Like
Like Love Haha Wow Sad Angry
1

හැමෝම එක වගේ නැහැනේ.කෙට්ටු අය ඉන්නවා,මහත අය ඉන්නවා.ඒ විතරක් නෙමෙයි ඇඟ shape අයත් ඉන්නවා.හැබැයි ඉතින් මේ හැමෝටම හැම ඇඳුමම ගැලපෙන්නේ නැහැ.එකම design එකේ ඇඳුම් තිබුනත් ඒවා size එකෙන් වෙනස් විදිහට නිර්මාණය කරලා තියෙන්නේ හැමෝගෙම ශරීර ප්‍රමාණය සමාන නැති නිසා.ඇඳුම් අඳිනකොට ඔයා වගේ ටිකක් මහත අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇඟ ටිකක් කෙට්ටු විදිහට පේන්න ඇඳුම් අඳින්නේ කොහොමද කියන එක.ඉතින් ඒ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා මම අද ඔයාට කියලා දෙන්නම්.

01) Skin colour පාවහන්

shoe වලට කෙට්ටු වෙලා පේනවා කියල මීට කළින් අහලා නැහැ නේද ?මොකද ඉතින් අපි අහන තරමක් අහලා තියෙන්නේ ඇඳුම් තෝරා ගන්න විදිහට ශරීරයේ කෙට්ටු බව මහත බව පේනවා කියලනේ.සාමාන්‍යයෙන් skirt එකක්,frock එකක් ඇඳලා ඉන්නවා නම් ඕනෑම කෙනෙක්ගේ ඇස් යන්නේ කකුල් වලට.ඒ නිසා කකුලේ පාටට සමාන colour එකක් තියෙන shoes තෝරාගන්න.

02) මොන පැත්තට ඉරි තියෙන ඇඳුම්ද ගැලපෙන්නේ ?

ඔයා දැන් අඳිනවා ඇත්තේ හරස් අතට ඉරි තියෙන ඇඳුම් වෙන්න පුළුවන්.හැබැයි ඉතින් එහෙම ඇඳුම් අඳිනවා නම් වෙන්නේ ඔයාගේ සිරුරේ මහත තවත් වැඩි වෙන එක.ඒ නිසා ඔයා ඇඳුම් select කර ගන්නකොට දිඟ අතට ඉරි තියෙන ඇඳුම් තෝරාගන්න.ඒකෙන් ඔයාගේ තියෙන මහතා ගතිය අඩු කරලා පෙන්නනවා.

හැබැයි ඔයාගේ කැමැත්ත තියෙන්නේ හරස් ඉරි තියෙන ඇඳුම් නම් ඉනෙන් උඩ කොටස පළලින් අඩු ,උඩු කයට හරස් ඉරි තියෙන ඇඳුම් අඳින එකෙන් ශරීරයේ පෙනුම සමබර කරගන්න පුළුවන්.

03) ඩෙනිම් අඳිනකොට මොකද කරන්නේ

ඩෙනිම් කියන්නේ ඉතින් අපි නිතර දෙවේලේ අඳින ඇඳුමක්නේ.සාමාන්‍යයෙන් ඔයා Denim අදිනකොට උඩින් dark colour jacket එකක අඳින්න.කළු, තද නිල් වගේ පාටකින් ශරීරයේ උඩ කොටසේ මහත පෙනුම නැති කරන නිසා ඔයාගේ මහත පෙනුම අඩු කරනවා.අනිත් කාරණාව තමයි jacket එකක් ඇන්දට පස්සේ ඒකෙ button දන්නා එපා.

ඔයාට තවත් දෙයක් කරන්න පුළුවන්.high waist jeans අඳින්න.ඒකෙන් ඔයාගේ ලොකුවට තියෙන බඩ අඩු කරලා පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි ලස්සන පෙනුමකුත් ලැබෙනවා

04) හැම පාටම ගැලපෙයිද

නිතරම කළු පැහැයට හුරු තද පාටවල් මහත පෙනුමක් තියෙන අයට ගොඩක් වැදගත් පාටක්.මොකද දන්නවාද ඒ වගේ colors වලින් ඔයාගේ තියෙන මහත අඩු කරනවා.ඒ වගේම අනවශ්‍ය ලෙස එල්ලා වැටෙන ලූස් ඇඳුම් වලින් මහත ගොඩක් පෙන්වන නිසා ඒ වගේ ඇඳුම් අඳින්න නම් එපා.සම්පූර්ණ ඇඟම එකම වගේ මහත නම් plain colour ඇඳුම් වලට වැඩි තැනක් දෙන්න.උඩ කොටස මහත කකුල් මහතින් අඩු කෙනෙක් නම් ලා පාට කලිසම් සහ සාය වලට තද පාට t – shirt සහ blouse තෝරගන්න.අනිත් කාරණය තමයි කොටු වගේ prints තියෙන ඇඳුම් අඳින්න.ලොකු prints තියෙන ඇඳුම් වලින් මහත වැඩි කරලා පෙන්වන නිසා ඒ වගේ ඇඳුම් අඳින්න එපා

ඉතින් මේ විදිහට හරියටම තෝරලා ඇඳුම් ඇන්දොත් ඔයාගේ තියෙන අනවශ්‍ය මහත අනිත් අයට පෙන්නේ නැති වෙයි.අද ඉදන් ඉතින් ඔයා ඇඳපු ලොකු ලොකු ඇඳුම් අයින් කරලා මම කියපු විදිහට ඇඳලා බලන්න.යාළුවන්ටත් ඔයාගේ සැබෑම වෙනසක් දැකගන්න පුළුවන් වෙයි

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here