මේ දවස් වල වැඩිපුරම අහන්න තියෙන රෝගය මොකක්ද කියලා මම ඔයාගෙන් ඇහුවොත් ?ඔව්. ඔයා හරි ඩෙංගු ගැන තමයි හැමෝම කතා වෙන්නේ.ඩෙංගු කියන්නේ පුංචි මදුරුවෙක් විදලා හැදෙන රෝගයක් වුණත් මේ රෝගය නම් ඒ තරම් පුංචි නැහැ.මොකද ඩෙංගු කියන්නේ මාරාන්තික රෝගයක්.මාරාන්තිකයි කිව්වහම ඔයාට තේරෙනවනේ.මොකද මේ වෙනකොට ලෝකයේ බොහෝ පිරිසක් ඩෙංගු රෝගය නිසා මිය ගිහින් තියෙනවා.ඉතින් මම හිතුවා ලෝකය පුරාම මේ තරම් ව්‍යාප්ත වෙන ඩෙංගු රෝගය ගැන කතා කරන්න.
ඩෙංගු රෝගය ඇති කරන්නේ කවුද ?

- ඊඩිස් ඊජිප්ටයි
- ඊඩිස් ඇල්බොපික්ටස්
මේ මදුරුවන් දෙදෙනා මඟින් තමයි බහුලවම ඩෙංගු රෝගය බෝ කරන්නේ.
ඩෙංගු රෝගය එක වරක් වැළඳුන කෙනෙක්ට නැවත වරක් ඇති වීමේ ප්‍රවණතාවය තිබෙනවා.මොකද DEN 01,DEN 02,DEN 03 සහ DEN 04 විදිහට මේ රෝගයේ කොටස් 04ක් තියෙනවා.එක පාරක් ඩෙංගු හැදිල හොඳ වුණත් ශරීරයේ Immunity එක ඇති වෙන්නෙ අපිට හැදුණු ඩෙංගු වෛරස ප්‍රභේදයට විතරයි.ඒ නිසා නැවත වරක් ඩෙංගු ඇති වෙන්න පුළුවන්.ඒ වගේම කළින් ඩෙංගු හැදුන කෙනෙක්ට ඩෙංගු රෝගය නැවත ඇතිවීමේදී ඩෙංගු රෝගයේ බරපතල තත්වය වන ඩෙංගු රක්තපතය දක්වා වර්ධනය වීමේ ඉඩ පවතිනවා.
ඩෙංගු රෝගයේ රෝග ලක්ෂණ

- උණ
- අධික හිසරදය සහ ආහාර අරුචිය
- උදරයේ වේදනාව
- ඔක්කාරය සහ වමනය
- සන්ධි සහ පේශි වේදනාව
- ඇස් පසුපස වේදනාව
- අප්‍රාණික බව මිට අමතරව ඩෙංගු රක්තපාතය තත්වයේදී
- විදුරුමස් සහ නාසයෙන් ලේ ගැලීම
- සමේ රතු පැහැ පැල්ලම් ඇති වෙනවා
- මුත්‍රා සමඟ ලේ පිටවීම
- මළ පහ කළු හෝ තද දුඹුරු පැහැයක් ගැනීම
- කම්පන තත්වය
රෝගය හරියටම හඳුනා ගන්නේ කොහොමද ?

- Dengue Antigen
- Dengue Antibody
- Dengue Antigen – රෝග ලක්ෂණ මතු වී පැය 24ක් සහ දින 02ක් ගත වූ පසු මෙම පරික්ෂාව සිදු කළ යුතුයි
- Dengue Antibody – රෝගය ඇති වී 03 වන දිනයේ සහ ඊට පසුවයි මෙම පරික්ෂාව සිදු කරන්නේ.
මෙහිදී Dengue Antibody IgM සහ IgG ලෙස ප්‍රතිඵල ලැබෙනවා.
- IgM – මීට පෙර ඩෙංගු රෝගය වැළඳී තිබෙනවා
- IgG – මේ වන විට සිරුරේ ඩෙංගු රෝගය පවතිනවා.
මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ Negative සහ Positive වශයෙන්
මිට අමතරව
FBC – සම්පුර්ණ රුධිර පරික්ෂාව
UFR – සම්පුර්ණ මුත්‍රා පරික්ෂාව
රෝහලේදී සිදු කරන පරීක්ෂාවන්

- රුධිර පීඩන පරික්ෂාව
- නාඩි පරික්ෂාව
- නිසි මාත්‍රාවට දියර වර්ග ලබා දීම
- රෝගියාගේ සිරුරෙන් අධික රුධිර වහනය පවතිනවා නම් ඒ සඳහා අවශ්‍ය රුධිරය ලබා දීම
- Ultra Sound Scan පරික්ෂාව
- X – Ray පරික්ෂාව
- රුධිරය ලබා ගෙන ඒවා පරික්ෂා කිරීම
- සිරුරේ උෂ්ණත්වය පරික්ෂාව
අවදානම් කණ්ඩායම්

- ගැබිණි මවුවරුන්
- කුඩා දරුවන්
- මහලු අය
- මීට පෙර ඩෙංගු රෝගය වැළඳී ඇති පුද්ගලයින්
රෝහලේ ප්‍රතිකාර වලින් පසු නිවසේදී රෝගියාගේ ආරක්ෂාව පිලිබඳ සැලකිලිමත් විය යුතුයි

- රෝහලෙන් ලබා දුන් ඖෂධ නිසි මාත්‍රාවට සහ නියමිත වෙලාවට ලබා දෙන්න
- හොඳින් විවේකය ලබා දීම
- උණ පවතිනවා නම් ඇල් ජලයෙන් සිරුර තෙමීම ( පපුව හැර )
- දිනපතා එකම වෙලාවට FBC පරික්ෂාව සිදු කල යුතුයි,එහිදී රුධිර පට්ටිකා ප්‍රමාණය පැවතිය යුතු මට්ටමට වඩා අඩුවෙන් පවතිනවා නම් දිනකට දෙවරක් එම රුධිර පරික්ෂාව සිදු කල යුතු වෙනවා
- ආහාර ගැනීමේදී තෙල් සහිත ආහාර ලබා දීම නොකළ යුතුයි
- රතු සහ දුඹුරු වර්ණයෙන් යුතු ආහාර ලබා නොදීම
- ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීවරයා හෝ PHI නිලධාරියා දැනුවත් කල යුතුයි
- නිවසේ සිටින අතරතුර උදරයේ වේදනාව,මුඛ මාර්ගයෙන් දියර ලබාගැනීමේ අපහසුව,පැය 6ක් තුළ මුත්‍රා පිටවීම අඩුවීම,වමනය සහ ලේ ගැලීම වැනි ලක්ෂණ පවතිනවා නම් වහාම වෛදවරයෙක් වෙත රෝගියාව යොමු කිරීම
ඕනෙම රෝගයක් හැදෙන්න කලින් ආරක්ෂා වෙන එක හැමෝටම හොඳයිනේ.ඒ නිසා ඩෙංගු ගැන වුණත් එහෙමයි.ඩෙංගු කියන්නේ මේ වෙනකොට ජිවිත බොහෝ ගණනක් බිලි අරගෙන තියෙන රෝගයක් නිසා තමන්ගේ ආරක්ෂාව තමන් බලාගන්න ඕනේ.තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ලොකු දේවල් කරන්න ඕනේ නැහැ.නිවෙස් වටා නිතරම පිරිසිඳු කරන්න.වතුර රැදෙන ස්ථාන විනාශ කරන්න.කරන්න තියෙන්නේ පොඩි පොඩි දේවල් ටිකක විතරයි.මේ දේවල් හරියට කරන්න පුළුවන් නම් ඩෙංගු රෝගයෙන් වැළකෙන්න පුළුවන්



