පොඩ්ඩක් බලන්න ඔයාගේ skin එකට මොකද වෙලා තියෙන්නේ කියලා.හොදටම ගොරෝසු වෙලාද? ඉරි තැලිලා වගේද? ඒ කියන්නේ ඔයාගේ skin එක dry වෙලා.දැන් මොකද කරන්නේ.? skin එක කියන්නේ ශරීරයේ තියෙන විශාලම ඉන්ද්‍රිය කියලා ඔයා දන්නවනේ.ඉතින් skin එක dry වෙලා කැත වෙලා නම් ලස්සන ඇඳුමක් අඳින එකත් dream එකක් වෙනවා.එහෙම වුනොත් ඔයාට වෙන්නේ හැමදාම දිඟට දිගේ ඇඳුම් අඳින්න තමයි.මේ වියලි ගතිය නැති කරන්න ඔයා රටේ නැති cream වර්ග ගාන්න ඇති.ඒත් ඉතින් වියදම් කළා විතරයි හොඳ result එකක් ගන්න බැරි වුණානේ.ඉතින් මම අද ඔයාට කියල දෙන්නම් ඔයාගේ සමේ තියෙන dry ගතිය නැති කරන්නේ කොහොමද කියලා.
සම වියලෙන්න හේතුව

- වයස්ගත වීම නිසා
- විටමින් A, B සහ ඛනිජ ලවණ ඌණතා
- දියවැඩියාව
- අක්මාවේ රෝගී තත්වයන්
- වකුගඩු අබාධ
- ඇදුම රෝගය
- තයිරොයිඩ් හෝමෝනය නිපදවීම අඩු වීම
- සමේ අපිචර්මයේ ගැටළුවක් නිසා
- ජානමය බලපෑම් නිසා
- අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් වැනි ශරීරයේ මේදය අඩු කිරීමට ලබා දෙන ඖෂධ නිසා
- හෝමෝන වල වෙනස්කම්
- පාරිසරික වෙනස්වීම්
- රසායනික අඩංගු සබන් සහ ආලේපන නිසා
- දුම්පානය
Homemade Treatment
කෝමාරිකා – Aloe Vera

- රාත්‍රී නින්දට පෙර කෝමාරිකා කැබැල්ලක් අරගෙන සමේ ආලේප කරන්න.
- උදෑසන සෝදා හරින්න
- දිනපතා මේ විදිහට treatment එක කරනවා නම් හොඳ result එකක් ලබා ගන්න පුළුවන්
පොල්තෙල් – Coconut Oil

- පොල්තෙල් ගෙන දවසට දෙවරක් සිරුරේ ආලේප කර සෝදා හරින්න
- මේ විදිහට දිනපතා සිදු කිරීමෙන් වියලි බව නැති කරලා තෙතමනය ආරක්ෂා කර ගන්න පුළුවන්
මී පැණි – Honey

- මී පැණි ශරීරයේ ආලේප කර පැයකින් පමණ සෝදා හරින්න
- මී පැණි වලින් skin එක නැවත පණ ගන්වනවා වගේම වියලි බවත් නැති කරනවා විටමින් E
- විටමින් E කරලක් ගෙන එහි තෙල් රාත්‍රියේ සමේ ආලේප කරන්න
- උදෑසන ඇල් ජලයෙන් සෝදා හරින්න
කෙසෙල් – Banana

- ඉඳුණු කෙසෙල් ගෙඩි 01කට පොල්තෙල් මේස හැන්දක් දමා මිශ්‍ර කරන්න
- ඒ මිශ්‍රණය සමේ ආලේප කර වියලෙන්න හැර සෝදා හරින්න
ඔයාට මේ වගේ දේවල් කරන්න වෙලාවක් නැත්නම් හරි මේ දේවල් හොයා ගන්න බැරි නම් හරි ඔයාට පුළුවන් cream එකක් use කරන්න.හැබැයි ඉතින් වෙළඳපොලේ මේ වෙනකොට ගොඩක් product තියෙන නිසා හොඳම එකක් හොයා ගන්න එක අමාරුයි තමයි.ඒ නිසා ඔයා cream එකක් ගන්නකොට කෝමාරිකා සහ ආමන්ඩ් ඔයිල් තියෙන cream එකක් ගන්න.ඒවා අනතර්ගත වෙන තෙතමනය ආරක්ෂා කිරීම,වියළි බව අවම කිරීම,සම සුසිනිඳු කිරීම ,පැහැපත් බවක් ලබා දෙනවා වගේම දවස පුරා නැවුම් සුවඳවත් බවක් ලබා දෙනවා.ඒ නිසා මේ වගේ cream එකක් ගන්නවා නම් ඔයාට ගොඩක් benefit ලබා ගන්න පුළුවන්.
ඊට අමතරව ඔයාට කරන්න පුළුවන්
- ස්නානය කිරීමට උණු වතුර භාවිතයෙන් වලකින්න
- ස්නානය කිරීමෙන් පසු moisturizing cream එකක් ගාන්න
- දිනපතා ස්නානය කරන්න
- නිතරම ජලය පානය කරන්න
- Towel එකෙන් සිරුර මෘදුව පිස දමන්න
- වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම
ඉතින් මම අද ඔයාට කියලා දුන්නා dry skin එකට කරන්න පුළුවන් treatment ටිකක් ගැන.දැන් ඔයාට පුළුවන් මේ දේවල් කරලා ඔයාගේ dry වෙලා තියෙන skin එකට treatment කරන්න.ඒ විතරක් නෙමෙයි ඔයාගේ result ගැන අපිට කියන්න අමතක කරන්න එපා.



