Hair color කියන්නේ දැන් ගොඩක් අය කරන දෙයක්නේ.hair color නොකරපු කෙනෙක් දකින්න නැති තරමටම ඒක ජනප්‍රිය fashion එකක් වෙලා.හැබැයි hair color කරන්න කලින් හිතන්න ගොඩක් දේවල් තියෙනවා.maybe මේක කියවන ඔයා මේ වෙනකොට hair color එකක් කරපු කෙනෙක් වෙන්න ඇති.ඒ කොහොම වුනත් ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි.අද මම ඔයාට කියලා දෙන්නම් hair color එකක් කරන්න කලින් මොනවද දැනගන්න ඕනී වගේම hair color එකක් කරාට පස්සේ කොහොමද ඔයාගේ කොන්ඩේ පරිස්සම් කර ගන්න ඕනි කියලා.
01) ඔයයි ඔයගේ සමයි

Hair color කරන එක හිතුන ගමන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.මුලින්ම ඔයා කරන job එකේ පසුබිම,staff එක වගේම ඔයාගේ පෞර්ෂත්වය ගැනත් හොඳට හිතන්න වෙනවා.මොකද හැම color එකක්ම හැමෝටම ගැලපෙන්නේ නැහැ.ඔයා කැමති කැපී පේන color එකකට වුනත් maybe ඔයාගේ skin tone එක අනුව එකේ ගැලපීම නොගැලපීම තීරණය වෙනවා.ගොඩක් වෙලාවට අපේ skin tone එක
- කහ පැහැයට හුරු
- වෝම් (Warm) Skin tone
- රතට හුරු කූල් (Cool) Skin tone
මේ Color වලින් එකකට ඔයා අනිවාර්යයෙන්ම අයිති වෙනවා.
ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ skin tone එක cool ද warm ද කියලා බලලා කොණ්ඩෙට දාන color එක select කර ගන්න එක.සමේ පැහැය අඳුරු කරවන color එකක් නැතුව සම දීප්තිමත්ව පෙන්වන පාටක් select එතකොට පුළුවන්.
02) Color එකේ photo එකක් ගන්න පුලුවන්නම් හොඳයි.

කොණ්ඩෙට දාන්නේ මොන වගේ color එකක්ද කියලා saloon එකට ගිහින් නම් select කර ගන්න යන්න එපා.එහෙම වුනොත් වෙන්නේ ඔයා හිතුවෙවත් නැති පාටක් ගාන්න වෙන එක.ඒ නිසා ඔයා හිතාගෙන ඉන්න color එක මොකක්ද කියලා අඩුම තරමේ photo එකක්වත් ගහ ගන්න.අනිත් දේ තමයි ඔයා කියන color එක beauticianට මතක් වෙන පාට නොවෙන්න පුළුවන්.අන්න ඒ නිසා තමයි මම ඔයාට කිව්වේ කරන්න හිතාගෙන ඉන්න color එකේ photo එකක් ළඟ තියා ගන්න කියලා.එහෙමත් නැත්නම් color කරන්න කලින් වෙලාව අරගෙන saloon එකට ටිකක් කලින් යන්න .ගිහින් saloon එකේ තියන color palette එකෙන් ඔයාට ගැලපෙන සහ ඔයා කැමති color එකක් තෝරාගන්න.
03) Allergy ගැන නම් හිතන්නම වෙනවා

ගොඩක් අයට chemicals වලට අසාත්මිකතා එහෙමත් නැත්නම් allergy වෙන්න පුළුවන්.ප්‍රථම වතාවට hair color කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් allergy test කරන්නම ඕනී.ඒ වගේම ඔයාට වෙනත් allergy තියෙනවා නම් ඒ ගැන beauticianට කියන්න.ඒ වගේම ඔයා saloon එකක color කර ගන්න හිතනවා නම් කලින් දවසේ hair color එක කණ පිටුපස skin එකේ ගාලා allergy test එක කර ගන්න.ගෙදර කරගන්නවා නම් ඔයාට allergy test එක ඒ විදිහටම කර ගන්න පුළුවන්.පැය 24ක් ඇතුලත ආසාත්මිකතාවයක් ඇති වුණේ නැත්නම් බය නැතුව වර්ණ ගන්වන්න පුළුවන්.හැබැයි allergy එකක් වුනොත් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ගන්න අමතක කරන්නත් එපා.
04) කොන්ඩේ wash කරන්න නම් අමතක කරන්න එපා

Saloon එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ කොණ්ඩේ wash කරගෙන යන්න අමතක කරන්න එපා.මොකද අපේ හිස්කෙස් වල ස්වභාවයෙන්ම තියෙන තෙල් ගතියත්, ඒ මත ඇති දුහුවිල්ලත් නිසා color එකක් කළොත් හරියට color එක කොන්ඩෙට හිටින්නේ නැහැ.අනිත් එක ටික කාලයක් color එක තියා ගන්නනේ color එකක් කරන්නේ.ඒ නිසා කරන එක හරියට කරගන්න.
05) Light color සහ dark color

Blonde Colors එහෙමත් නැත්නම් ලා වර්ණ වලින් හිසකෙස් highlight කරනවා නම් ඔයාට අනිවාර්යයෙන් bleaching කරන්නම වෙනවා.හැබැයි bleaching කරන එක නිරෝගී hair එකකට නම් හොඳ දෙයක් නෙමෙයි.ඒකෙන් කොණ්ඩෙට වෙන හානිය වැඩි වෙනවා.හැබැයි Blonde Colors කරනවා නම් ඔයාට bleaching කරන්න වෙනවා.ඒක කරන්න වෙනම dust එකක් use කරනවා.Dark Colors වලින් වර්ණ ගන්වනකොට එහෙම ගැටළුවක් ඇති වෙන්නෙ නැහැ.බ්ලීච් නොකරම වර්ණ ගන්වන්න පුළුවන්.
Color කරලා ඉවරයි.දැන් මොකද කරන්නේ.

01) මෙච්චර දවස් ඔයා use කරපු shampoo එකයි conditioner එකයි පැත්තකට දාන්න වෙනවා.ඒ වෙනුවට hair color එක ආරක්ෂා වෙන color protection shampoo එකකුයි,conditioner එකකුයි use කරන්න.ඒකෙන් color එක වැඩි කාලයක් තියාගන්න පුළුවන්.
02) ඔයා අව්වට යන එක හැකි තරම් අඩු කරලා Silicone oil හරි leave on conditioner එකක් හරි use කරන එක ඔයාට හොදයි.ඔයා pool use කරන කෙනෙකේ නම් Chlorine නිසා hair color එක fade වෙන්න පුළුවන්.ඒ නිසා ඔයා swimming කරන කෙනෙක් නම් hair cap එකක් use කරන එක හොදයි
03) ස්වභාවික හිසකෙස් වල color එකත් එක්කම shade වෙන පාටකින් color එක කලා නම් මාස හයකට වතාවක් color කරන කාලය දික් කරගන්න ඔයාට පුළුවන්.
ඔන්න ඔයා color කරන්න බල බලා හිටියා නම් දැන් ඔයා දන්නවා කොහොමද color කරගන්න ready වෙන්නේ කියලා.ඒ විතරක් නෙමෙයි කරගත්ත color එක වැඩි කාලයක් තියාගන්නේ කොහොමද කියලත් දැන් ඔයා හොඳටම දන්නවා.දැන් ඔයාට පුළුවන් බය නැතුව ගිහින් ඔයාගේ කොණ්ඩෙට ඔයාට ගැලපෙන ලස්සන color එකක් select කරගෙන ලස්සන hair color එකක් කර ගන්න පුළුවන්.



