Like
Like Love Haha Wow Sad Angry

අපි හැමෝගෙම සුදන්දරත්වය රැඳිලා තියෙන්නේ skin එකේ ස්භාවය මතයි. සමහර Girls ඉන්නවා මුහුණේ ගාන cream එකමයි අත් කකුල් වලත් ගාන්නේ.ඒක ඔයා කරන ලොකු වැරද්දක්. මොකද ඔයාගේ ලස්සනට ඉන්න නම් ඔයාගේ skin එකේ පෝෂණය ගොඩක් වැදගත්.විශේෂයෙන්ම Skin එකේ තෙතමනය, fair එක තිබීම අනිවාර්යයයි.ඒ නිසා ඔයාගේ skin එක රැක ගන්න moisturizer එකක් සහ toner එකක් භාවිතා කරන්න.

Moisturizer වල වැඩියෙන් අඩංගු වන්නේ oil සහ water. ඒ නිසා moisturizer ආලේප කළ සමේ තෙල් සහිත බවක් දැනෙනවා. හැබැයි ටික වේලාවක් යනවිට එය ඔයාගේ skin එකට උරා ගන්නවා.ඔයාගේ මුහුණේ සම ආරක්ෂා කරන cream වර්ග අතරින් moisturizer වලට ප්‍රධාන තැනක් ලැබෙනවා.මෙමඟින් ඔයාගේ skin එකේ fair එක, නිරෝගී බව සහ තෙතමනය ආරක්ෂා කරනවා.

සාමාන්‍යයෙන් අපේ skin එකේ ස්වාභාවිකවම තෙල් නිපදවන ග්‍රන්ථි තිබෙනවා.ඒත් වයසට යාම සහ දේශගුණික විපර්යාස මත skin එක වියළීමට ලක් වෙනවා. ඒ නිසා මේ තත්වයෙන් මිදෙන්න නම් moisturizer එකක් භාවිතා කිරීම වැදගත්.ඔයා A/C සහිත කාමරයක දවසම ගත කරනවා නම් විශේෂයෙන්ම දියරමය moisturizer එකක් භාවිතා කරන්න හුරු වෙන්න.ඒ වගේම ඔයාගේ skin එකේ ස්වභාවය සහ වයසට ගැළපෙන moisturizer එකක් තෝරා ගන්න.ඔයාට ගෙදරදී වුණත් ස්භාවික moisturizer හදාගන්න පුළුවන්.

ගෙදරදීම Moisturizer හදාගන්න මෙහෙමයි

පොල්තෙල් වලින් moisturizer

අවශ්‍ය ද්‍රවය

  • සීත පිරිසිදු නොකළ පොල්තෙල්
  • විටමින් E තෙල් හැදි 1/2
  • ලැවෙන්ඩර් තෙල් බිංදු 1-3 ක්

සාදාගන්න ආකාරය

  • පොල්තෙල් රත් කර දිය කරගන්න.
  • ඉන්පසු බදුනකට පොල්තෙල්, විටමින් E තෙල් සහ සගන්ධ තෙල් දමා මිශ්‍ර කරන්න.
  • වීදුරු බදුනක මෙම මිශ්‍රණය දමා හොදින් වසා සිසිල් වියළි ස්ථානයක තබන්න.

Aloe vera moisturizer

අවශ්‍ය ද්‍රව්‍ය

  • Aloe vera gel කෝප්පයක්
  • මී ඉටි තේ හැදි 12 ක්
  • පොල්තෙල් කෝප්පයක් 1/4
  • ආමන්ඩ් තෙල් කෝප්ප 1/4

සාදාගන්න ආකාරය

  • මී මැසි ඉටි, පොල්තෙල් සහ ආමන්ඩ් තෙල් භාජනයක දාලා උණු කරගන්න.
  • පසුව මෙම මිශ්‍රණය ඉවතට ගෙන සිසිල් කරගන්න.
  • Aloe vera jel එකතු කරන්න.
  • සියල්ල cream වෙන තුරු Blender කරගන්න.
  • ඉන්පසුව මෙම මිශ්‍රණය වීදුරු බදුනක බහා ශීතකරණයේ තබන්න.

ස්භාවික අමු ද්‍රව්‍ය අඩංගු moisturizer එකක් භාවිතා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද වෙනත් රසායනික අමුද්‍රව්‍ය වලින් වගේ ඔයාගේ සමට හානියක් වෙන්නේ නැහැ. Aloe vera සහ apricot සාරය අඩංගු moisturizer එකක් භාවිතා කළොත් නම් ඔයාට හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. එමඟින් ඔයාගේ skin තෙතමනය ආරක්ෂා කරලා වියළි බව අවම කරනවා. ඒ වගේම හිරු එළියෙන් ඔයාගේ skin එක portect කරලා සුසිනිදු fair skin එකක් ලබාදෙනවා.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here