ඇස් යට කළු වෙලා කියන්නේ ඇත්තටම ඔයාට තියෙන ලොකු ප්‍රශ්නයක් කියලා මම දන්නවා.ඒ නිසාම make – up දාන්නේ නැතුව කොහේටවත් යන්න බැරි තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ.ඔයා විතරක් නෙමෙයි ගොඩක් අය ඇස් යට කළු වීම නිසා worry වෙනවා.මුහුණ ලස්සන කර ගන්න එක එක ජාතියේ cream වර්ග use කලත් ඇස් යට කළු වීම ගැන හිතුවේ නැහැනේ.ඇස් කියන්නේ ඉතා සියුම් සංවේදී ස්ථානයක් නිසා treatment කරනකොට ටිකක් හිතන්න වෙනවා.ඉතින් ඔයාගේ මේ ඇස් යට කළු වීමට හරියටම කරන්නේ මොකක්ද කියලා මම ඔයාට කියලා දෙන්නම්.
ඇස් යට කළු වීමට හේතු

- පරම්පරාවෙන්
- විවිධ අසාත්මිකතා
- ප්‍රමාණවත් නින්දක් නොලැබීම
- නිතර හිරු රශ්මියට නිරාවරණය වීම
- අධික ලෙස පරිගණක භාවිතය
- පෝෂණ ඌණතා
- හෝර්මෝන අසමතුලිතතා
- නිදි වැරීම සහ මානසික ආතතිය
- අධික දුම්පානය සහ මත්පැන් පානය
- ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට
- පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම.
මේ දේවල් තමයි ඇස් යට කළු වීමට ගොඩක් වෙලාවට බලපාන්නේ.ඉතින් ඔයාගේ ඇස් යට කළු වෙන්නත් මම කියපු දේවල් වලින් එකක් හරි හේතුවක් වෙන්න පුළුවන්.මේකට ප්‍රතිකාර නම් ඕනී තරම් තියෙනවා.ඒත් හරියටම හරියන එක මොකක්ද කියලා තාමත් ඔයාට හොයාගන්න බැරි වුණානේ.මම ඔයාට කියන්නම් මේකට කරන්න පුළුවන් treatment ටිකක් ගැන.
ආමන්ඩ් ඔයිල් (Almond oil)

රෑට නිදා ගන්න කලින් Almond oil බින්දු 02ක් විතර අරගෙන ඇස් වටේ ගාලා හොඳට Massage කරන්න. ඊට පස්සේ උදේට cool water වලින් සෝදන්න. මේ සත්කාරය දිනපතා සිදු කරනවා නම් ඉක්මනින් result ගන්න පුළුවන්.
පිපිඤ්ඤා (Cucumber)

මේක නම් ඉතින් ඔයා දන්න trick එකක්.Cucumber ගෙඩියකින් පෙති 2ක් කපලා විනාඩි 30ක් විතර fridge එකේ තියන්න.ඊට පස්සේ ඒ Cucumber පෙති 02 ඇස් වල කළු වෙලා තියෙන area එකේ විනාඩි 10ක් විතර තියාගෙන ඉන්න.
අර්තාපල් (potato)

අර්තාපල් ගෙඩියක යුෂ අරගන්න.cotton එකකින් පොඟවලා ඇස් වටා ප්‍රදේශයේ තියා ගෙන විනාඩි 10ක් විතර ඉන්න.ඊට පස්සේ සීතල වතුරෙන් සෝදන්න විතරයි තියෙන්නේ.
තක්කාලි යුෂ (Tomato juice)

තක්කාලි යුෂ තේ හැන්දකට ලෙමන් යුෂ තේ හැඳි භාගයක් එකතු කරලා මිශ්‍රණයක් හදා ගන්න.ඊට පස්සේ ඒ මිශ්‍රණය ඇස් වටේ ගාලා විනාඩි 10කින් පස්සේ සෝදන්න.
ටී බෑග් (Tea bag)

මේකත් ගොඩක් easy වැඩක්.ටී බෑග් දෙකක් අරගෙන 30 minutes විතර තියලා ඇස් වටා විනාඩි 10-15ක් විතර තියා ගන්න.ඊට පස්සේ cool water වලින් සෝදන්න. Treatment එක දිඟටම කරනවා නම් ඔයාට ඇස් යට කළු වීම විතරක් නෙමෙයි ඇස් නිරෝගීව තියා ගන්නත් හැකියාව ලැබෙනවා.
පොල් තෙල් (Coconut oil)

Coconut oil කියන්නේ කෑමට විතරක් ගන්න දෙයක් නෙමෙයි.හොඳ moisturizer එකක්.ඔයාට කරන්න තියෙන්නේ Coconut oil බින්දු 02ක් විතර අරගෙන ඇස් වටේ ගලා හොඳට Massage කරන එක විතරයි.පැයකින් පස්සේ wash කරන්න.
මම කියපු treatment කරනවට අමතරව ඔයාට පුළුවන් under eye pad එකක් use කරන්න.හැබැයි under eye pad එකක් ගන්නකොට
- විටමින් K
- විටමින් C
- විටමින් E
- කිරි සාරය
- කොලැජන්
අඩංගු වෙලා තියෙන product එකක් ගන්න.ඒවා වලින් ඇස් වටා කළු වීම වගේම රැළි වැටීමත් නැති කරනවා.
ඉතින් දැන් ඔයාට තේරෙනවනේ ඇස් යට කළු වීම කියන්නේ ඔයාගේ beauty එකට ලොකු ප්‍රශ්නයක් වුණාට විසඳ ගන්න එක අමාරු වැඩක් නෙමෙයි කියලා.මොකද ඉතින් දන්නා නොදන්නා හැම beauty product එකම use කලත් මේ පොඩි treatment ටික ඔයාට කර ගන්න බැරි වුණානේ.අන්න ඒ නිසාමයි ඔයාගේ මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න අපි හිතුවේ.වැඩිය හිතන්න දෙයක් නැහැ දැන්.ඔයා මම කියලා දුන්න මේ චුටී treatment ටික කරලා බලන්න.අනිත් එක ඔයාගේ result ගැන helloladies අපිට කියන්නත් අමතක කරන්න එපා.



