Like
Like Love Haha Wow Sad Angry

ඔයා මම අපි හැමෝම නිතරම Perfume use කරනවා.Perfume කියන එකත් අනිත් දේවල් වගේම අපේ ජිවිතයට බද්ධ වෙලා වගේනේ දැන් තියෙන්නේ.මොකද ඒ තරමටම perfume අපේ ජිවිත වලට සමීපයි.දවසේ වැඩි වෙලාවක් Office එකේ නැත්නම් එළියේ ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම Perfume එකක් Use කරනවා නම් ගොඩාක් හොඳයි.අනිත් එක මේ perfume නිසා ඔයාගේ වගේම අනිත් අයගෙත් දවසේ වැඩ කටයුතු ප්‍රබෝධමත්ව කරන්න හැකියාවක් ලැබෙනවා.තව දෙයක් තමයි ඔයාට ඉක්මනින් අනිත් අයගේ Attraction එක දිනා ගන්නත් පුළුවන්.ඉතින් අපි බලමු perfume ගන්න කලින් හිතන්න ඕනී දේවල් මොනවද කියලා.

ඔබ දන්නවාද ?

ඔයා Use කරන Perfume එක නිසා ඔයාව තව කෙනෙක්ට මතක කරවන්න පුළුවන් කියලා

Perfume ගැල්වීම කියන්නේ අමුතුම කලාවක්

ඒකෙන් තව කෙනෙක් ප්‍රබෝධමත් කරන්නත් ,අපහසුතාවයට පත් කරන්නත් හැකියාව තියෙනවා.ඒකෙන් වෙන්නේ ඔයාව අපහසුතාවයට පත් වෙන එක.

01) හරිම සුවඳ මෙහෙම බලමු

ඔයාට ඒකට කරන්න තියෙන්නේ shop එකෙන් දෙන කඩදාසි තීරුවකට හරි එහෙමත් නැත්නම් ඔයාගේ අතේ මැණික් කටුව ලඟට හරි perfume ටිකක් ගහලා විනාඩියක් විතර ඉඳලා සුවඳ බලන්න.ඒ විදිහට perfume එකේ හරිම සුවඳ මොකක්ද කියලා ඔයාට බලන්න පුළුවන්.

ඒ වගේම තව වැඩක් කරන්න පුළුවන්.ඒක කරන්න තියෙන්නේ ඔයා Sopping කරන්න යන ගමන් තමයි.ඔයා මුලින්ම Perfume ටිකක් අතේ මැණික් කටුව ලඟට Press කර ගන්න.ඊට පස්සේ ඔයාට Shopping කරන්න යන්න තියෙන අනිත් තැන වලට ගිහින් විනාඩි 20කින් හෝ 30 කින් නැවත අතේ සුවඳ බලන්න.ඊට පස්සේ ඔයාට දැනෙන සුවඳ හොඳයි නම් ,සුවඳ වැඩි කාලයක් තියෙනවා නම් ඔයාට කිසිම බයක් නැතුව Perfume එක ගන්න පුළුවන්.

02) Perfume ගල්වන්නට පෙර සිතන්න

මම එහෙම කිව්වේ ඇයි දන්නවද? Perfume use කලාට පස්සේ දහදිය දානවනේ.එතකොට Perfume එකේ තියෙන සුවඳ වෙනස් වෙනවා.ඒ නිසා දහදිය දැම්මත් ඔයාට ගැලපෙන සුවඳ මොකද කියලා හරියටම තෝරා ගන්නම වෙනවා.එකට ඔයාට කරන්න පුළුවන් Perfume වර්ග කිහිපයක් use කරලා බලන්න.ඊට පස්සේ ඔයාට ගැලපෙන වර්ගය Select කර ගන්න පුළුවන්.ඒ වගේම අනිත් අයගේ ආකර්ශනය දිනා ගන්නත් ඔයාට පුළුවන්.හැබැයි ඕනීම දෙයක් ඕනෑවට වඩා ඕනී නැහැ කියන නිසා Perfume වුනත් ඕනිවට වඩා Use කරන්න එපා.එකෙන් ඔයා අනිත් අයගේ අප්‍රසාදයට ලක් වෙන්නේ තියෙන ඉඩ කඩ වැඩියි

03) Safety first

ඔයා office යන්න late වුණහම දඩ බඩ ගාලා perfume දා ගත්තට ඒක නම් එච්චර හොඳ වැඩක් නම් නෙමෙයි.ඇයි දන්නවද?perfume spray කරනකොට ඇස් වලට ,කටට යන අවස්ථා තියෙනවනේ.ඒත් ඒ විදිහට නොයා පරිස්සමෙන් perfume use කරනවා නම් හොඳයි.chemical අධික ලෙස තියෙන perfume එකක් නම් ඔයා use කරන්නේ ඒකෙන් skin Infections ඇති වෙන්න පුළුවන්.ඒ නිසා හැම වේලාවේම ඒ ගැන හොඳ අවධානයෙන් ඉන්නවා නම් හොඳයි

ඔබ දන්නවාද ?

සමහර perfume වර්ග ඇස් වලට spray වුණොත් ඇස් අන්ද වෙන්න පුළුවන්.

04) Perfume ගල්වන හරිම විදිහ

ගොඩක් වෙලාවට ඔයා කරන්නේ ඇඳුම් ඇඳගෙන ඊට පස්සේ perfume දා ගන්න එකනේ.ඒක නම් වැරදි ක්‍රමයක්.මොකද ඇඳුම් වල ගාපු සුවඳ විලවුන් වැඩි වෙලාවක් රැඳෙන්නේ නැහැ.අනිත් කාරණය තමයි perfume ඇඳුමට ගැලවූ පසු පැල්ලම් මතු වෙන්න ඉඩ තියෙනවා වගේම ඔයාගේ ආභරණ වල තැවරුනොත් ඒවායේ තියෙන shine එක නැති වෙන්නේ ඉඩ තියෙනවා.

Perfume use කරනකොට කණ දෙපස,මැණික් කටුව ,දණහිස් පිටුපස සහ කකුලේ වළලුකර වැනි නාඩි තිබෙන ප්‍රදේශ වල ගැල්වීමෙන් වැඩි වේලාවක් සුවඳ තියා ගන්න පුළුවන්.

තව දෙයක් තියෙනවා,perfume ටිකක් දා ගත්ත cotton එකක් සිරුරේ ඕනෑම තැනක තියා ගත්තොත් ඔයාට සුවඳ වැඩි වෙලාවක් තියා ගන්න පුළුවන්.තවත් සමහරු දහදිය ඇති වෙලාවෙත් සුවඳ විලවුන් ගලවන්න පුරුදු වෙලා ඉන්නවා.ඔයා දන්නවද ඒකෙන් වෙන්නේ අප්‍රසන්න සුවඳක් මතු වෙන එක.ඒවගේම ඔයා මීට කලින් දවසක ඇඳපු ඇඳුම් වලට සුවඳ විලවුන් ගැල්වුවාම දහදිය ගඳ නැති වෙනවා කියලා නම් හිතන්න එපා .ඒකෙන් වෙන්නේ ඔයා ගාවින් අප්‍රසන්න දුගඳක් අනිත් අයට එන එක.

05) වෙලාවට ගැලපෙන සුවඳ

ඔයා දවල් කාලයේ රැකියා කරන ස්ථානයට යනවා නම් මෘදු සුවඳක් සහිත විලවුන් වර්ගයක් ගල්වන්න.වැඩිපුර පිරිස ගැවසෙන උත්සව,සංදර්ශන වගේ තැනකට යනවා නම් ටිකක් සැර සුවඳකින් යුතු විලවුන් වර්ගයක් ගල්වාගෙන ගියාට ප්‍රශ්නයක් නැහැ.සාමාන්‍යයෙන් ඔයා Use කරන perfume එක Flower,fruit,Citrus වගේ සුවඳ වර්ගයක් නම් ඒවා උදේ ,දවල් වගේ වෙලාවක් Use කරන්න පුළුවන්.ඒ වගේම සවස් කාලයේ කස්තුරි (Musk),දැව (Wood),වැනිලා(Vanilla) සුවඳ perfume එකක් use කරන්න.

ඉතින් ඔයා perfume ගන්නකොට කවදාවත් මේ ගැන හිතුවේ නැහැ කියලා මම දන්නවා.පුරුද්දට ගන්න එකනේ හැමදාමත් ගත්තේ.ඒ නිසා අද ඉදන් හරියටම ගැලපෙන perfume එක මොකක්ද කියලා හොයලා බලාලා තෝරා ගන්න.එතකොට ඔයාට පුළුවන් දවස පුරාම සුවඳවත්ව ඉන්න.ඒ විතරක් නෙමෙයි අනිත්‍ අයගේ ආකර්ශනය දිනාගෙන ප්‍රබෝදමත්ව වැඩ කරන්නත් පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here