Like
Like Love Haha Wow Sad Angry

ණය කියන්නේ ඔයාගේ මුල්‍ය නිදහසට ඇති ලොකුම බාධාවක්. ඔයා ඒ උගුලට හසු වුණොත්, බේරෙනවා බොරු. ඒ විතරක් නෙවෙයි ඔයාව වල පල්ලට වුණත් ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා හැකි ඉක්මනින් ණය ටික ගෙවලා දැම්මොත් ඔයාගේ සිතට ලොකු සහනයක්. ජීවන වියදමේ බරත් අඩු වෙයි. ඔයාගේ පවුලේ වියදමත් සමබර කර ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඒ නිසාම මම මේ කියන්න යන්නේ ඉක්මනින්ම ණය ටික ගෙවලා දාන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැනයි.

අලුත් ණය එකතු කරගන්න එපා

Credit Card භාවිතා කරන එක නම් වහාම නවත්වන්න. හදිසි අවශ්‍යතාවක් මිලට ගැනීම සඳහා පමණක් එක් Credit කාඩ්පතක් ළඟ තියාගන්න. ඒ වගේම ණය මුදල් කෙටි කාලයකදී ගෙවීමට හැකි බවට ඔයා ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න. එවිට ඔබේ ජීවන වියදමත් පාලනය කරගන්න පුළුවන්.

අනවශ්‍ය සියල්ල විකුණන්න

ඔයාගේ ණය ඉක්මනින් ගෙවා ඉවරයක් කර මුදල් ලබා ගන්න නම් මුලින්ම ඔයාගේ දේපල ගණන් බලන්න. පසුව අතිරික්තය විකුණා ණය ගෙවීමට එය භාවිතා කරන්න. හැබැයි ඔයාට වැඩි දේපල ටික පමණක් විකුණන්න මතක තබාගන්න. ඔයාට එය භාණ්ඩ තොග වෙළඳසැලක් හරහා, අන්තර්ජාල හරහා විකුනුම් කටයුතු කරගන්න පුළුවන්.

ඔයාට ණය මුදල් ඉක්මනින්ම ගෙවලා ඉවර කරන්න නම්, Parttime Job එකක් සොයා ගන්න.ඉන් ඔයාගේ ජීවන වියදම ටිකක් හෝ අවම කර ගන්න පුළුවන්. ඒ වගේම ණය ගෙවන කාලය තුළ සහ ඊට පස්සෙත් අයවැයක් සකස් කරගන්න.එතකොට ඔයාගේ ණය සහ වියදම් manage කරගැනීමේ හැකියාව තියෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here