Like
Like Love Haha Wow Sad Angry

දෙසැම්බර් මාසය කියන්නේ නත්තල් මාසය.මාසේ පටන් ගත්ත දවසේ ඉදන් හැමෝම එහෙට දුවනවා.මෙහෙට දුවනවා.ඒ විතරක් නෙමෙයි කෑම වර්ගත් ගොඩක් හදනවා.ඒ කෑම වලින් ගොඩක්ම හදන්නේ sweets වර්ග.ඉතින් මේ කෑම වර්ග අතරට තවත් කෑම වර්ගයක් එකතු කරන්න ඕනේ කියලා මට හිතුනා.ඉතින් අපි අද හදමු Christmas Sugar Cookies.

මොනවද අවශ්‍ය වෙන්නේ

  • බටර් Cup 01
  • සීනි Cup 01 1\2
  • බිත්තර 02
  • වැනිලා තේ හැඳි 02
  • පාන් පිටි Cup 03 1\2
  • Baking powder තේ හැඳි 01
  • ලුණු තේ හැඳි 01\2

කොහොමද හදන්නේ

  • බටර් සහ සීනි Cream වන තුරු Beat කර එයට බිත්තර සහ වැනිලා එකතු කරගන්න
  • පිටි වලට Baking powder මිශ්‍ර කර එයටම මුලින්ම හදාගත්ත බටර් මිශ්‍රණයට එකතු කර මිශ්‍ර කරන්න.
  • සාදාගත් ඩෝ එක වසා ශීතකරණයේ පැයක් තබන්න.
  • පැයකට පසු එළියට ගෙන අඟල් 1\4ක ඝණකමට තුනී කර ඔයා කැමති හැඩ වලින් කපාගන්න.
  • සෙල්සියස් අංශක 180ට අඩුවෙන් රත් කරන ලද උඳුනක විනාඩි 10ක් 12ක් බේක් කරගන්න.
  • පසුව දැලක් මත නිවෙන්න තියලා ලස්සනට සරසා ගන්න

ඉතින් දැන් ඔයාට පුළුවන් නත්තලට ගෙදරට එන අමුත්තාට මේ රස කෑම හදලා දෙන්න.මේ වගේ නත්තල් කෑම වලට පොඩි අයත් ගොඩක් කැමති නිසා එයාල නම් මේ Christmas Sugar Cookies අමතක කරන එකක් නම් නැහැ.ඉතින් මේ Cookies වලින් නත්තල් කෑම මේසය ලස්සන වෙනවා වගේම නත්තල තවත් රසවත් වෙයි

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here