ඔසප් දවස එහෙම නැත්නම් Menses දවස කියන්නේ ටිකක් වේදනාකාරී දවසක්නේ.මේක Monthly අපි හැමෝටම වෙන දෙයක්.ඒ වගේම ටිකක් අපහසුවෙන් ගෙවන කාලයක්.මේ Date දවස් වල Clean එක ගැන නම් හොඳටම හිතන්න ඕනී.මොකද අපිරිසිඳුව හිටියොත් Germs ඇතුළු වෙන ප්‍රමාණය වැඩි වෙනවා.ඒත් එක්කම මේ දවස් වලට කාටවත් සැහැල්ලුවෙන් නම් ඉන්න බැහැ.මම දන්නවා ඔයා කැමති ඒ දවසටත් වෙනදා වගේ ඉන්න කියලා.ඒ නිසාම මම අද ඔයාට කියන්නම් මේ කරදරකාරී දවසෙත් වෙනදා වගේම Clean එකේ සැහැල්ලුවෙන් ඉන්නේ කොහොමද කියලා.
01) පිරිසිඳුකම

පිරිසිඳුකම කියන්නේ හැමදාම තියෙන්න ඕනී දෙයක් Menses දවසට විතරක් නෙමෙයි.ඔයා Use කරන සනීපාරක්ෂක තුවායත් අනිවාර්යයෙන්ම (Pad) පිරිසිඳු වෙන්න ඕනී.මොකද මේ දවස් වල ඔයාගේ යෝනි මාර්ගය රුධිර වහනය නිසා අපිරිසිඳුවයි තියෙන්නේ.ඔයා හරියට Clean කලේ නැත්නම් ඔයාටම ඉවසන්න බැරි Smell එකක් ඇති වෙන්න පුළුවන්.ඔයාගේ Vagina එක පිරිසිඳු කරනකොට Soap වර්ග නම් Use කරන්න එපා.මොකද දන්නවද Soap වල තියෙන Chemical වර්ග නිසා අහිතකර බැක්ටීරියා වගේම හිතකර බැක්ටීරියාත් නැති වෙලා යන්න පුළුවන්.Normally Waterම Use කරනවා නම් තමයි හොඳ
02) Pads Change කිරීම

අනිවාර්යයෙන් Pads දිනකට පැය 04කට සැරයක්වත් Change කරන්න අවශ්‍යයි.මොකද රුධිය නිසා බැක්ටීරියා වගේම Germs වර්ධනය වෙන එක වැඩිවෙනවා.අනිත් විශේෂම කාරණාව තමයි Pads Change කරන එකෙන් Blood හැමතැනම ගෑවෙන එක නතර වෙනවා.ඒ වගේම අපිරිසිඳුව හිටියොත් වෙන්නේ රුධිරයේ බැක්ටීරියා වර්ධනය වෙලා Vagina Area එකට දහදිය දාන එක.ඊට පස්සේ ක්ෂුද්‍ර ජීවින් (Micro organisms) වර්ධනය වෙලා වෙන වෙන ලෙඩ රෝග ඇති වෙන එක
03) නෑවොත් මොකද වෙන්නේ

ඉස්සර නම් කියනවා ඒ දවසට නාන්නත් හොඳ නැහැ කියලා.ඒත් ඇත්තම කතාව මොකක්ද දන්නවද.එදාට තමයි වැඩිපුරම පිරිසිඳුව ඉන්න ඕනි දවස් වෙන්නේ.එදාට අපිරිසිදුව හිටියොත් වෙන්නේ අනවශ්‍ය විදිහට Germs ඇති වෙන එක.මේ Germs වලින් බේරෙන්න නම් Menses Date ටික ඉවර වෙනකන්ම හොඳට Clean එකේ ඉන ඕනී.
04) කන්න හිතෙන්නේ නැද්ද

Menses දවසට එක එක අයට එක එක ලක්ෂණ පහල වෙනවා.කන්න බැහැ, අප්පිරියයි, Vomiting. තවත් අයට Faint වෙනවා.මේ දේවලුත් එක්ක සමහර අයට කන එක නම් කරන්නම බැහැ දෙයක්.බැරි වුණත් කරන්න දෙයක් නැහැ.මොකද Menses දවසට ඔයාගෙන් ගොඩක් Blood අයින් වෙනවා.ඉතින් Blood අයින් වෙන එකෙන් වෙන්නේ ශක්තිය අඩු වෙන එක.ඒ ශක්තිය ආයිමත් ගන්න නම් ඔයා පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්නම වෙනවා.ආහාර ගන්නකොට වැඩිපුර යකඩ, මැග්නීසියම්, විටමින් බී තියෙන ආහාර වගේම කෙසෙල්, කොමඩු, නිවිති වගේ Food වර්ගත් එකතු කර ගන්න.
ගොඩක් වේලාවට Pain එක අඩු කර ගන්න Coffee බොන්න තමයි හැමෝම පුරුදු වෙලා ඉන්නේ.ඒ වුනත් Coffee වල කැෆේන් තියෙන නිසා ඔයාට තියෙන Pain එක වැඩි කරනවා කියලා හොයාගෙන තියෙනවා.ඒ නිසාමයි එළවළු ,පළතුරු වැඩිපුර ආහාරයට ගන්න කියන්නේ
05) සැහැල්ලු ඇඳුම් අඳිනවා නම් හොඳයි

ඔයා නිතර දෙවේලම අඳින්නේ ඇඟට හිර වෙලා හොඳට Tight වෙලා තියෙන ඇඳුම්.හැබැයි මේ දවස් ටිකේ නම් එහෙම අඳින එක නතර කර ගන්න වෙනවා.Tight ඇඳුම් ඇන්දොත් ඔයාට ඇති වෙලා තියෙන අපහසුව තවත් වැඩි වෙන්න පුළුවන්.ඒ නිසා හැම වෙලාවකදීම සැහැල්ලු ඇඳුම් අඳින්න.කපු ඇඳුම් නම් ගොඩක් හොඳයි.තව දෙයක් තියෙනවා.බඩ තද වෙන ඇඳුම් ,Belt වගේ දේවල් නම් Use කරන්නම එපා.
ඇඳුම් වගේම ඔයාගේ මානසික සුවය ගැනත් හිතන්න ඕනී.මනස නිරවුල් නැති වුනොත් ඔයාට තියෙන Pain එකත් එක්ක අනිත් අය එක්ක තරහා ගිහින් තව ප්‍රශ්නයක්.ඒ නිසා ඔයාට පුළුවන් ඔයා කැමතිම පොතක් කියවන්න ,සින්දුවක් අහන්න ,Film එකක් බලලා පොඩ්ඩක් සැහැල්ලු වෙන්න.
අක්‍රමවත් ඔසප් චක්‍රය හඳුනා ගන්නේ මෙහෙමයි

සාමාන්‍යයෙන් ඔසප් චක්‍රය දින 28කට වරක් තමයි ඇති වෙන්නේ.නමුත් මේ විදිහට දින 28කට වරක් සිදු වෙන්නේ නැත්නම් ඒක ටිකක් හිතන්න ඕනී.ඔසප් වෙනකොට Pain එක ටිකක් වැඩියි නම් ,පිටවන රුධිර ප්‍රමාණය අඩු නම් හරි වැඩියි නම් හරි ,එහෙමත් නැත්නම් Date වෙන්න තියෙන දවසට නැතුව ඒ අතරමැඳ කාලයේ ඔසප් වෙනවා නම් ඔයාගේ ඔසප් චක්‍රය අක්‍රමවත් එකක්.මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න ගොඩක් වෙලාවට බලපාන්නේ අධික බරක් ඇති හෝ ගොඩක් කෙට්ටු අයට තමයි.
තව ලක්ෂණ කිහිපයක් තියෙනවා.මේ වගේ තත්වයක් තියෙන කෙනෙක්ගේ සිරුරේ රෝම අධික ලෙස වර්ධනය වෙනවා.බෙල්ල ප්‍රදේශය කළු පැහැ ගැන්වීම සහ පියයුරු වර්ධනය අඩු වීම දැක ගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් ඔයාගේ ඔසප් කාලය දින 3 – 5 ත් අතර කාලයක් තියෙනවනේ.සමහර වෙලාවට ඒක දින 1 – 2 හෝ 6 – 7 පමණ කාලයක් පවතින්නත් පුළුවන්.හැබැයි ඔයාට හුරු පුරුදු දින ගණනට වඩා රුධිරය වහනය වෙනවා ගොඩක් සැලකිලිමත් වෙන්න. පුළුවන් තරම් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න.මෙවැනි අවස්ථා වලදී ඔයාට උදරයේ යට පෙදෙසේ වේදනාව, කොන්ද කැක්කුම, දනහිස් කැක්කුම, වමනය,බඩ පුරවා දැමීම, හිස කැක්කුම, වෙහෙසකර ගතිය වැනි අපහසුතා ඇති වෙනවා.
ඉතින් මම කිව්වේ ඔයාගේ වේදනාකාරිම දවසේ කොහොමද සැහැල්ලුවෙන් ඉන්නේ කියලා.සැහැල්ලුව විතරක් නෙමෙයි හැමෝටම තියෙන්නේ ඕනී ලොකුම දේ ,පිරීසිඳුකම වගේම ගොඩක් අයට තියෙන ප්රශ්නය , අක්‍රමවත් ඔසප් චක්‍රය ගැනත් කිව්වා.දැන් Menses දවසට ඔයාට වද වෙන්න දෙයක් නැහැ.මම ඔයාට කියලා දුන්න මේ Tricks ටික කලොත් ඔයාට මේ හැමදේමත් එක්ක Happy එකේ ඉන්න පුළුවන්.දැන් ඔයා Monthly හම්බ වෙන යාළුවාව සැහැල්ලුවෙන් පිළිගන්න Ready නේද.



