Like
Like Love Haha Wow Sad Angry
2

ඔයා scrub කරන එක නිතරම කරන දෙයක්නේ.මුහුණේ තියෙන මැරුණු සෛල ඉවත් කිරීම තමයි scrub කිරීමෙන් කරන්නේ .අපි සාමාන්‍යයෙන් මුළු ඇඟම scrub කරනවා නම් ඒ සඳහා ‘Body Scrub’ වර්ග වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්.ඒ වගේම මුහුණ Scrub කරනවා නම් ඒ සඳහා වෙනම face Scrub තියෙනවා.ඒත් හරියටම Scrub කරන්නේ කොහොමද කියලා ඔයා දන්නවද ?නැත්නම් ඔයා Scrub කරන්නේ හැමෝම කරන නිසාද.?ඉතින් එහෙම නැතුව හරියටම Scrub කරන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දෙන්නම්.

සාමාන්‍යයෙන් Scrub වර්ග කිහිපයක් තියෙනවා

  • Scrub Cream
  • Scrub Mask
  • Scrub Pack
  • Scrub Gel

කොච්චර Scrub කලත් මැරුණු සම ඉවත් වෙලා නැත්නම්

  • සමේ පැහැපත් බව නැතිවීම
  • කළුලප ඇතිවීම
  • දුර්වර්ණවීම
  • අපිරිසුදු ස්වභාවයක් ඇතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්.

ඔයා දන්නවාද ?

මුහුණ විතරක් නෙමෙයි.Scrub කරනවා නම් body එකත් Scrub කරන්න ඕනී.මුහුණ Scrub කරනවා නම් සතියකට දවස් 02 – 03ක් වගේ කරන්න.ඒ වගේම body එක Scrub කරනවා නම් සතියකට 01 දවසක් විතර කිරීම ප්‍රමාණවත්.

ඒ විතරක් නෙමෙයි ඔයාගේ මුහුණේ නිතර නිතර සමේ කළුලප (Blackheads,Whiteheads) ඇතිවනවා නම් ,එහෙමත් නැත්නම් skin එකේ අධික oily ගතියක් තියෙනවා නම්, හරියටම සතියට දවස් හතරක් විතර Scrub කරන්න ඕනී.හරි විදියට මුහුණේ මැරුණු සෛල ඉවත් වුණාම skin එක නිරෝගී වගේම fair බවක් ඇති වෙනවා.

මේ විදිහට Scrub කරමු

Scrub කරන්න කලින් මුලින්ම හොඳම Scrub එකක් තොර ගන්න.ඔලිව් ඔයිල්, ඇප්රිකොට්,ආමන්ඩ් වගේ දේවල් අඩංගු වෙලා තියෙන Scrub එකක් නම් ගොඩක් හොඳයි

  • Scrub කරන්න කලින් මුහුණ හොඳට සෝදලා තෙත් ගතිය තියෙනකොටම Scrub කරන්න පටන් ගන්න.
  • ඊළඟට ඔයා තෝරා ගත්ත Scrub එක මුහුණේ තැනින් තැන සුළු ප්‍රමාණ වලින් ගා ගන්න.
  • දැන් කවාකාරව මෘදු ආකාරයෙන් සම්භාහනය කරන්න.

Important tips

  • Scrub කරනකොට skin එක නොඇදෙන ආකාරයට කරන්න ඕනි.
  • ඒ වගේම සම සීරෙන ද්‍රව්‍ය අඩංගු වෙලා තියෙන ආලේපන භාවිතා කරන්න එපා.
  • විනාඩි 3 – 5ක් වගේ time එකක් Scrub කරාට පස්සේ මුහුණ සෝදන්න .
  • ඊට පස්සේ cotton කැබැල්ලක් අරගෙන මුහුණේ toner ආලේප කර ගන්න
  • අවසානයට moisturizer cream එකක් ගල්වන්න

Homemade scrub

Dry Skin

අවශ්‍ය වෙන්නේ

  • පොඩි කරගත් කෙසෙල් ගෙඩියක්
  • කුඩු කරගත් සීනි තේ හැන්දක්
  • මී පැණි තේ හැන්දක්.

මෙහෙම හදා ගමු

  • පොඩි කර ගත් කෙසෙල් ,සීනි සහ මී පැණි එකතු කරලා මිශ්‍රණයක් හදා ගන්න
  • දැන් මිශ්‍රණය මුහුණේ ගලා කවාකාරව scrub කරන්න

Oily skin

අවශ්‍ය වන්නේ

  • කුඩු කරගත් දොඩම් ලෙලි
  • මී පැණි තේ හැන්දක්

මෙහෙම හදා ගමු

  • මී පැණි සහ කුඩු කරගත් දොඩම් ලෙලි එකට දාලා මිශ්‍ර කර ගන්න
  • ඊට පස්සේ කවාකාරව scrub කරන්න

Important tips

  • scrub කරනකොට හැමදාම scrub කරන්න එපා.හිරු කිරණ වලින් වන හානිය වලක්වා ගන්න රාත්‍රී කාලයේදී විතරක් scrub කරන්න.
  • ඒ වගේම ඇස් වටේ scrub කරන්නත් එපා

ඉතින් මම අද ඔයාට කියලා දුන්නා කොහොමද හරියටම scrub කරන්නේ කියලා.ඒ විතරක් නෙමෙයි හරියටම use කරන්නේ කොහොමද කියලත් කියලා දුන්නා.ඉතින් ඔයාට පුළුවන් අද ඉදන් හරියටම scrub කරන්න.ඒ වගේම skin එක ඉක්මනට fair කර ගන්නත් ඔයාට පුළුවන්.අමතක කරන්න එපා ඔයාට ලැබුණු result ගැන helloladies.lk අපිට කියන්න

Like
Like Love Haha Wow Sad Angry
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here