Like
Like Love Haha Wow Sad Angry

Ice Cream කන්න කවුද අකැමති ? ගෙදරට Ice Cream එකක් ගෙනාපු ගමන් කන්නනේ බලන්නේ. ඒත් ඔයා දන්නවද Ice Cream වලින් එක එක ජාතියේ කෑම හදන්න පුළුවන් කියලා.ඒක ටිකක් විතර අමුතුයි නේද? ඒ වුණාට ඒකෙ රස බලන්න නම් හදලම බලන්න වෙනවා.මම අද helloladies තුළින් කියන්න යන්නේ අන්න ඒ වගේම Ice Cream වලින් හදන්න පුළුවන් රසම රස කෑම වර්ග 3ක් ගැන.

Deep-fried ice cream

අවශ්‍ය ද්‍රව්‍ය

  • Ice Cream
  • කුඩු කරගත් cornflakes
  • පාන්පිටි කෝප්ප 1/2 ක්
  • ලුණු ටිකක්

සාදාගන්න ආකාරය

  • මුලින්ම Ice Cream ටික Scoop එකෙන් රවුම් කරගෙන අරන් Plate එකකට දාගන්න.
  • හැබැයි මේක පැය 2ක් freeze කරගන්න ඕන
  • පසුව පාන්පිටි වලට වතුර හා ලුණු ටිකක් දාලා තරමක් ඝනකමට බැටර් එකක් හදාගන්න.
  • ඉන්පසුව Fridge එකෙන් එළියට ගත්තු ගමන් Ice Cream බෝල ටික බැටර් එකේ දාලා cornflakes කුඩු තවරගන්න.
  • දැන් ආයේ freeze එකේ විනාඩි 30ක් විතර තියලා ගන්න.
  • පසුව ගැඹුරු තෙලේ තප්පර 10ක් විතර බැදගන්න.
  • chocolate souce උඩින් දාලා උණුවෙන්ම කෑමට ගන්න

Ice cream pudding

අවශ්‍ය ද්‍රව්‍ය

  • Ice cream Cup 2 ක්
  • කුඩාවට කපාගත් කජු
  • වියළි මිදි
  • කුඩාවට කපාගත් ආමන්ඩ් ඇට
  • පෙති කපාගත් බටර් කේක් 500g ක්
  • chocolate sauce
  • කෑලි කරගත් ඔරියෝ බිස්කට්

සාදාගන්න ආකාරය

  • මුලින්ම පුඩින් බෝල් එක අරගෙන Ice cream ලේයර් එකක් දාගන්න.
  • පසුව එයට කුඩු කරගත් කජු හා ආමන්ඩ් ඉසින්න
  • ඉන්පසු ඔරියො Layer එකක් දාගන්න.
  • Cake Layer එකක් දාගෙන Ice cream ආයෙත් දාගන්න.
  • නැවත ඒ උඩින් කජු, ආමන්ඩ් සහ වියළි මිදි ඉසින්න
  • පසුව chocolate sauce වත්කරන්න
  • දැන් පැයක් වගේ Fridge එකේ තියලා කෑමට ගන්න.

Eggless ice cream cake

අවශ්‍ය ද්‍රව්‍ය

  • වැනිලා හෝ චොක්ලට් Ice Cream කෝප්ප 2 ක්
  • පාන්පිටි කෝප්ප 1 1/2 ක්
  • බේකින් පව්ඩර් තේ හැඳි 2 ක්
  • ලුණු ස්වල්පයක්

සාදාගන්න ආකාරය

  • මුලින්ම ice cream ටික මෙල්ට් වෙන්න ටික වේලාවක් එළියෙන් තියන්න.
  • පසුව එයට අනෙක් ද්‍රව්‍ය සියල්ලම එකතු කර හොඳින් බීට් කරන්න.
  • දැන් Baking Tray එකකට දාගන්න.
  • පසු Pre-heat කරගත් අවන් එකකට දාලා සෙල්සියස් 180°ට විනාඩි 30ක් වගේ bake කරගන්න.
  • දැන් රස බලන්න

හැමදාම එකම විදිහට Ice cream කන්නේ නැතුව මේ විදිහට පොඩි වෙනසක් කරලා බලන්න. බබාලට, පවුලේ යට වගේම අමුත්තන්ට වුණත් පිළිගන්වන්න අපූරු අතුරුපසක්. මේක ඔවුන්ටත් වෙනස්ම අත්දැකීමක් ලබාදෙයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here