Like
Like Love Haha Wow Sad Angry

Girl කෙනෙක් වුණාම ලස්සන ගැන හිතනවා වගේම තමන්ගේ නිරෝගීකම ගැනත් ගොඩක් හිතන්න ඕන. පිටතින් විතරක් ආලේපන වර්ග ගෑවට වැඩක් නැහැ. ඔයාගේ සිරුර අභ්‍යන්තර පෝෂණය, නිරෝගී බව තියෙනවා නම් විතරයි ඔයාගේ ලස්සන, සුන්දරත්වය රැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා ඔයාගේ සිරුරට විටමින් අත්‍යවශ්‍යයි.එය පෝෂණීය ආහාර වේලකින් සහ අතිරේක විදිහට ඔයාට ලබාගන්න පුළුවන්. ඉතින් මම මේ කියන්න යන්නේ girl කෙනෙක් විදිහට ඔයාගේ සිරුරට අත්‍යවශ්‍ය විටමින් වර්ග, එහෙමත් නැත්නම් පෝෂණ අතිරේක මොනවාද කියලයි.

විටමින් A

විටමින් A ඔයාගේ සම, දත්, අස්ථි, පටක සහ ශ්ලේෂ්මල පටක සෞඛ්‍යසම්පන්නව තබා ගැනීමට අත්‍යවශ්‍ය වන ප්‍රතිඔක්සිකාරකයක්.කාන්තාවන්ට වැළඳෙන විශාල ලෙඩරෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව විටමින් A සතුයි. බ්‍රොකොලි , රතු පැහැති බෙල් පෙපර්, වට්ටකා, ගස්ලබු, ඇප්‍රිකොට් සහ නිවිති වැනි ආහාර රාශියක් මගින් විටමින් A ශරීරයට ලබා ගන්නට පුළුවන්. හැබැයි ඔයා විටමින් A අතිරේකයක් ලෙස ලබාගන්නවා නම්, වෛද්‍ය උපදෙස් මත පමණක් ලබා ගන්න.

විටමින් B2

Riboflavin ලෙස හඳුන්වන විටමින් B2 නිසි ආකාරයට ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමට, ශරීරයේ පරිවෘත්තිය ක්‍රියාවලිය යහපත් මට්ටමින් පවත්වා ගැනීමට මෙන්ම මානසික සහ ශාරීරික වර්ධනයටද වැදගත් වෙනවා. විශේෂයෙන්ම කාංසාව, ආතතිය, සහ විඩාව මැඩපැවැත්වීම කෙරෙහි විටමින් B2 උදව් වනවා. විටමින් B2 මගින් ශරීරයේ ශක්තිය වර්ධනය කරන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමද සිදු කර රෝගාබාධ විශාල ප්‍රමාණයකින් ආරක්ෂාව සපයනවා.

කිරි, බිත්තර, මස්, ඇට, හතු, මාළු, ධාන්‍ය වර්ග, එළවළු, සෝයා බෝංචි සහ ඊස්ට් වැනි ආහාර පරිභෝජනය කිරීමෙන් ශරීරයට අවශ්‍ය වන විටමින් B2 සපයා ගන්නට පුළුවන්.

විටමින් B6

Pyridoxine ලෙස හඳුන්වන විටමින් B6 මගින් ශරීරයේ හෝමෝන වර්ධනය වීමට උපකාර වීම සහ ප්‍රතිශක්තිකරන පද්ධතිය වර්ධනය කිරීම සිදු කරනවා.විශාදය, මතක ශක්තිය ගිලිහීම, හදවත් රෝග සහ වෙනත් විවිධ රෝගාබාධ රාශියක් වැලකීම කෙරෙහි විටමින් B6 උපකාර වන අතර මෙම විටමින් වර්ගය මගින් රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස නියාමනය කිරීමට සහ රක්තහීනතාවය ඇති වීම වළක්වනවා.

විටමින් B7

බයෝටීන් ලෙස හඳුන්වන විටමින් B7 ශරීරයේ සෛලීය වර්ධනයකට සහ මේද අම්ල නිසි ලෙස පවත්වා ගැනීමට උදව් වනවා. මෙමගින් හිසකෙස්, සෛල, සම සහ දහඩිය ග්‍රන්ථි වල සෞඛ්‍ය තත්වය වර්ධනයට උපකාර වන අතර අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනයට සහ අස්ථි වල සෞඛ්‍ය වර්ධනය කෙරෙහිද උපකාර වනවා. විටමින් B7 ඌනතාවයේ ලක්ෂණ ලෙස රක්තහීනතාවය, හිසකෙස් හානිවීම, විශාදය, සමේ පලු මතුවීම, හදවතේ රිද්මය අවිධිමත් ලෙස වෙනස් වීම යන රෝග ලක්ෂණ මතුවනවා.

මාළු, චීස්, කොළ පැහැති එළවළු, බතල, කිරි, සෝයා බෝංචි, බෙල්පේපර්, ඔට්මිල්, කහ පැහැති පළතුරු, යෝගට් සහ රතු සහල් තුල විටමින් B7 අඩංගු වනවා.

විටමින් B9

විටමින් B9 ලෙස හඳුන්වන්නේ ෆෝලික් අම්ලයයි. මෙම විටමින් වර්ගය රුධිර පීඩනය කෙරෙහි ගැටළු ඇති පුද්ගලයින් සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබනවා. විටමින් B9 සතුව පිළිකාව, විශාදය සහ මතකය ගිලිහීම වැනි රෝගී තත්වයන් පාලනය කිරීමේ හැකියාව ඇති අතර සෛල වල නිසි ක්‍රියාකාරීත්වයද මොළයේ නිසි සෞඛ්‍ය වර්ධනය කරන්න ෆෝලික් අම්ලයට පුළුවන්.

මෙම විටමින් වර්ගය ඊස්ට්, මෙලන්, දොඩම් යුෂ, තද කොළ පැහැති එළවළු, රනිල භෝග සහ හාතාවාරිය වැනි ආහාර මගින් ද ඔයාට ලබා ගන්නට පුළුවන්.

විටමින් B12

ශරීරයේ ප්රෝටීන් සංකලනයට, සෛල විභාජනයට සහ පරිවෘත්තිය ක්‍රියාවලිය වර්ධනයට විටමින් B12 අත්‍යවශ්‍ය වනවා. මෙම විටමින් වර්ගය මගින් විශාදය තත්වය පාලනය කරන අතර මොළයේ නිසි ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරන සමහර ස්නායු ගැටළු වලින් ආරක්ෂා වීමට පවා උදව් වෙනවා.

මාළු, කිරි ආහාර සහ චීස් වැනි ආහාර මගින් විටමින් B12 අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්.

විටමින් C

ශරීරයේ ක්‍රියාවලින් සෞඛ්‍ය සම්පන්න කර ගැනීම සඳහා විටමින් C ශරීරයට අවශ්‍යයි. විටමින් C මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද ශක්තිමත් කරනවා. විවිධ වර්ගයේ ලෙඩ රෝග රාශියකින් අපව ආරක්ෂා කරන විටමින් C පැඟිරි කුලයේ පළතුරු, අර්තාපල් සහ බෙල් පේපර් වැනි ආහාර මගින් ලබා ගන්න පුළුවන්.

විටමින් D

විටමින් D ඔයාගේ ශරීරයට කැල්සියම් අවශෝෂණය වීමට උදව් කරනවා. ඒ වගේම ඇස් පෙනීම සහ අස්ථි වල සෞඛ්‍ය වර්ධනය කරනු ලබනවා. හිරු එළිය මගින් විටමින් D ශරීරයට ලැබෙන අතර මේද මත්ස්‍යන් , කිරි ආහාර සහ බිත්තර ආහාරයට ගැනීම මගින් විටමින් D ශරීරයට ලබා ගන්න ඔයාට පුළුවන්.

විටමින් E

වයස්ගත වීමේදී ඇතිවන රෝගී තත්වයන් සුවපත් කිරීම සඳහා විටමින් E උපකාර වෙනවා. එමෙන්ම අකලට වියපත් වීමද පාලනය කරනවා. හදවත් රෝග ඇතිවීම, ඇතැම් වර්ග වල පිළිකා සහ ඇසේ සුද ඇතිවීම වැනි රෝග විටමින් E මගින් පාලනය කරනවා. විටමින් E නිසි ලෙස ශරීරයට ලබා ගැනීම මගින් හදවත සෞඛ්යය සම්පන්න කර ගැනීම මෙන්ම හිසකෙස් සහ සම නිසි ලෙස සෞඛ්යය සම්පන්න කිරීම සිදු කර ගන්නට පුළුවන්. ඉරිඟු, නිවිති සහ රටකජු බටර් වැනි ආහාර වල විටමින් E අඩංගු වෙනවා.

විටමින් K

රුධිරය කැටිගැසීම වැළකීමට සහ අස්ථි සෞඛ්යය සම්පන්න කර ගැනීමට මෙන්ම ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ශරීරයේ ශක්ති මට්ටම වර්ධනය කිරීමට විටමින් K අත්යාවශ්යයි. කොළ පැහැති එළවළු, ධාන්ය වර්ග, මත්ස්ය තෙල් සහ සෝයා බෝංචි තෙල් මගින් විටමින් K ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

ඔයාගේ නිරෝගිබව මෙන්ම skin එකේ, සිරුරේ පැහැපත් බව, සුන්දරත්වය ලබා ගන්න නම් බයෝටින්, විටමින් C හෝ විටමින් E සහ අනෙක් විටමින් වර්ග අතිරේක විටමිනයක් ලෙස ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මෙම විටමින් අඩංගු මිදි ඇට සාරය, Marin collagen සහ බයෝටින් අඩංගු capsule එකක් භාවිතා කරනවා නම් ඔයාට වඩාත් හොඳ ප්රතිපල ලබා ගන්න පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here