ගොඩක් අය මගෙන් අහනවා සුදු වෙන්නේ කොහොමද කියලා.ඒත් ඇත්තටම සුදු වෙන එක නෙමෙයි පැහැපත් වෙන එක තමයි වැඩේ.මොකද ගොඩක් අය සුදු වෙන්න ගිහින් ලෙඩ වෙන එක තමයි වෙන්නේ.සුදු වෙලා ලෙඩ වෙලා වැඩක් නැහැනේ.ඔයාලා හිතන්නේ නැති කාරණාවක් මෙතන තියෙනවා,ඔයා දැකලා තියෙනවද කළු වුණාට පැහැපත් ලස්සන අය.ඒ වගේම කලින් ලස්සනට ඉදලා whitening cream වර්ග ගාලා කැත වෙලා ඉන්න අය.ඉතින් එතකොට ඔයාටම තේරෙනවනේ සුදු වෙන එකට වඩා හොඳ පැහැපත් වෙන එක කියලා.ඉති ඒ නිසා මම අද ඔයාට කියන්නම් Fair skin එකක් ලබා ගන්න නම් කරන්න ඕනී මොනවද කියලා.
01) මුලින්ම පිරිසිඳුකම

මේ මොන treatment එක කරන්නත් කලින් ඔයා කරන්න ඕනි face එක clean කර ගන්න එක.නිකන්ම නිකන් soap ගලා නම් මුහුණ සෝදලා හරි යන්නේ නැහැ.ඔයා ඒකට ඔයාගේ skin එක ගැලපෙන හොඳ clencer එකක් use කරන්න.ඊට පස්සේ skin එකේ තියෙන තෙතමනය safety කර ගන්න හොඳ toner එකකින් face එක clean කරගන්නවා නම් හොඳයි.ඊට පස්සේ moisturizer එකක් ආලේප කරන්න.මේ විදිහට ඔයා day to day කරනවා නම් මුහුණේ තියෙන අපිරිසිඳු බව නැති කර ගන්න පුළුවන්.තව secret එකක් කියන්නම්.ඔයාට තියෙන්නේ oily skin එකක් නම් cream වර්ග use කරනවට වඩා powder එකක් use කරන එක තමයි හොඳ.එකෙන් වෙන්නේ ඔයාගේ මුහුණේ තියෙන oily ගතිය අඩු වෙන එක.
02) facial ක්‍රම
හාල් පිටි pack

අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් පිටි මේස හැඳි 02ක්
- කස්තුරි කහ තේ හැඳි 1/2
- කිරි මේස හැඳි 04
කොහොමද use කරන්නේ
- භාජනයකට හාල් පිටි සහ කස්තුරි කහ එකතු කර ගන්න
- අවශ්‍ය ප්‍රමාණයට කිරි දාලා හොඳට mix කර ගන්න
දැන් මේ pack එක ඉක්මනට මුහුණේ ගා ගන්න ඕනී.මොකද දන්නවද හාල් පිටි, වතුර එක්ක Mix වුනහම Absorb වෙලා ඝන තත්වයට පත් වෙනවා.ඒ නිසා මේක face එක ගාලා පැයක් විතර ඉඳලා Ice water වලින් සෝදන්න ඕනී.මේ Treatment එක සතියට දවස් 03ක්වත් කරනවා නම් ගොඩක් හොඳයි.
දොඩම් සහ මුදවාපු කිරි MASK

අවශ්‍ය ද්‍රව්‍ය
- දොඩම් ලෙලි powder මේස හැඳි 02ක්
- මුදවාපු කිරි මේස හැඳි 03ක්
හදාගන්නේ මෙන්න මෙහෙමයි
දොඩම් ලෙලි powder සහ මුදවාපු කිරි භාජනයටකට දාලා හොඳට mix කර ගන්න.හැබැයි කැටිති නැති වෙන්න mix කර ගන්න වෙනවා.ඊට පස්සේ මේ mask එක මුහුණේ ආලේප කරලා විනාඩි 20ක් විතර ඉදලා cool water වලින් සෝදන්න.
මීට අමතරව ඔයාට මේ දේවල් කරන්නත් පුළුවන්
කඩල පිටි සහ කහ (Chickpea flour and turmeric)

- කඩල පිටි මේස හැඳි 02කට කහ මේස හැඳි භාගයක් දාලා වතුර වලින් mix කර ගන්න.
- මේ මිශ්‍රණය මුහුණේ ගාලා විනාඩි 20කින් සෝදන්න.
ලෙමන් සහ තක්කාලි යුෂ (Lemon and tomato juice)

- හොඳට ඉඳුණු තක්කාලි ගෙඩියක යුෂ අරගෙන ඒකට ලෙමන් ගෙඩි භාගයක් යුෂ දාලා mix කර ගන්න.
- ඊට පස්සේ මිශ්‍රණය මුහුණේ ගාලා විනාඩි 30කින් විතර cool water වලින් සෝදන්න
අල (Potato)

- අල ගෙඩියක් අරගෙන එකේ පොතු ඉවත් කරලා ඒකෙන් පෙති 02ක් කපා ගන්න
- දැන් ඒ පෙති දෙක මුහුණේ සියුම්ව අතුල්ලන්න
- විනාඩි 20ක් විතර ඉදලා සෝදන්න
ඔයාට පුළුවන් මේ treatment කරන අතරේ පෝෂණ අතිරේකයක් ලබා ගන්න.හැබැයි නිකන්ම නිකන් පෝෂණ අතිරේක නම් අරන් හොඳ result ගන්න බැහැ.ඒකට මෙන්න මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන පෝෂණ අතිරේකයක් ගන්න
- විටමින් C
- මරැයින් කොලැජන්
- මිදී ඇට සාරය
- ග්ලුටතයෝන්
- තක්කාලි සාරය
- බයෝටීන්,
තියෙන පෝෂණ අතිරේකයක් ගත්තොත් නම් ඔයාට හොඳ result එකක් ලබා ගන්න එක dream එකක් නෙමෙයි.ඔයා food supplement එකක් ගන්නකොට අනිවාර්යයෙන් මේ දේවල් අන්තර්ගත වෙලා තියෙනවද කියලා හොඳට බලන්න.
ඉතින් පැහැපත් ලස්සන skin එකක් කියන්නේ දැන් හීනයක් නෙමෙයි.මම අද ඔයාට කියලා දුන්න treatment කලොත් ඔයාගේ skin එකට වෙලා තියෙන වෙනස ඔයාටවත් හිත ගන්න බැරි වෙයි.pimple ,mark වගේ දේවල් නැතුව fair skin එකක් දැන් ඔයාට ලබා ගන්න පුළුවන්.තව ටික දවසකින් ඔයාගේ යාළුවොත් ඔයාගේ මේ වෙනසට හේතුව අහයි.එයාලටත් කියන්න ඔයාගේ ලස්සන පෙනුමට හේතුව.අමතක නොකර අපිටත් කියන්න ඔයාගේ result ගැන.



