2
හැමෝම ජීවිතයේ සතුට හොයනවා ඔයා ගොඩක් වෙලාවට සතුට හොයන්නේ ලොකු ලොකු දේවල් වලින්. ඇත්තටම ඒක බොරු වැඩක්. සල්ලි පස්සෙම දුවලා නම් සතුට හොයන්න බැහැ. ඒත් සතුටින් ජීවත් වෙන්න සල්ලිත් ඕන. හැබැයි සල්ලි හොයනගමන් ඔයා කරන පොඩි පොඩි දේවල් වලිනුත් ජිවිතේ විඳින්න පුළුවන්. සතුටත් විඳිමින් ජිවිතයත් සාර්ථක කර ගන්න නම් මේ දේවල් වලට ඔයා හුරු වෙන්න.
- කම්මැලිකම නැතුව ටිකක් උදෙන් අවදි වෙන්න. රෑ එලි වෙනකන් ඇහැරලා ඉඳලා නම් උදෙන්ම අවදි වෙන්න බැහැනේ. ඒ නිසා උදෙන්ම අවදි වෙන්න ටිකක් වේලාසනින් නින්දට යන්න.
- නිරෝගී වෙන්න. නිවැරදි ආහාර රටාවන්ට හුරු වෙන්න
- කම්මැලිකමට එක තැනකටම වෙලා ඉන්නේ නැතුව ක්‍රියාශීලි වෙන්න. ක්‍රමානුකුලව හා නිවැරදි ව්‍යායාම වලට හුරු වීම ගොඩක් වැදගත්.
- ධනාත්මකව හිතන්න, එය ඔබේ බොහෝ දේ වෙනස් කරාවි.
- එදිනෙදා කළ යුතු කාර්යන් වල ලැයිස්තුවක් තබා ගන්න.
- කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියලා අහලා තියෙනවා නේද? ඒ නිසා කියවීමේ වටිනා පුරුද්ද ඔයා ලඟත් ඇති කර ගන්න.
- දැනුම සොයා යන්න. නිතරම අලුත් දේවල් අත්හදා බලන්න සහ ඉගෙන ගන්න, ඒවා ප්‍රයෝජනයට ගන්න.
- බලාපොරොත්තු, සිහින අපිව ජිවත් කරවනවා. ඒ නිසා ඔයාගේ සිහින කවදාවත් අත්හරින්න එපා.
- ජීවිතය සතුටින් ගත කරන්න නම් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න.
- කෙටි කාලින සහ දිගු කාලින ඉලක්ක තබා ගන්න. ඉක්මන් කොටයි කියනවනේ. ඒ නිසා ඒවා ඉටු කර ගන්න අවශ්‍ය පියවර ටිකෙන් ටික ගොඩනගා ගන්න.
- හැමදාම වැඩට යන්නයි, ගෙදර එන්නයි තියා ගන්නේ නැතුව ඉඳ හිට හෝ නිවසින් පිට විවේකයක් ගත කරන්න.පවුලේ අයත් එක්ක විනෝද චාරිකාවක් යන්න.
- ඒ වගේම ආත්ම ශක්තියෙන් පිරි කෙනෙක් වෙන්න. ඔබ හමුවට එන ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙන්න.
- දුක ළං කරන දේවල් ඈත් කරන්න. නිතරම ඔබව සතුටින් තියන්න පුළුවන් දේවල් ළං කර ගන්න උත්සහ කරන්න.
ඔයාගේ සතුටම ඔය තුළින්ම සොයාගන්න. ඔයා කරන කියන පුංචිම දෙයකින් වුණත් ඔයාට සතුටු වෙන්න පුළුවන්. සතුටු වෙන්න වෙනම කාලයක් වෙන් කරන්න ඕන නැහැ. ලැබෙන සෑම තත්පරයකම සතුට සොයන්න උත්සහ කරන්න.
2



