Like
Like Love Haha Wow Sad Angry

සාමාන්‍යයෙන් දැන් fridge එකක් නැති ගෙදරක් හොයාගන්න නැති තරම්.මොකද දැන් ගොඩක් අයට තියෙන busy life එකත් එක්ක කෑම කන්නවත් වෙලාවක් නැහැ.කෑම ගෙනාවත් කන්න පුළුවන් තරම් කාලා fridge එකට දානවා.ඒ වගේම එළවලු ,පලතුරු මොනවා ගෙනාවත් තියන්නේ fridge එකේ.ඔව්.ඔව්.වැඩි කාලයක් මේ දේවල් තියාගන්න තමයි fridge එකට දාන්නේ.හැබැයි ඔයාව නිකමටවත් හිතුවද ? හැම ආහාරයක්ම fridge එකේ තියලා ආහාරයට ගන්න හොදද කියලා.අපි බලමු ඇත්තටම මේ දේ හරිද කියලා

තක්කාලි ඔයා fridge එකේ තියනවා නේද?

ඔයා තක්කාලි එළියේ තියනකොට නරක් වෙන නිසා ආහාරයකට දාලා ඒකෙන් ඉතුරුවෙන කොටස දාන්නේ fridge එකට.ඒ වගේම supermarket එකෙන් ගෙනාවත් කෙලින්ම දාන්නෙත් fridge එකටනේ.ඔයා දැකලා තියනවද තක්කාලි ගෙඩියක්.දවසක් නැත්නම් දෙකක් fridge එකේ තියලා ගත්තාම තක්කාලි ගෙඩියේ එළියේ පැත්ත චීස් කෑල්ල වගේ අමුතු හිල් හැදුණු පෙනුමක් ඇති වෙනවා.

හැබැයි ඒ කොහොම වුණත් තක්කාලි කියන්නේ කාමර උෂ්ණත්වයේ තියන්න ඕනේ ආහාරයක්.අපිට Salad එකකට හරි Sandwich එකකට හරි තක්කාලි Fresh විදිහට තියෙන්න ඕනෙනේ.ඒ වගේ ඕනේ නම් ආහාරයට ගන්න ටිකකට කලින් fridge එකට දාලා ආපහු ගන්න.එතකොට ඔයාට පුළුවන් fresh විදිහට තක්කාලි ආහාරයට ගන්න,හැබැයි දිඟටම fridge එකේ දාලා තිබුනොත් නම් එහෙම ගන්න බැහැ

ඊළගට සොයා සෝස්

ඔයා soya sauce fridge එකේ තියන්න පටන් අරගෙන කොච්චර කල්ද? මම හිතන්නේ ඔයා පොඩි කාලේ ඉදලා සොයා සෝස් බෝතලේ fridge එකේ තියනවා. ඒක දැන් ඔයාගේ පුරුද්දක් වෙලා.එත් ඔයා හිතන්නේ නැති ඔයාගේ පුරුද්දෙන් සෝස් එකේ තියන රස නැතිවෙනවා.ඒ වගේම සෝයා සෝස් වලට ලුණු, ඇල්කොහොල් සහ කාබනික අම්ල වගේ සංඝඨක තියෙන නිසා බැක්ටීරියා විනාශ කිරීම සහ ඒවායේ ප්‍රජනනය නැවැත්වීම සිදු කරනවා.

ඒ හින්දා සෝයා සෝස් බෝතලේ මොකටද ෆ්‍රිජ් fridge එකේ තියන්නේ. එළියේ කබඩ් එකේ හරි ඔයාගේ kitchen එකේ කොහේ හරි තියලා තියන්න.

පිපිඤ්ඤා” ඉතින් ඔයා ෆ්‍රිජ් fridge එකෙමනේ තියන්නේ

පිපිඤ්ඤා ගෙඩිය කපලා ඒකට ලුණු ටිකක් දාලා ගත්තාම කොහොමද රස.. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඒත් ඉතින් ඔයා fridge එකේනේ වැඩිපුරම පිපිඤ්ඤා ගෙඩිය තියන්නේ.මොකද පිපිඤ්ඤා කෑල්ලක් කන්න කවුරුත් කැමති හොඳ හීතලේට fresh පිටනේ.

ඔයා හිතුවේ නැති වුණාට අධික සීතල නිසා ගොඩක් ආහාර නරක් වෙනවා.පිපිඤ්ඤා වලට වෙන්නෙත් ඒකම තමයි.වෙනසක් නැහැ.ඔයාට fresh එකේ පිපිඤ්ඤා කන්න ඕනේනම් කන්න ටිකකට කලින් fridge එකේ තියලා කන්න.

ඇපල් ගෙඩිය රස fridge එකේ තියලද ? නැතුවද ?

අපි ඇපල් කඩෙන් ගෙනාපු ගමන් දාන්නේ ෆ්‍රිජ් fridge එකට. ගොඩක් දෙනෙක් එහෙම කරන්නේ fresh පිට ඇපල් කන්න ඕනේ නිසා.ඔයා ඇපල් ගත්ත කඩෙත් තියලා තියෙන්නේ ෆ්‍රිජ් fridge එකේද ? නෑනේ. එහෙනම් අපි ඇයි fridge එකේ දාන්නේ ඇපල්.පොඩි කාලේ ඉදලා අපි ඇපල් කෑවට අපිට අපේ මේ පුරුද්ද නිසා ඇපල් රහ කියන එක දැනිලා නැහැ.ඒ විතරක් නෙවෙයි specially කොළ ඇපල්වල තියන නියම සුවද වගේම මතුපිට පෙනුමත් නැති වෙලා යනවා.

ඔයා fridge එකේ කැරටුත් තියනවද ?

කැරට් වල ස්වාභාවිකව ජල සංයුතියක් අඩංගු වෙනවා.ඒ නිසා කැරට් ඉක්මනට නරක් වෙන්න බලනවා.ඒක වෙන්නේ අධික සීතල පරිසරයක තියන කොට. කැරට් කාමර උෂ්ණත්වයේ තියන කොට තමන්ගේ ජල මට්ටම ඉතාම හොඳින් පාලනය කරගන්නවා

දැන් ඔයා ටිකක් බය වෙන්න ඇති.නැහැ නැහැ බය වෙන්න දෙයක් නැහැ.ඔයා දැන් දන්නවනේ මොකද කරන්න ඕනේ කියලා.ඒ වගේම fresh එකේ vegetable ,fruit වගේ හැමදෙයක්ම කෑමට ගන්නේ කොහොමද කියලත් ඔයා දන්නවනේ.ඉතින් මම කියපු විදහට කරලම බලන්න

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here