Like
Like Love Haha Wow Sad Angry

මොකක්ද ප්‍රශ්නේ .කොච්චර Treatment කලත් Skin එක Glow වෙන්නේ නැද්ද? තියෙන තරමක් Cream වර්ග පාවිච්චි කළා කියලා skin එක glow වෙන්නේ නැහැ.එකෙන් වෙන්නේ skin එකේ තියෙන ලස්සනත් නැති වෙන එක.මම ඔයාට අද කියන්නම් Skin එක Glow කරන ගෙදරදීම හදාගන්න පුළුවන් Scrub කිහිපයක් ගැන.මේක හදාගන්න එක අමාරු දෙයක් නම් නෙමෙයි.

Coffee scrub

Coffee scrub වලින් පුළුවන් ඔයාගේ මූණට glow එකක් වගේම soft ගතියක් ගන්න.ඉතින් මේ Scrub එක හදාගන්නේ Coffee powder තේ හැදි 3කට, සිනි තේ හැදි 01ක් දාලා Mix කරලා.ඊටපස්සේ ඒකට coconut, olive, almond වගේ ඕනෙම oil එකක් එකක් දාලා thick paste එකක් හදාගෙන Face එකේ Apply කරලා soft විදියට massage කරන්න.ඊට පස්සේ මද උණුසුම් වතුරින් හෝදන්න.

Oatmeal scrub

Oats වල තියෙන අවශෝෂක ගුණය නිසා skin එකේ තියෙන කුණු දුවිලි ගොඩක් හොදට clean කරනවා.Fresh milk, olive oil තේ හැදී 1ක්, oats තේ හැදී 2 කට හොදින් mix කරන්න.ඒකටම rose water බිංදු කීපයක් add කරන්න.මේ මිශ්‍රණය ඔයාගේ මුණට apply කරල විනාඩි 2 – 3ක් soft විදියට massage කරන්න.ඊට පස්සේ cool water වලින් wash කරන්න.

Lemon, honey, and sugar face scrub

Lemon, honey සහ sugar කියන්නේ ගොඩක් හොද පිරිසිඳුකාරක.ඉතින් ඔයාට පුළුවන් සීනි කෝප්ප කාලක්, මී පැණි තේ හැදි 3ක්, ලෙමන් බිංදු කීපයක් භාජනයකට දාල හොදට mix කරන්න.මේ scrub එක ඔයාගේ skin එකට glow එකක් වගේම Face එකේ තියෙන open pores නැති කරන්නත් ලොකු help එකක් දෙනවා.සතියකට දෙපාරක් මේ scrub එක use කරනවනම් ඔයාට හොද result එකක් ගන්න පුළුවන්.

Chocolate face scrub

Chocolate කියන්නේ ලොකු පොඩි අපි හැමෝම කන්න කැමති දෙයක්නේ.ඔයා දැනගෙන හිටියද chocolate වලින් ලස්සන වෙන්න පුළුවන් කියලා.Cocoa powder වලින් ඔයාගේ Face එකට glow එකක් ගන්නත් පුළුවන්.Cocoa powderතේ හැදී 3කට පොල්තෙල් තේ හැදී 2ක් mix කරලා ඔයාගේ මුණට සහ බෙල්ලට apply කරන්න.ටික වෙලාවකට පස්සේ පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.

ඔයාලට මේ දේවල් හොයාගන්න අමාරු නම් වෙළඳපොලේ තියෙන හොඳ face scrub එකක් Use කරන්න.හැබැයි ඔයාට හොඳ Result එකක් ගන්න ඕනේ නම් olive oil ,honey, coconut oil , almond oil, apricot වගේ දේවල් අඩංගු face scrub එකක් ගන්න.මොකද දැන් වෙළඳපොලේ වැඩියෙන්ම තියෙන්නේ කෘතීම දේවල් නිසා අමතක නොකර මේ ingradients තියෙන ස්වභාවික නිෂ්පාදනයක් තෝරාගෙන පාවිච්චි කරන්න

ඉතින් දැන් ඔයාට පුළුවන් ඔයාගේ skin එකට ගැලපෙන Scrub එකක් අපේ Hello Ladies store එකෙන්ම අරගෙන ගෙදරටම ගෙන්න ගන්න

https://helloladies.lk/product-category/food-supplement/

ඔන්න ඉතින් ලස්සනට ඉන්න ඕනෙනම් අනිවාර්යෙන්ම සතියට දවසක්වත් ඔයා ඔයාගේ skin එක scrub කරන්න පුරුදු වෙන්න.ඉතින් මම කියන දේවල් use කරලා ඔයාලා ලස්සන වෙනවා වගේම ඔයාලගේ යාළුවෝ එක්ක මේ දේවල් share කරගන්නත් අමතක කරන්න එපා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here