අනවශ්‍ය රෝම කියන්නේ ඔයාගේ ලස්සන නැති කරන දෙයක්.මේ රෝම නිසා සමහර වෙලාවට ඔයා අපහසුතාවයට පත් වෙන්න අවස්ථාත් ඕනී තරම් ඇති.ඉතින් ඔයාගේ මේ රෝම ප්‍රශ්නෙන් ගැලවෙන්න ඔයාට නිතරම saloon යන්නත් වෙනවා.එකෙන් වෙන්නේ ඔයාගේ time එක අපතේ යන එක.එහෙම වෙන්නේ නැතුව ඔයාගේ අනවශ්‍ය රෝම ගෙදරදීම අයින් කර ගන්නේ කොහොමද කියලා මම ඔයාට කියලා දෙන්නම්.හැබයි ඉතින් ඔයා ගොඩක් ක්‍රම try කරලා තියෙනවා කියලා මම දන්නවා.මේ tricks ටික නම් ඔයාට ගොඩක් easy වෙයි.
01) මුං ඇට පිටි + රෝස වතුර

මේකට ඕනී වෙන්නේ
- මුං ඇට පිටි හැදි 2 යි
- රෝස වතුර හැදි 2 හැදි
- ලෙමන් යුෂ මේස හැදි 2 යි.
මෙහෙමයි use කරන්නේ
- මුං ඇට ටිකයි රෝස වතුරයි,ලෙමන් යුෂයි එකට දාලා හොඳට mix කර ගන්න.
- ඊට පස්සේ skin එකේ රෝම තියන තැන් වල paste එක ගාන්න.
- මිනිත්තු 20-25 අතර වෙලාවක් හොඳටම dry වෙනකම් ඉදලා ඇඟිලිවලින් mask එක පිරිමදින්න
- එතකොට නිකන්ම රෝම ටික ගැලවිලා යනවා
- මේ treatment එක සතියකට 3-4 වතාවක් කරනවා නම් හොඳයි
02) Lavender oil + Tea Tree Oil

අවශ්‍ය දේවල්
- Lavender Oil තේ හැඳි 01ක්
- Tea Tree Oil බින්දු 6
මේ විදිහට කරලා බලන්න
- Tea Tree Oil සමඟ Lavender Oil mix කර ගන්න
- ඊට පස්සේ cotton එකට මිශ්‍රණයෙන් ස්වල්පයක් අරගෙන රෝම තියෙන තැන් වල ගාන්න
- ඒ විදිහට දිඟටම කරන්න
- මේ treatment එක සතියකට 03න වතාවක් විතර කරන්න
03) මී පැණි + සීනි

අවශ්‍ය ද්‍රවය
- මී පැණි මේස හැදි 1 ක්
- සීනි මේස හැඳි 02ක්
- වතුර මේස හැදී 01
සාදා ගන්නා ආකාරය
- භාජනයකට කිරි සහ ලෙමන් යුෂ සමඟ ජෙලටින් මිශ්‍ර කරලා තත්පර 15-20 Microwaves එකේ රත් කරන්න
- මයික්‍රෝවේව් උදුනෙන් මිශ්‍රණය ඉවත් කලාට පස්සේ තත්පර කිහිපයක් සිසිල් වීමට ඉඩ තියලා රෝම තියෙන තැන් වල ආලේප කරන්න .
- ඊට පස්සේ Mask එක විනාඩි 5 ක් තියලා ඇඟිලිවලින් ඉවත් කරන්න.
04) බිත්තර + බඩ ඉරිඟු

අවශ්‍ය ද්‍රව්‍ය
- බිත්තර 1 යි
- බඩ ඉරිඟු මේස හැදි 1/2
- සීනි මේස හැදී 1 යි
සාදා ගන්න ආකාරය
- බිත්තර සුදු මඳය බඳුනකට දාලා ඒකට සීනි සහ බඩ ඉරිඟු පිටි එකතු කරලා paste එකක් හදාගන්න
- ඊට පස්සේ පේස්ට් ආලේප කරලා විනාඩි 20-25 අතර කාලයක් dry වෙන තියලා එය ඉවත් කරන්න
- මේ විදිහට 2-3 වතාවක් කරන්න
Wax strip ගන්නවා නම්
ඔයාට Wax Strip එකක් වුනත් use කරන්න පුළුවන්.මේ වගේ Strip ඔයාට වෙළඳපොළේ ගන්න තියෙනවා.හැබැයි ඔයාට තියෙන්නේ Sensitive Skin එකක් නම් ඒකට වෙනම Strip ගන්න පුළුවන්.එහෙම නැත්නම් All Skin වලට Use කරන්න පුළුවන් Strip වුනත් ගන්න පුළුවන්.
වෙනදට නම් මේ රෝම ඉවත් කරනකොට ටිකක් Pain එකක් දැනෙනවනේ.ඔන්න දැන් ඔයාට කිසිම Pain එකක් නැතුව රෝම ඉවත් කරගන්න ගෙදරදීම හදාගන්න පුළුවන් දේවල් ටිකක් ගැන කිව්වා.මේ විදිහට ඔයා කලොත් නම් ඔයාට අනවශ්‍ය රෝම අනවශ්‍ය වියදමක් නැතුව ඉවත් කර ගන්න පුළුවන්.ඒ වගේම ඔයාට වේදනාවක් දැනෙන්නෙත් නැහැ.



