“අනේ ඔයා හොදටම මහත් වෙලානේ” මේ කතාව ඇහුව ගමන් ඔයාට පොළව පලාගෙන යන්න හිතෙනවා ඇති.ඇත්තටම වෙලාවකට ඒක ලොකු මානසික වදයක්.මොකද අපි කවුරුත් කැමති නෑ ගොඩක් මහත් වෙනවට.මහත් වුණාම අපි කැමති ඇදුමක්වත් අඳින්න බැහැනේ.ඒ නිසා අපි නිතරම අපේ අනවශ්‍ය බර අඩු කරගන්න try කරනවා.පිස්සු හැදිලා වගේ exercise කරනවා, diet කරනවා.අන්තිමට බර අඩු වෙලත් නෑ හරියට කාලත් නෑ .බර අඩු වීම කෙසේවෙතත් අනවශ්‍ය විදියට diet කරලා රටේ නැති ලෙඩ ටිකක් හැදිලා තමා නවතින්න වෙන්නේ.
නොකා නොබී ඉන්න එක බර අඩු කරගන්න හොද path එකක් නෙමෙයි.ඒක ඔයාගේ ඇඟට වගේම හිතටත් damage කරනවා.මොකද diet කරනවා කියලා රස කෑම කන්නේ නැතුව ඉන්නවත් බඩගින්නේ ඉන්නවත් අපිට බෑනේ.ඒ නිසා අද කියලා දෙන්න යන්නේ හොදට කාලා කොහොමද මහත් වෙන්නේ නැතුව ඉන්නේ කියලා.
ඇත්තටම මහතද කියලා හොයාගන්නේ කොහොමද?

ඔයාගේ BMI අගය 24ට වැඩි වීම BMI = බර (kg) / උස (m)
- අධිකව දහදිය දැමීම
- අධිකව දහදිය ගඳ දැනීම
- පොඩි වැඩක් කලත් අධික මහන්සියක් දැනීම
- හුස්ම ගැනීමේදී සහ පිට කිරීමේදී අපහසුවක් දැනීම
- අධිකව බඩගිනි දැනීම
මේ ලක්ෂණ තියෙනවා නම් ඔයත් මහත වැඩි ගොඩට තමා අයිති වෙන්නේ.ඉතින් මහත් වෙන්නේත් නැතුව බඩපිරෙන්න කන්න ඕනෙනම් ඔයාගේ කෑම වට්ටෝරුව මේ විදියට change කරගෙන බලන්නකෝ.

- Lemon, දෙහි, දොඩම්, ජමනාරං, ජම්බෝල වගේ පැඟිරි තියෙන පළතුරු හැමවෙලේම කන්න
- දවසකට අනිවාර්යයෙන් වතුර 2.5L බොන්න
- කොළ පාට එළවළු වර්ග කන්න
- වට්ටක්කා කන්න
- ඕට්ස්, කොල්ලු, මුං ඇට වගේ ඕනෑම ඇට වර්ගයක්
- මාළු සහ බිත්තර
- Yogurt
- නෙල්ලි, ඉඟුරු, දෙළුම්, අන්නාසි, පිපිඤ්ඤා juice හදාගෙන බොන්න
- Green tea, Coffee බොන්න.
- නිවුඩු හාල් කන්න පුරුදු වෙන්න.
පිටි, තෙල් සහිත ආහාර, අධික සීනි සහිත ආහාර, ක්ෂණික ආහාර සහ රසකාරක යෙදු ආහාර වලින් සම්පුර්ණයෙන්ම ඈත් වෙන්න පුළුවන් නම් බඩ පිරෙන්න කාලා ලස්සන shape එකක් තියාගන්නත් ඔයාට පුළුවන්.
ඒ වගේම තමා කුරුදු, ගොරකා සුදු ළුණු සහ green tea කියන්නේ අපේ ඇගේ තියෙන අනවශ්‍ය මේදය ඉක්මණින්ම burn කරන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය ටිකක්.මේ දේවල් එකතු කරලා හදපු ඕන තරම් products වෙළඳපොලේ තිබ්බත් වෛද්‍ය නිර්දේශයකින් යුතු quality product එකක් use කරනවනම් ඔයාගේ උදරය ඉදිරියට නෙරා ඒම ඉක්මනින්ම අඩු කරගන්න පුළුවන්.ඒ වගේම අමතර රෝග ගණනාවකටම විසදුමක් ලබාගන්නත් පුළුවන්.
ඉතින් මේ දවස් වල Covid – 19 වසංගතය නිසා එළියට යන්න අමාරුයිනේ.ඉතින් ඔයාලට පුළුවන් Hello Ladies Store එකෙන් මේ දේවල් Order කරලා ගෙදරටම ගෙන්න ගන්න
https://helloladies.lk/product-category/weight-management/
- අපි අද ඉදන් සම්බා හාලෙන් නිවුඩු හාලට
- සුප් කැටයෙන් ස්වාභාවික කුළුබඩු වලට
- කෘතිම බීමෙන් පිරිසිදු වතුරට
- කිරිපිටි වලින් එළකිරි වලට
- පැණි බීමෙන් කොළ කැද වලට
- බටහිර ආහාර රටාවෙන් දේශීය ආහාර රටාවට මාරු වෙමු.
ඉතින් දැන් බය නැතුව ඔයාගේ බර අඩු කරගන්න පුළුවන්.මෙච්චර දවසක් ඔයාට බැරි වුණානේ හරියටම බර අඩු කරගන්න ක්‍රමය හොයාගන්න,දැන් මම ඒ ගැන තමයි කතා කළේ.දැන් ඉතින් අඳින්න බැරුව අයින් කරලා තිබුන ඇඳුම් සේරම ඔයාට අඳින්නත් පුළුවන්.ඉක්මනටම බර අඩු කරගෙන බර අඩු කරගත්ත විදිය යාළුවොන්ටත් කියන්න අමතක කරන්න එපා.



