ළඟ ළඟම නත්තල එනවා.හැබැයි තාමත් හිතුවේ නැහැ නේද ගෙදර එන අයට මොනවද serve කරන්නේ කියලා.කන්න දේවල් කොච්චර හැදුවත් drinks දෙන එක නම් අමතක කරන්නම බැරි දෙයක්.ඉතින් මම අද ඔයාට කියලා දෙන්නම් නත්තල දවසට ඔයාගේ ගෙදරට එන අමුත්තන්ට serve කරන්න හොඳ drink එකක් ගැන.මේක නිකන්ම නිකන් drink එකක් නම් නෙමෙයි මේක රසම රස වයින්.
අවශ්‍ය ද්‍රව්‍ය

- ඇපල් ගෙඩි 6 – 7
- සීනි 500g
- යීස්ට් තේ හැඳි 01
- කරාබු නැටි 6 – 7
- වතුර 1L
- කරදමුංගු ඇට 6 – 7
- දෙහි ගෙඩියක යුෂ
හදාගන්නේ කොහොමද ?
- ඇපල් ගෙඩි ගෙන පොතුත් එක්කම පොඩියට කපා වතුර එකතු කරලා ලිපේ තියලා උතුරවන්න.
- පසුව නිවුනම දවස් 05ක් වීදුරු භාජනයක දාලා වහලා තියන්න.

දවස් 5කට පසු
- ඇපල් වයින් එකට සීනි, තලාගත් කරදමුංගු, කරාබුනැටි,දෙහි යුෂ සහ යීස්ට් එකතු කරලා සතියක් පැහෙන්න තියන්න.
- සතියකට පස්සෙ පෙරාගන්න.
- මන්ඩි ටික යටට යන්න තව දවසක් වගේ හොලවන්නෙ නැතුව තියලා පුනීලයකට පුළුන් හිරකරලා පැහැදිලි ද්‍රාවණයක් එනකල් පෙරාගන්න.
- පාට මදි වගේ නම් සීනි ටිකක් කැරමල් කරලා දාගන්න.
- ඊට පස්සේ මාස 3 – 4ක් වෙනකොට තමයි ඇපල් වයින් වල නියම සැර එන්නේ.



