කොලැජන් කියාන්නේ ප්‍රෝටීනයක්.අපේ සමෙහි 80% ක්ම සෑදිලා තියෙන්නේ කොලැජන් වලින්.එමගින් තම සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරන්වා. එය වයස අවුරුදු 20 පසු කිරීමෙන් අනතුරුව සෑම අවුරුදද්දකටම 1% බැගින් අපේ සමේ කොලැජන් අඩු වෙනවා.ඒ නිසා තමයි අපේ සම වයසට යද්දී ටිකෙන් ටික රැළි වැටෙන්නේ.
කොලැජන් මගින් සමට ඇතිවෙන ප්‍රතිලාභ මොනවද ?

- තරුණ පෙනුම රැකදීම
- ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීම
- skin එක පැහැපත් කිරීම
- සිරුරේ නම්‍යශීලි බව රැක දීම
- නිය, දත් සහ අස්ථි ශක්තිමත් කිරීම
- හිසකෙස් වැටීම පාලනය කිරීම සහ
- වැඩි මාංශ පේශි අඩු කිරීම
කොලැජන් ශරිරියට ලබාගත හැකි ස්වභාවික ක්‍රම

කොලැජන් අපේ සිරුරට ලබා ගන්න විවිධ ක්‍රම තියෙනවා. පැගිරි සහිත පළතුරු , සුදුළුනු, කජු, තත්කාලි, බිත්තර, ධාන්‍ය වර්ග, මස්,මාළු, රෝස පැහැති සැමන්, අලිගැටපේර, ඕට්ස්, නිවිති, වම්බටු ස්භාවික ආහාර වර්ග වලින් වගේම supliment මඟින් කොලැජන් ලබාගන්න පුළුවන්.
බාහිරින් කොලැජන් ලබා ගන්න ආකාරය
කොලැජන් වර්ග කිහිපයක්ම තියෙනවා. ඉන් ප්‍රධානම කොලැජන් වර්ග දෙක තමයි marine collagen සහ hydrolyzed collagen. Marine collagen කියන්නේ මුහුදු ශාක සහ මුහුදු මත්ස්යයින්ගෙන් නිපදවන කොලැජන් වර්ගයක්.

ඒ වගේම hydrolyzed collagen ලබාගන්නේ ඌරන්ගේ සහ ගවයන්ගේ අස්ථිවලින්.මෙම කොලැජන් අඩංගු නිෂ්පාදන වර්ග පෙති, කරල් සහ powder ලෙස වෙළඳපොලෙන් ලබා ගන්න පුළුවන්.

වඩාත් සුරක්ෂිතව කොලැජන් සහිත නිෂ්පාදනයක් තෝරාගන්නේ කොහොමද ?

Marine collagen සහ hydrolyzed collagen අඩංගු supliment ලංකාවේ වෙළඳපොලවල් වලින් ලබා ගන්න පුළුවන්. ඒ, නිසා ඔයා ලබාගන්න supliment වල එම කොලැජන් වර්ග දෙකෙන් කුමක් ද යන්න විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු වෙනවා.ඒ වගේම එම නිෂ්පාදනය අයත් රට මොකක්ද කියලා හොයලා බලන එක ගොඩක් වැදගත්. මොකද ඒ නිෂ්පාදනයේ අඩංගු ingredients වල qulity එකට එය බලපානවා. ඊට අමතරව ඔයා තෝරාගන්න නිෂ්පාදනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO – GMP) සහ ISO නිර්දේශිත ප්‍රමිතිකරණ වලට යටත්ව නිපදවූවක් ද සොයලා බලන්න. එලෙස වෛද්‍ය සෞඛ්‍ය නිර්දේශ වලින් තොර නිෂ්පාදන ලබා ගැනීමෙන් ඔයා අතුරු ආබාධ වලටද ඉක්මනින්ම ගොදුරු විය හැකියි.



