Love ,ප්‍රේමය,ආදරය,ආලය මේ හැම එකක්ම ඇතුලේ තියෙන්නේ ආදරණිය බැඳීම්.ආදරය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් එක එක අය එක එක උත්තර දෙයි.ආදරය කියන්නේ පිවිතුරු හැඟීමක්,ඇත්තටම ආදරය කියන්නේ ලබා ගන්න එකම නෙමෙයි.ඒත් මම එයාට ආදරෙයි,එයා නැතුව මට ඉන්න බැහැ වගේ ගොඩක් උත්තර ලැබෙයි.හැබැයි සමහර වෙලාවට ඔය මොන කතාව කිව්වත් ඒ affair යම් යම් හේතු නිසා නැති වෙන්න ඉඩ තියෙනවා.එතකොට අර කලින් කිව්වා කතා කිසිම දෙයක් කියන්නේ නැහැ,එතකොට කියන්නේ ආදරය කියන්නේ දුකක්.ආයි නම් love කරන්නේ නැහැ,එයා මාව රැවට්ටුවා,මට love නම් එපා වුණා වගේ කතා,ඒ නිසා love එපා වෙන්නෙත් නැතුව හැමදාම ආදරෙන් ඉන්න tips ටිකක් මම ඔයාට කියලා
01) විශ්වාසය නැත්නම්.

Trust එක කියන්නේ නම් affair එකක් ගෙනියන්න තියෙන හොඳම ආයුධය කියලා කිව්වොත් හරි.මොකද දන්නවද විශ්වාසය නැත්නම් කිසිම affair එකකට දිගු යුෂ නැහැ.trust එක නැති වෙන්න ප්‍රධානම හේතුව තමයි Suspicion.එහෙමත් නැත්නම් සැකය.සැකය තියෙන තැනක කවදාවත් සම්බන්ධයක් රැදෙන්නේ නැහැ.ඒ නිසා කවදාවත් affair එක ඇතුලට සැකයට නම් එන්න දෙන්න එපා.
02) සතුට වැදගත්

හැමෝම කැමති සතුටින් ඉන්නනෙ.මොකද සතුට කියන්නේ හැමෝටම හැමවෙලාවෙම ලබා ගන්න බැරි දෙයක් නිසා.ඔයාට පුළුවන් එයාව සතුටු කරන්න.ලොකු ලොකු දේවල් එයා ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.එයා හිතන්නෙවත් නැති වෙලාවක එයාට gift එකක් දෙන්න.එහෙමත් නැත්නම් එයාගේ birth day එකට එයා බලාපොරොත්තු නොවුණ එයා කැමති gift එකක් අරන් දෙන්න.එයා ඒ දේවල් බලාපොරොත්තු වුණේ නැතත් ගොඩක් සතුටු වෙයි.ඒ වගේම පුළුවන් හැම වෙලාවකම එයා වෙනුවෙන් වෙන් කරන්න try කරන්න
03) ඔයා විශේෂ කෙනෙක්ද

ආදරය කරනකොට සමහර අය ටිකක් වෙනස්.affair එක ඇතුලෙත් job එකේ position එකෙන් කතා කරන්නේ.ඔයගේ job එකේ ඔයාගේ position එක එයාට වැඩක් නැහැ.ඒ නිසා job එකේ වැඩ office එක ඇතුලේ විතරක් තියාගන්න try කරන්න.ඒක ඔයාට වගේම affair එකටත් ගොඩක් හොඳයි.ඔයා එයාට පුළුවන් තරම් ගෞරව කරන්න,ආදරය කරන්න.එය ඔයාගෙන් වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.එයට ඕනේ ඔයත් එක්ක සතුටින් ආදරයෙන් කාලය ගත කරන්න විතරයි.ඒ වගේම නිතරම එයාට ඇහුම්කන් දෙන්න,ඔයා එයත් එක්ක කතා කරන්න අද දවස ගෙවුනේ කොහොමද කියලා.ඔය එයාගෙනුත් දවස අවසානයේ අහන්න අද මොකද වුණේ.වැඩ ටික හොඳින් කර ගත්තද කියලා.එතකොට ඔයාලගේ affair එක හිතනවටත් වඩා ගොඩක් ශක්තිමත් වෙයි.
04) අනාගතයට අරමුණක්

අපි ගොඩක් වෙලාවට ජිවත් වෙන්නේ Fantasy එකක් ඇතුලේ.සමහරවිට ඒක දැන හෝ නොදැන වෙන්න පුළුවන්.ඒ කොහොම වුණත් අපි ඒ Fantasyඑකෙන් එලියට එන්න ඕනේ.නැත්නම් අපිට හරියට life එකක් ගෙනියන්න විදිහක් නැති වෙනවා.දැන් ඔයාගේ affair එකේ වුණත් target තියෙන්නේ ඕනේ.නැත්නම් ජිවිතේ ඉස්සරහට යන්න අමාරු වෙනවා.ඒ නිසා දෙන්නත් එක්ක අනාගතයට ඒ වගේ දෙයක් කරනවා.අපි Car එකක් ගමු මේ කාලේදී.ඒ වගේ දේවල් දෙන්නත් එක්ක plan කරගන්න. අනාගතය ගැන නිතරම කතා කරන්න.එතකොට තමයි affair එක ශක්තිමත් වෙන්නේ
ආදරය විදවන්නේ නැතුව විඳින්න තමයි හැමෝම කැමති.ඒ නිසා එයාගේ වගේම ඔයාගෙත් වගකීම තමයි affair එක strong කරගන්න පුළුවන් හැමදෙයක්ම කරන එක.හැබැයි ඉතින් ඔයාගෙයි එයාගෙයි love affair එක විතරක් නෙමයි අනිත් හැම affair එකක්ම ශක්තිමත් වෙන්න ඔය දේවල් ගොඩක් වැදගත් වෙනවා.ඒ කිව්වේ ගෙදර අම්මා ,තාත්තා ,සහෝදර සහෝදරියෝ ,දරුවන් හැම කෙනෙක් අතරම තියෙන සම්බන්ධතා ශක්තිමත් කරගන්න මේ දේවල් වැදගත් වෙනවා



