Journal motivation and emotion වාර්තාවේ කියලා තියෙනවා අඬන අයට ඒ වෙනුවෙන් ඉඩ දෙන්න කියලා.කෙනෙක් අඬනවනම් ඒක නවත්තන try කරන්න එපා.කවුරුවත් fun එකට අඬන්නේ නෑනේ.හිතේ ලොකු දුකක් තියෙන නිසානේ අඬන්නේ.එයාගේ වේදනාව ඉවර වෙන තෙක් අඬන්න දෙන්න.මොකද අඬන නිසා mentally stress එක ගොඩක් දුරට අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා.ඒ නිසා අඬන අයට අඬන්න දෙන්න.
ඇඬුවට පස්සේ අලුත් life එකක්

අඬන කොට දුක අඩු වෙනවා කියලා අපි අත්දැකීමෙන්ම දන්නවනේ.ඇත්තටම කිව්වොත් අඬන්න පටන් ගද්දි ඉන්න කෙනා නෙමෙයි අඬලා ඉවර වුණාට පස්සේ ඉන්නේ.අඬලා ඉවර වුණාට පස්සේ ඉන්නේ new life එකක් තියෙන අලුත්ම කෙනෙක්.ඉතින් ඒ නිසා ඔයාලත් හිතට දුකක් දැනුනොත් දුක හිර කරගෙන ඉන්නේ නැතුව හොදට අඬන්න.ඊට පස්සේ හැමදේම අමතක කරලා දාලා අලුත්ම කෙනෙක් වෙන්න.
හොද සන්නිවේදනයක්

අඬන එකෙන් ඔයාගේ දුක, වේදනාව අනිත් අයට දැනුම් දීමක් auto සිද්ධ වෙනවා.ඔයා ප්‍රශ්නෙක ඉන්නේ කියලා කෙනෙක් දැන ගන්නේ ඔයා අඬන නිසා වෙන්න පුළුවන්.එතකොට එයාලා ඔයාගේ දුක තුනී කරන්න,එහෙමත් නැත්තනම් disturb කරන්නේ නැතුව ඔයාට නිදහසේ අඬන්න දෙන්නත් ඉදිරිපත් වෙන්න පුළුවන්.
අඬන්න ඉන්න අයගේ ඇසට ඇඟිල්ලෙන් අනිනවා.

අපේ Busy life එකකත් එක්ක අපි එක එක විදිහේ stress වලට face කරනවා.ඉතින් mentally stress එක එළියට දාන්න විවිධ ක්‍රම හොයන මේ කාලයේ ජපානයේ නම් පුදුම දෙයක් කරලා තියෙනවා.මේක නම් හරියට අඬන්න ඉන්න Girlsලාගේ ඇස් වලට ඇඟිල්ලෙන් අනිනවා වගේ වැඩක්.
Mitsui garden youtsuya කියන hotel එකේ ladies ලා වෙනුවෙන්ම rooms කීපයක් වෙන් කරලා තියෙනවා අඬන්න.හිතේ දුකක් තියෙනවා නම් hotel එකට ගිහින් room එකක් book කරලා ඇති වෙනකම් අඬන්න තියෙන්නේ.ඔයාට දුක තිබ්බට අඬන්න තරම් උත්තේජනයක් නැත්තනම් ඒ සදහාම ගැලපෙන දුක හිතෙන films වගේ දේවලුත් මේ room එක ඇතුලෙම තියෙනවා.අඬල ඉවර වුණාම කඳුළු පිහදගන්න towel පවා room එකේ තියෙනවා.හැබයි ඉතින් නිකන් නම් අඬන්න බෑ.ඔයා hotel එකට ඩොලර් 55ක් ගෙවන්න ඕනේ.ඇත්තටම පුදුමයි නේද?
දැන් තේරෙනවා නේද අඬන එක කොච්චර වැදගත් දෙයක්ද කියලා.ජපානේ සල්ලි දීලා මිනිස්සු අඬන්න පෙළඹිලා තියෙනවා.වෙන මොකක්වත් නිසා නෙමෙයි හිතේ දුක හිර කරගෙන ඉදලා stress එකක් අවොත් ගොඩක් භයානක නිසා.ඉපදුන දවසේ ඉදන් අඬනවනේ.ඉතින් අද ඉදලා ඔයාගේ කදුළු වලට වටිනාකමක් දෙන්න.තේරුමක් ඇතුව අඬන්න.



