අපේ ගෑණු ළමයිනුයි කාන්තාවොයි හිතාගෙන ඉන්නෙ සුදු වෙන එක තමා ලස්සනම කියලා.ඔයා සුදු වෙන්න ගාන Bleaching Cream වල තියෙන රසායන වලින් Skin එකට වෙන්නෙ සුළුපටු හානියක් නෙවෙයි.ලස්සන කියන්නෙ Skin එකේ පැහැපත්කම, පිරිසිදුකම සහ නිරෝගී බව.ඒ නිසා සමේ නිරෝගීකම රැකගන්න කෘතීම ආලේපන පාවිච්චි කරන්න වෙනවා.
හැබැයි එහෙමයි කියල අතට අහුවෙන ඕන Cream එකක් මූණෙ අතුල්ලන්න හුරු වෙන්න එපා.අනික සම කියන්නෙ මුහුණේ සම විතරක් නෙවෙයි, මුළු ශරීරයේම සමේ නිරෝගීකම ගැන හිතන්න ඕන.
අද අපි මේ කියන්න යන්නේ ඔයාලා සල්ලි වියදම් කරලා ගෙනාවට හරි විදියට පාවිච්චි කරන්න නොදන්න Beauty Products හරි පිළිවෙලට use කරලා කොහොම? ඒ කියන්නේ වීදුරුවක් වගේ දිලිසෙන ලස්සනම ලස්සන glass skin එකක් ලබාගන්නේ කොහොමද කියලා.
මොකක්ද මේ Glass skin කියන්නේ?

ඔයා දැකලා තියෙනවද කොරියන් girlsලගේ මුණ මොන වගේද කියලා.Shine කරපු සුදු කඩදාසියක් වගේ.Pimple එකක් වත් මුනේ නෑ.මුළු ඇඟම එකම colour Tone එකක්.පුදුම ලස්සනක්නේ තියෙන්නේ.අන්න ඒකට තමයි glass skin කියන්නේ.
දැන් කියන්න යන්නේ ගෙදර ඉදන්ම glass skin එකක් ලබාගන්න කරන්න ඕනේ දේවල් ටික.
Double Cleansing

ගෙදරින් එළියට යන හැම වෙලාවකදීම ඔයාගේ Face එක කුණු දුවිලි වලින් පිරෙනවා.ඒ වගේම තමා ස්වාභාවිකවම මුණෙන් එන තෙල් නිසා, අපි use කරන make up නිසාත් skin එක අපිරිසිදු වෙනවා.මේ අපද්‍රව්‍ය නිසා blackheads, whiteheads, pimples ඇති වෙන්න පුළුවන්.ඒ නිසා අනිවාර්යයෙන්ම දවස අවසානයේ ඔයාගේ skin එක cleanser කරන්න නම් අමතක කරන්න එපා.Glass skin එකක් ලබාගැනීමේ 1st step එක තමා double cleansing.
Tips: Sulfate free කෝමාරිකා සහ pearl powder තියෙන cleanser එකක් තෝරාගන්න පුළුවන් නම් හොද result එකක් ගන්න පුළුවන්.
Scrub කරන්න

අපේ Skin එකේ මතුපිට මැරුණ සෛල නිපදවීමක් සිදු වෙනවා.අපි ඒවා අයින් කලේ නැත්නම් skin එක dark වෙන්න බලනවා.ඒ නිසා සතියකට වතාවක් scrub කරල skin එකේ තියෙන dead cells ගෙදරදීම අයින් කරගන්න පුරුදු වෙන්න ඕනේ.Glass skin එකකට ඕන කරන 2nd step එක තමා scrub.
Tips: Olive oil, Almond, Apricot තියෙන scrub එකක් ඔයාට use කරන්නන පුළුවන් නම් ඉක්මණටම skin එක glow කරගන්න පුළුවන්.
Toner කරන්න

ගොඩක් දෙනා toner කරන එක හිතාමතාම miss කරනවා.මොකද toner කලාම skin එක dry වෙනවා කියලා වැරදියට හිතාගෙන ඉන්න නිසා.එත් toner එකක් කියන්නේ අපේ skin එකට ඕනම කරන beauty product එකක්.Toner එකකින් වෙන්නේ ඔයාගේ skin එකේ open වුණ pores වහලා skin pimples වලින් ආරක්ෂා කරන එක.ඒ නිසා face එක wash කලාම toner කරන්න නම් අමතක කරන්න එපා.
Tips: Green tea, lemon තියෙන toner එකක් use කළොත් Glass skin එකක් ඉක්මණටම ලබාගන්න පුළුවන්.
Serum එකක් use කරන්න.

ඔයාගේ Skin එකේ collagen වර්ධනය කරලා වයසට යාම control කරන්න serum එකකට පුළුවන්.ඒ වගේම තමා pores අඩු කරන්න, wrinkles අඩු කරන්නත් serum එකකින් අපිට ලොකු support එකක් දෙනවා.Serum බිංදු කීපයක් අරගෙන මුණේ සහ බෙල්ලේ soft විදයට apply කරන්න.හැමදාම රෑට කරන්න පුළුවන් නම් ලොකු result එක ලොකු වැඩක් නෙමෙයි.
Tips: වැල්මී, Vitamin C, green tea, glutathione, කෝමාරිකා අඩංගු Night serum එකකින් නම් glass skin එකක් ලබාගන්න එක ගොඩක් ලේසි වෙනවා.
Moisturise කරන්න

Glass skin එකක් ලබා ගැනීමේ main step එක තමා moisturise කියන්නේ.Moisturiser එකකින් වෙන්නේ ඔයාගේ skin එකට හොද තෙතමනයක්, soft බවක්, glow එකක් සහ fresh බවක් ලබා දීමයි.ඒ වගේම තමා skin එකට ඕන කරන පෝෂණය ලබා ගන්නත් අපිට moisturiser එකක් use කරන්න පුළුවන්.
Tips: Lemon, කහ, කිරි, පොල් සාරය තියන moisturise cream එකක් use කළොත් ඔයාට ලස්සන skin එකක් ඉක්මණටම ලබාගන්න පුළුවන්.
Sunscreen එකක් use කරන්න.

Glass skin එකක් ලබාගන්න ඕන කරන හැමදේම අපි කිව්වනේ.ඒත් ඔයා නිතරම හිරු එළියට නිරාවරණය වෙනවා නම් අපි කරපු කිසිම treatment එකින් result එකක් ගන්න නම් හම්බවෙන්නේ නැහැ.ඒ නිසා එළියට යන හැම වෙලාවකදීම quality brand එකක sunscreen එකක් use කරන්න නම් අමතක කරන්න එපා.ඔයා එළියට යන්න විනාඩි 20 කට කලින් මුණේ බෙල්ලේ sunscreen හොදට apply කරගන්න.එතකොට ඔයාට ඉර අව්වෙන් බේරිලා ලස්සනට skin එක protect කරගන්න පුළුවන්.
ඒ වගේම ඔයාට පුළුවන් අපේ Hello Ladies Store එකෙන් ඔයාගේ Skin එකට ගැලපෙන Cleanser, Scrub, Toner සහ Moisturise මේ කියන ඕනෙම දෙයක් ගෙදරටම ගෙන්න ගන්න.
https://helloladies.lk/product-category/skin-care/
අද ඉතින් ඔයාලට කියලා දුන්නේ කොරියන් girlsලා ලස්සන වෙන්න use කරන රහස් steps ටිකක්.ඔයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා මේ treatments ටික මේ විදියටම කරලා බලන්නකෝ ඔයාටත් වීදුරුවක් වගේ දිලිසෙන glass skin එකක් ගොඩක් ඉක්මනට ලබාගන්න පුළුවන්



