ආදරණිය යුවළකට දුරින් ඉන්නවා කියන්නේ වේදනාත්මක අත්දැකීමක්. ඒත් අද සමාජය තුළ දුරස්ථ විවාහ බහුලව දකින්න ලැබෙනවා.දුරස්ථ විවාහය කියු පමණින් ඔයා හිතන්න පුළුවන්, විවාහයෙන් වෙන් වී සිටීම ගැන කියලා. හැබැයි ඇත්තටම මේ කියන්න යන්නේ රැකියාව, ඉගෙනීම හෝ වෙනත් නොවැළැක්විය හැකි හේතු නිසා ගතින් දුරස් සිටින විවාහක යුවලකට ආදරෙන් ඉන්න පුළුවන් ක්රම ගැනයි.
උදේම SMS එකක් යවන්න

උදේම නැගිටපු ගමන්ම වගේම රෑ නින්දට යන්න කලින් මතක් වෙන්නේ ඔයාගේ සහකරුගේ මුහුණ එහෙමත් නැත්නම් ආදරය කරන කෙනාගේ මුහුණ. ඉතින් ඒ බව එයාටත් කියන්න, හැමදාම මතක ඇතුව උදේට හා රෑට සුභ පතන්න. ඒ වගේම ඔහුගේ සැපදුක සහ දවසේ වැඩ කටයුතු ගැන සොයා බලන්නත් අමතක කරන්න එපා. එමඟින් ඔයාගේ සහකරුටත් ප්‍රේමනීයව දවස අරඹන්න හැකි වේවි.
එක්ව සැලසුම් කරන්න

ඔයාලා දෙදෙනා ශාරිරිකව ස්පර්ශ වෙන දුරකින් නැති වුණත් සිතින් සම්බන්ධ වෙන්න පුළුවන්.ඒ නිසා දෙදෙනාටම එකම වේලාවේ දෙතැනක ඉදන් එකම රූපවාහිනි වැඩසටහන බලන්න පුළුවන්. වැඩසටහනේ විනෝදාත්මක දේවල් මෙන්ම ඒ ගැන අදහස් දෙදෙනාම sms හරහා හුවමාරු කරගන්න. එවිට ඔයාගේ හිත ලගින්ම එයා ඉන්නවා වගේ දැනේවි.
දවසේ ඔයා ලබාගත් PHOTOS ටිකක් යවන්න

ඔයා මේ මොහොතේ ඉන්නා විදිය හෝ ඔයා කරන කියන දේවල් photos / videos වලින් ඔහුට බලන්න යවන්න පුළුවන්.ඔයා එලෙස දවසේ කරන දේවල් photos/ videos මඟින් යැවීමෙන් එයාටත් සංකාව, තනිකම නැති කරගන්න පුළුවන්.විශේෂයෙන්ම දවසේ ඔයා හැදු රසවත් කෑමක photos/ videos යවන්න අමතක කරන්න එපා.
එයාගේ calls Miss වෙයි

දෙදෙනා ඉන්නේ ගතින් දුරින් නම්, අනිවාර්යයෙන්ම දුරකථනයෙන් පෙම්බස් මුමුණන්ම ඔයාලා දෙන්න ගොඩක් කැමතියි. හැබැයි ගෙදර වැඩ, උයන්න පිහන, රෙදි හෝදන්න ඒ සියල්ලත් සමඟ ඔහුගේ calls miss වෙන්න පුළුවන්. සමහර වෙලාවට calls නිසා ගෙදර වැඩ මඟ ඇරෙන්නත් පුළුවන්. ඒ නිසා ඔහුගේ calls වලට, ඔහු සමඟ කතා කරන්න වෙනම කාලයක් වෙන් කරගන්න.
Surprise කරන්න තෑග්ගක් යවන්න

Surprise කරන්න කාඩ් එකක් හෝ තෑග්ගක් යවා ඔහුව සතුටු කරවන්න. එය කරන්න විශේෂ දිනයක් හෝ සංවත්සර දිනයක් එනතුරු ඉන්න ඕන නැහැ.ඔයාට ඔහුව නිතර මතක් වන බව ඔහුට තේරුම් ගන්නත් එය හොඳ අවස්ථාවක් වේවි. ඒ වගේම නොකියාම ඇවිත් එයාව පුදුමයට පත් කරන්නත් ඔයාට පුළුවන්.
දුරස්ථ විවාහය තුළ සම්බන්ධතාවයක ජීවත්වීමට ගොඩක් අසීරුයි. හැබැයි එකිනෙකා මොහොතකටවත් අමතක කරන්න එපා. Calls, sms, e- mail, වගේ social media භාවිතා කරලා ඔහුට ලං වෙන්න. ආදරණිය හැඟීම් බෙදාගන්න.



