Like
Like Love Haha Wow Sad Angry

Human Immunodeficiency Viruses එහෙමත් නැත්නම් හැමෝම දන්න HIV ගැන කතා කරන්න මට හිතුණා.සමහර අය සමාජ රෝග ගැන කතා කරන්න කැමති නැහැ.මොකද එයාලට ඒ දේවල් ගැන කතා කරන එක ලැජ්ජාවට කාරනාවක් නිසා.ඒ කොහොම වුනත් ඔයා සමාජ රෝග ගැන දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි.මොකද මේ වෙනකොට ලෝකයේ සමාජ රෝග ගැන කතා කරන්න පටන් අරන්.ඒත් එක්කම අනෙකුත් සමාජ රෝග වගේම HIV රෝගයත් බොහෝ දෙනෙකුට මේ වන විට වැළඳී තිබෙනවා.

මේ රෝගය බෝවන රෝගයක් කියලා ඔයා දන්න දෙයක්නේ.ඉතින් අපි බලමු කොහොමද මේ රෝගය බෝ වෙන්නේ කියලා

  • HIV රෝගය රෝගය සහිත ගර්භණී මවකගෙන් ළදරුවාට
  • Needle භාවිතා කර drugs වර්ග ගැනීමේදී
  • අනාරක්ෂිත ලිංගික සබඳතා මඟින්
  • රුධිරය මඟින්
  • ශුක්‍ර ,ගුද හා යෝනි ශ්‍රාවයන්

රෝග ලක්ෂණ මොනවද ?

  • අධික තෙහෙට්ටුව
  • බර අඩු වීම
  • රාත්‍රියට උණ ඇති වීම
  • දිව මතු පිට සුදු ලප ඇති වීම
  • අධික ලෙස පාචනය ඇති වීම
  • සමේ දද ඇති වීම
  • වසා ගැටිති ඇති වීම
  • සම යට හෝ මතුපිට හෝ ඇති වන රුධිර වහනයක්
  • හදසියේ ඇති වන කටහඬ ගොරෝසූවීමක්, රළුවීමක් සමඟ උගුර රිදීම, ගිලීමේ අපහසූව
  • දැඩි මානසික විඩාව, ආතතිය හා විශාදය ඇති වීම
  • නීරක්තිය ඇති වී සම සුදු මැලි වීම

HIV රෝගය නිසා ඇති වන සංකුලතා

HIV කියන්නේ ලේසි පහසු එකක් නෙමෙයි.හදා ගන්න තරම් ලේසියෙන් මේක සුව කර ගන්න නම් බැහැ.මොකද මේ වෙනකොට HIV රෝගයට treatment එකක් හොයාගෙන නැහැ.HIV කියන්නේ ලිංගිකව බෝවන රෝග අතර භයානකම සහ මාරාන්තික වෛරසයක්.ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන එක තමයි මේ මාරාන්තික වෛරසයෙන් කරන්නේ.මේ රෝගය ඇති වුණාට පස්සේ වෙනත් රෝගයන් ඇති වීමේ සම්භාවිතාවය හොඳටම වැඩියි.ඒ වගේම HIV රෝගයෙන් පස්සේ ඇති වන ඕනෑම රෝගයකින් ජීවිතය පවා අහිමි වීමේ අවධානම තියෙනවා.අන්න ඒ නිසාමයි මම කිව්වේ සෙම්ප්‍රතිශ්‍යාවකින් පවා මරණය ගෙන දෙන රෝගයක් කියලා.

01) ශ්වසන පද්ධතිය – නියුමෝනියාව, ක්ෂය රෝගය
02) ස්නායු පද්ධතිය – මතකය දුර්වල වීම / ඩිමෙන්ෂියා
03) පිළිකා – මුඛය වණ වීම, අක්මා ප්රදාහ, ගිලීමේ අපහසුව, මරණය,ලිම්ෆෝමා නම් වසා පද්ධතියේ පිලිකා
ඉතින් HIV තියෙන කෙනෙක්ට මේ වගේ සංකුලතා ඇති වුනොත් තමයි මරණය සිදු වෙන්නේ.

HIV පැතිරීම වලක්වා ගන්නේ මෙහෙමයි

  • ලිංගික සබදතා තමාට විශ්වාස එක් partner කෙනෙක්ට පමණක් සීමා කරන්න.
  • Blood transfusion කිරීමේදී HIV නොමැති බවට සහතික කළ රුධිරය පමණක් ලබා ගන්න.
  • Syringes වර්ග හුවමාරු කර නොගැනීම සහ use කල පසු ආරක්ෂිතව ඉවත් කිරීම
  • ඔයාට HIV තියෙනවා නම් ඔයාගේ partner සායනයට යොමු කිරීම.

ඔයාට මේ රෝගය තියෙනවා කියලා දැන ගන්න අවශ්‍ය නම් රුධිරය මඟින් පරික්ෂා කර ගන්න පුළුවන්.මිට අමතරව ගර්භනී කාලයේදී මේ රෝගය තියෙනවද කියලා දැන ගන්න මේ සඳහා Test සිදු කරනවා.

ඉතින් ගොඩක් අය කතා කරන්න අකැමති දෙයක් ගැන මම අද ඔයාට කියල දුන්නා.ලෝකයේ මේ වෙනකොට HIV වලට හරියටම treatment එකක් හොයාගෙන නැහැ.ඒ නිසා අනිවාර්යයෙන්ම සමාජ රෝග ඇති වෙන්නේ නැති වෙන්න කටයුතු සිදු කරන්න ඕනී.මොකද ඔයාගේ ආරක්ෂාව තියෙන්නේ ඔයාගේ අතෙනේ.safety first කියන්නේ අන්න ඒ නිසයි.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here