Like
Like Love Haha Wow Sad Angry

මේ දවස් වල තියෙන රස්නේ නිසා කොච්චර treatment කලත් කොන්ඩේ dry වෙන එක නම් කාටවත්ම නතර කරන්න බැහැ.මොකද ඉතින් ඉර තියෙන්නේ අපේ ඔලුව ලඟින්ම වගේනේ .ඒ කොහොම වුනත් hair එක ආරක්ෂා කරගන්න අපි නොකරන දෙයකුත් නැහැ.මොන දේ කලත් වැඩක් නැහැ කියලත් Maybe ඔයාට හිතෙනවා ඇති.ඒ වුණාට කොන්ඩේ dry වෙලා damage වෙලා තියෙනකොට කොණ්ඩෙට වගේම අපේ හිතටත් හරි නැහැනේ.ඒ නිසා මම අද ඔයාට කියලා දෙන්නම් කොන්ඩේ dry වෙන එක අඩු කරලා කොන්ඩේ ලස්සන කරගන්න tips කිහිපයක් ගැන

Aloe Vera

01) අවශ්‍ය ද්‍රවය

  • ලෙමන් යුෂ තේ හැඳි 01
  • කෝමාරිකා ජෙල් තේ හැඳි 04
  • Peppermint බිංදු 05

කොහොමද හදාගන්නේ

  • භාජනයකට ලෙමන් යුෂ, කෝමාරිකා සහ Peppermint එකතු කරගන්න
  • පසුව shampoo වලින් සෝදාගත් හිසකෙස් වල මේ මිශ්‍රණය ගලවන්න
  • විනාඩි 05ක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදා හරින්න

කෝමාරිකා Conditioner

02) අවශ්‍ය ද්‍රවය

  • කෝමාරිකා තේ හැඳි 04
  • අලිගැට පේර තේ හැඳි 01
  • වතුර තේ හැඳි 01
  • පොල්තෙල් තේ හැඳි 01

මේ විදිහට හදාගමු

සියල්ලම එකට දමා blend කරගන්න.පසුව මිශ්‍රණය ගෙන හිසකෙස් වල හොඳින් ආලේප කර මිනිත්තු 20කට පසුව සෝදා හරින්න.මේ treatment එකට සතියට දින දෙකක් විතර කරන්න.එතකොට තමයි හොඳ result එකක් ගන්න පුළුවන්

ආ….තව දෙයක් තියෙනවා.ඔයා හිතනවා නම් මේ දේවල් කරන්න බැහැ .වෙලාවක් නැහැ කියලා ඔයාට පුළුවන් aloe Vera තියෙන shampoo එකක් use කරන්න.හැබැයි ඔයාට ගොඩක් හොඳ result එකක් ගන්න නම් කෝමාරිකා විතරක් තියෙන shampoo එකක් use කරලා වැඩක් නැහැ.aloe Vera වගේම තිරිඟු තෙල් කියන්නෙත් කොන්ඩේ තියෙන dry ගතිය නැති කරන්න පුළුවන් ගොඩක් හොඳ දෙයක්.ඒ නිසා aloe Vera සහ තිරිඟු තෙල් තියෙන shampoo එකක් හොයාගෙන use කරන්න

ඉතින් මේ විදිහට තමයි ඔයාට මේ දවස් වල තියෙන රස්නෙන් සහ අව්වෙන් කොන්ඩේ බේරගන්න වෙන්නේ.ඉතින් ඔයා බය නැතුව මේ දේවල් කරලා බලන්න.මොකද aloe Vera කියන්නේ කොණ්ඩෙට වගේම skin එකටත් හොඳ medicine එකක්

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here