ඝර්ම කළාපීය රටක් වන ශ්‍රී ලංකාව ඉතාම ප්‍රණීත පලතුරු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. මේවායින් බොහෝමයක් රසයට එහා ගිය ඉතා විශිෂ්ට සෞඛ්‍යමය ගුණ දරනවා. මේ අතරින් බෙලි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. වසරේ සෑම කාලයකදීම ඵල ලබා දෙන බෙලි ගස “සදාඵල ” නමින් ද හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල හොඳින් වැඩෙන බෙලි කොයිතරම් ගුණදායක ද යන්න අපේ පැරැන්නන් හොඳින් දැන සිටියා. නිතිපතා බෙලි ආහාරයට ගැනීම හෝ පානය කිරීම ඔවුන් විසින් සිදු කළ අතර බොහෝ සෞඛ්‍යමය ගැටළු නිරාකරණය කරගැනීමට එය හේතු වුණා.අපි දැන් බලමු බෙලි වල සැගවිලා තියෙන විශ්මිත ගුණ මොනවද කියලා.
බෙලි මල් පානය

නිතර දහඩිය දැමීම ඔයාගේ පෞරුෂයට බලපාන කරුණක්.ඔයාට දැඩි අපහසුකාරී බවක් දැනෙන මෙම තත්වය ඖෂධීය බෙලි පානයකින් පාලනය කර ගන්නට පුළුවන්. බෙලි මල් විතරක්ම නෙවෙයි, බෙලි කටු තම්බා ගත් වතුර ද කදිම ඖෂධීය පානයක් විදියට හඳුන්වන්න පුලුවන්. ශරීර උෂ්ණත්වය පාලනය කරන මෙම බෙලි පානය උදේ සවස පානය කිරීමට වඩාත් සුදුසුයි.
අතීසාරය ඇතුළු රෝග ගණනාවකින් සුවය ලැබීම

බෙලි පළතුරෙහි අඩංගු ටැනින් අතීසාරය, කොළරාව වැනි රෝග ගණනාවක් සුව කිරීමට හේතු වෙනවා. බෙලි වළ මදය වියළා කුඩු සකස් කර ගැනීමෙන් අතීසාරයට ප්‍රතිකාර කර තිබෙනවා. මීට අමතරව නොඉදුණු බෙලි වල සාරය සුදු කබර රෝගය හා ගුද මාර්ගයේ තුවාල සුව කිරීම සඳහාත් භාවිතා කෙරෙනවා. මීට අමතරව බෙලි නීරක්තිය, කන් හා අක්ෂි සම්බන්ධ ගැටළු වලට ප්‍රතිකාර වශයෙනුත් යොදාගන්නවා.
විදුරුමස් දියවීමේ රෝගයෙන් වැලකීම

විදුරුමස් දියවීමේ රෝගයට මූලික හේතුවක් වන්නේ vitamin c ඌණතාවය යි. ශරීරයෙහි vitamin c හිඟවීම විදුරුමස් වල ඇති රුධිර නාලිකා දුර්වල කරනවා. බෙලි vitamin c වලින් පොහොසත් නිසා දිනපතා ආහාරයට එක් කර ගැනීම තුලින් විදුරුමස් දියවීමේ රෝගය ඇතිවීමේ අවදානම අවම වෙනවා.
දියවැඩියාව හා කොලෙස්ටරෝල් පාලනය කිරීම

මේ සඳහා යොදා ගැනෙන්නේ බෙලි ශාකයේ පත්‍ර යි. බෙලි පත්‍ර වල යුෂ පානය කිරීමෙන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වන බව සොයාගෙන ඇති අතර රුධිරගත සීනි මට්ටම ද හරි අඩකින් පමණ අඩු වන බව සොයාගෙන තිබෙනවා.
මීට අමතරව බෙලි පත්‍ර පොඟවන ලද ජලය හිස් බඩ බීමෙන් ආමාශගත තුවාල ද සුව වෙනවා.
පිළිකා වැලැක්වීම

බෙලි ආහාරයට ගැනීමෙන් විශේෂයෙන්ම පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු වෙනවා. මේවායේ අඩංගු ප්‍රතිඔක්සිකාරක සංඝටක පිළිකා සෛල ඇති වීමට තියෙන ඉඩ සම්පුර්ණයෙන්ම අවහිර කිරීම සිදු කරනවා. මීට අමතරව බෙලි ශරීරයෙහි ප්‍රතිශක්තියත් සමස්ථයක් ලෙස වැඩි කරනවා
සම පැහැපත් කරන face pack එකක්

ඉදුණු බෙලි ගෙඩියක් ගෙන ඇට ඉවත් කර blender කරන්න. එයට මී පැණි, බිත්තර සුදු මදයක් හා එළකිරි ස්වල්පයක් ද දමා හොදින් මිශ්‍ර කරන්න.මේ pack එක මූණට පමණක් නොව අත් පා වලටත් මේ ඉතාමත් හොඳ pack එකක් .සම එල්ලා වැටීම පාලනය කරමින් පැහැපත් බවක් ලබා දෙන මෙම සත්කාරය ඔයාට නිවසේදීම ඉතා ලේසියෙන් හදාගන්න පුළුවන් .



