රසවත් කිරි ටොෆී ගෙදරදීම හදන්නේ මෙහෙමයි
අවශ්‍ය ද්‍රව්‍ය
– මිල්ක්මේඩ් ටින් එකක් (395 ml)
– මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් 1/4ක වතුර
– මිල්ක්මේඩ් ටින් එකේ ප්‍රමාණයෙන් සීනි 1
– බටර් මේස හැන්දක්
– පොඩියට කපාගත් කජු ටිකක්
සදා ගන්නා ආකාරය
– භාජනයක් අරගෙන ඒකට මිල්ක්මේඩ් එක සහ වතුර ටික දාන්න.
– සීනි ටිකත් දාලා ලිපේ තියන්න. සාමාන්‍ය ගින්දරේ තියන්න.
– සීනි දියවෙනකල් හොඳට හැඳි ගාන්න.
– විනාඩි 10කින් මිශ්‍රණය උකුවේගෙන එනකොට අඩිය අල්ලන්න නොදී හැඳි ගාන්න.
– පාට ටික ටික වෙනස් වේගෙන එනකොට කජු ටික දාගන්න.
– හොඳට ඝන මිශ්‍රණයක් හැදුනම ලිප ඕෆ් කරන්න.
– බටර් ගාලා කලින් ලෑස්ති කරගත්තු තැටියකට ඉක්මනින් දාලා කෑලි කපාගන්න.



