Like
Like Love Haha Wow Sad Angry

අධික රුධිර පීඩනය එහෙමත් නැත්නම් blood pressure වැඩි වෙනවා කියන එක සාමාන්‍ය දෙයක් විදියට අයින් කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.විශේෂයෙන්ම මෙහෙම blood pressure වැඩිවෙනකොට රුධිර නාලිකා වලට damage වීම, ඒවා සිහින් වීම, පිපිරීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම high blood pressure නිසා මොළේට යන ධමනි වල රුධිර කැටි ඇති වෙලා, ඒවායින් රුධිරය ගැලීම අවහිර වෙලා Stroke තත්ත්ව පවා ඇතිවෙන්න පුළුවන්. ඊට අමතරව high blood pressure නිසා සිරුරේ වෙනත් අවයවයන්ට පවා බලපාන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඉතින් තේරෙනවනේද  බරපතලකම?

හැබැයි මෙහෙම දේකුත් තියෙනවා. High blood pressure ඇතිවෙනකොට, එහෙම නැතිනම් ඇතිවෙන්න කලින්ම අපිට වළක්වා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ බෙහෙත් use කරන්නේ නැතුව natural treatments වලින් සහ තමන්ගේ life style එක change කරගත්තොත් ඉක්මනින්ම high blood pressure වලින් මිදෙන්න පුළුවන්.

ඉතින් ඒක කොහොමද කරන්නේ, මොනවද අපි high blood pressure වලින් බේරෙන්න ඇති කරගන්න ඕන, වෙනස් කරගන්න ඕන පුරුදු කියන එක තමයි අද hello ladies තුලින් කියන්න යන්නේ.

1.හරිම කාලෙට medical checkup

නිරන්තරයෙන්ම Doctor කෙනෙක් meet වෙන්න, medical check up කාලයෙන් කාලයට කරගන්න කියන්නේ මෙන්න මේ වගේ high blood pressure ගැටළු අපි නොදැනුවත්වම අපේ ඇඟේ හැංගිලා තියෙන්න පුළුවන් නිසයි. අපි normally doctor කෙනෙක් මුණගැහෙන්න යන්නේ මොකක් හරි ඇගට දැනෙන ලෙඩක් ආවහම විතරයිනේ. හැබැයි අපේ ලෙඩ ඇග ඇතුලේ හැංගිලා තිබිලා එලියට එන්නේ serious තත්වයට ආවම වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා family doctor කෙනෙක්, ඒ කියන්නේ තමන් නිතරම යන එන doctor කෙනෙක් තියාගැනීම සහ නිරන්තරයෙන් ඒ doctor මුණගැහිලා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්න එක වැදගත්.

2. බර අඩු කරගමු

මේක ඉතින් හැමදාමත් මන්තරේ වගේ අපිට doctors ලා කියන දෙයක්නේ. තරබාරු කම නැතිනම් අධික ස්ථුල බව අනිවාර්යයෙන්ම high blood pressure සහ තවත් ගොඩක් ලෙඩ රෝග වලට ticket එකක්. ඒ වගේම අනික් අතට අධික ස්ථුලත්වයෙන් පෙළෙන කෙනෙක්ට high blood pressure තියෙනවා නම්, වහාම ඇඟ අඩු කරගන්න එකෙන් blood pressure අඩු කරගන්නත් පුළුවන්.

බර අඩු කරගන්න ගමන්ම තමන්ගේ hip එකේ size එකත් check කරන්න කියලා doctorsලා කියනවා. Normally ඉණ අඟල් 40 ට වැඩියි නම්, ඒ කියන්නේ ඔයා ඉන්නේ අවදානම් කලාපයේ කියන එක මතක තියාගන්න කියලා තමයි කියන්නේ.

3. Healthy diet එකකට පුරුදු වෙමු.

බර අඩු කරගන්නත්, ඒ වගේම blood pressure අඩු කරගන්නත් මේ step එක අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. ඒ කියන්නේ ඔයාගේ ආහාරයට ධාන්‍ය, පළතුරු, එළවලු සහ අඩු මේදය සහිත කිරි නිෂ්පාදන use කිරීම තමයි කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම Cholesterol ඇති වෙන්න හේතු වෙන්නේ අනවශ්‍ය මේද, තෙල් එහෙම වැඩිපුර තියෙන ආහාර භාවිතයයි.

ඉතින් මේ දේවල් වලින් ඈත් වෙලා healthy diet එකකට පුරුදු වුණොත් ඇඟට වගේම blood pressure වලටත් හිතකරයි.

මේකට හොඳම විදිය තමයි තමන්ටම කියලා diet book එකක් පවත්වා ගැනීම. ඒ කියන්නේ තමන් කන දේවල් ලියන එක. ඊට පස්සේ සතියක්, මාසයක් ආහාරයට ගත්ත දේවල් නිරීක්ෂණය කරලා, තවත් diet එක healthy කර ගන්න එක ගොඩක් ලේසි වෙනවා.

4. Sodium අඩු කරන්න.

specialistලා විශේෂයෙන්ම කියන දෙයක් තමයි තමන්ගේ diet එකේ තියෙන sodium level එක අඩු කරන එක blood pressure අඩු කරගන්න හොදම way එකක් කියලා.මේකට කරන්න පුළුවන් දෙයක් තමයි බඩු ගන්නකොට label කියවන එක. පුළුවන් තරම් අඩුවෙන් ලුණු ආහාරයට ගන්න එක. ඒ වගේම තමා processed foods ආහාරයට ගන්න එක limit කිරීම. මේක එක පාරින්ම කරන්න අමාරු වෙයි. හොඳම දේ තමයි ටිකෙන් ටික sodium අඩු කරන්න පුරුදු වෙන එක.

6. Alcohol limit කරමු, දුම්පානයෙන් වැළකෙමු

මේක නම් ඉතින් health සම්බන්ධයෙන් කතා කරනකොට අනිවාර්යයෙන්ම doctors ලා කියන දෙයක්නේ. Alcohol limit එකක් නැතුව ගන්නවා කියන්නේ ගොඩක් health ප්‍රශ්න වලට අත වැනීමක්. ඒ නිසා daily drink ගන්න එක නවත්තන්න වෙනවා. ඉඳලා හිටලා ගන්න drink එකක් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිගරට් නම් ඊටත් වඩා භයානකයි කියලයි කියන්නේ. බොන හැම සිගරට් එකක්ම blood pressure වැඩි කරන්න දායක වෙනවා. ඒ නිසා ඔයත් දුම්බීමට ඇබ්බැහි වුණු කෙනෙක් නම්, වහාම දුම්බීම නවත්තන එක තමයි ඇඟට ගුණ.

8. Stress එක අඩු කරමු.

මේක ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. දිගින් දිගටම තියෙන මානසික ආතතිය, මානසික පීඩාවන් කියන්නේ අනිවාර්යයෙන්ම high blood pressure අත වනන දේවල්. හැබැයි ඉතින් අපිව stress වෙන office ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න වලින් අපිට බේරෙන්නත් බැහැ. හොඳම දේ තමයි ඒවා හරියට manage කරගන්න එක. Example එකක් විදියට කිව්වොත් දවස හරියට plan කරලා, කරන්න පුළුවන් වැඩ ටික විතරක් කළොත්, දවස stress නැතුව ගත කරන්න පුළුවන් වෙයි. ඒ වගේම ඔය ප්‍රශ්න ඇතිවෙනකොට වුනත් ඒවලට තනියෙන් උත්තර හොයන්න ගිහින් stress වෙනවට වඩා, කවුරු හරි විශ්වාසවන්ත කෙනෙක්ගෙන් help එකක් ගන්න එක වටිනවා.

ඉතින් ඔයාට මේ දේවල් follow කරන්න පුළුවන් නම් high blood pressure control කරගන්නවා කියන එක මහා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑ.මේ හැම දෙයක්ම කරන්න අමාරුයි වගේ හිතෙනවා නම් හොඳට මතක තියාගන්න. මොන දේ කරන්නත් අපි ජිවත් වෙලා ඉන්න ඕන. ඒ නිසා ඉතින් දැන්ම ඉදලා අද කිව්වා වගේ healthy life එකකට change වෙන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here