාවක්.ඇවිදින විට වට පිට බල බල උරහිස් කඩා වැටී පරාජිත ස්වරූපයෙන් ඇවිදින්න එපා.සෘජුව ඇවිදින්න.

තැනක ඉන්නා විට, කෙනෙක් සමඟ කතා බහ කරන විට පවා ඔබේ ඉරියව් ගැන සිහියෙන් ඉන්න.හිස කසමින්, නියපොතු කඩමින්,ඇඟිල්ලෙන් බිම හාරමින් කතා කරන එක වැදගත් විදිහට ඉන්න කෙනෙක්ට ගැලපෙන්නෙ නැහැ.

06) පිරිසිදුකම සහ පිළිවෙල

Clean එක වගේම පිළිවෙල කියන එක හැමෝම ළඟ තියෙන්න ඕනේ දෙයක්.ඒ නිසා ඇඳුම පැළඳුම් පිරිසිදුව සහ ඔයාගේ පිරිසිදුකම රැකගන්න.කෙනෙක්ට ඔයාව ප්‍රියමනාප වෙන්න නම් ඔයාගේ පිරිසිදුකම ගොඩක් වැදගත්.ඒ වගේම ඔයා ඉන්න වට පිටාව,ඔයාගේ නිවස, කාමරය සහ කාර්යාල මේසය පිරිසිදුව පිළිවෙලට තබාගන්න.මේ දේවල් Professional කෙනෙක් ළඟ තිබිය යුතුම ගුණාංගයි.

ඉතින් අද ඉදන් ඔයාට පුළුවන් මේ දේවල් හරියටම කරන්න.මම දන්නවා ඔයා ඒ දේවල් කරනවා කියලා.හැබැයි මම ඔයාට කරන්න පුළුවන් තව දේවල් ගොඩක් කිව්වා.Professional කාන්තාවක් වෙන්න විතරක් නෙමෙයි එදිනෙදා ජිවිතයට වුණත් මේ දේවල් ගොඩක් වැදගත් වෙනවා

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here