Like
Like Love Haha Wow Sad Angry

විවාහය කියන්නේ ඔයාගේ ලොකු සිහිනයක්. ගොඩක් දෙනෙක් විවාහ වෙන්නේ ආදරය කරලා. තවත් අය විවාහ වෙන්නේ proposal වලින්.හැබැයි විවාහ වෙන්නම් වාලේ කවදාවත් විවාහ වෙන්න එපා. මොකද විවාහය කියන්නෙම එක්තරා ආකාරයක කැපවීමක්. ඔයා කලින් ගත කරපු ජීවිතය විවාහ වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. සමහර කැපකිරීම අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන. ඒවා ඔයාගේ වගකීම්. ඒ කැපකිරීම් මඟහැරලා කිසිම දවසක ලස්සන සහ සාර්ථක පවුල් ජිවිතයක් නම් ඔයාට ගත කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා විවාහ වුණාට පස්සේ ඔයාමේ කැපකිරීම් වලට මුල් තැන දෙන්න අමතක කරන්න එපා.

කාලය වැය කරන්න

විවාහය කියන්නේ ඔයාගේ ජීවන ගමනට තවත් සහකරුවෙක් හවුල් කර ගැනීම. ඔහු විතරක් නෙවෙයි තව ඥාති පරම්පරාවක් ඔයා සමඟ එකතු වෙනවා. ඉස්සරහට දරුවන් පවුලට එකතු වෙනවා. ඒ නිසා සැමියා, දරුවන්, පවුලේ අනිත් අය වෙනුවෙන් ඔයාට කාලය වැය කරන්න සිදු වෙනවා. විශේෂයෙන්ම ඔයාගේ සැමියා සහ දරුවන් වෙනුවෙන් කිසිම වෙලාවක කාලය වෙන් කරන්න ලෝභ වෙන්න එපා. පස්සේ ඉතින් ඔවුන් ළඟින් ඉන්න තිබ්බ කාලය අපතේ යවලා පස්සට පසුතැවෙන්නත් එපා. ඔයා රැකියාවක් කරනවා වෙන්න පුළුවන්.ඒත් ඔවුන් ඕනා එපාකම් හොයාබලන්න, සතුටින් සහ ආදරයෙන් ගත කරන්න අඩුම තරමේ සතියට දවස් දෙකක්වත් වෙන් කරගන්න.trip යන්න. එතකොට සාමයෙන් සහ ආදරයෙන් ඔයා ජීවත් වෙන්න පුළුවන්.

මුදල් ඉතිරි කරන්න

ජීවිතය කියන්නේ මුදල් නෙවෙයි. ඒත් ජීවත් වෙන්න නම් සල්ලි ඕන. ඔයාගේ, දරුවන්ගේ සහ නෑයන්ට යුතුකම් ඉටු කරන්න නම් සල්ලි අවශ්යම වෙනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් සල්ලි නැතුව ජිවත් වෙන්නම බැරි තරම්. ඒ නිසා පවුල වෙනුවෙන් මුදල් හොයන්න වෙහෙසෙන සැමියාට සහයෝගය ලබාදීම ඔයාගේ වගකීමක්. සමහර විට ඔයා job එකක් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් ඔයා උපයන දේ වගේම සැමියා උපයන ධනය සකසුරුවමින් පරිහරණය කිරීම ඔයාගේ යුතුකමක්. ඒත් පමණට වඩා ලෝභ හිතුනොත් ඒක පවුල් ජීවිතයේ සාර්ථකත්වයට ගැටළුවක් වෙන්නත් පුළුවන් කියලා මතක තබාගන්න.

ආශාවන් සීමා කරන්න

පොරොන්දම් කොච්චර ගැලපුනත් වැඩක් නැහැ.මොකද දෙන්නට දෙන්න අදහස් සියයට සියයක්ම ගැළපෙන්නේ නැහැ.දෙන්නගේ අදහස් හොඳින් ගැළපෙන්න ඕන.එතනදී මේ දෙදෙනාගේ රුචිකත්වයන් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. විනෝදාංශ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. අවශ්‍යතාද එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට වෙනස් ගතිගුණ තියෙන දෙදෙනෙක් එකතුවෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ ආශාවන් යම් පමණකට කැපකරන්න සිදුවනවා කියන එක. හැම වෙලාවෙම අනෙකාගේ අවශ්‍යතා වලට ගරු කරනවා නම් එම කැපකිරීම බොහොම සුහදව තෝරා බේරාගෙන කරන්න පුළුවන්. අනෙකාගේ සතුටට හානි නොවන ලෙස ඔයාගේ සතුට භුක්තිවිඳීමට විවාහය බාධාවක් නෙමෙයි. දෙදෙනා අතර ගොඩනැගෙන අවබෝධය මත මේ දේවල් වෙනස් වෙනවා. හැබැයි යම් ප්‍රමාණයකට අපිට අපේ පුරුදු, ආශාවන් සීමා කරගන්නම සිදු වෙනවා කියලා මතක තියාගන්න.

ප්‍රතිපත්ති වලට ගරු කරන්න

විවාහයෙන් පස්සේ ඔයාලා දෙදෙනාම දැඩිව පිළිපදින ප්‍රතිපත්ති තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා කෙරෙහි යම් පමණකට නම්‍යශීලි වීමට ඔයාට සිද්ධ වෙනවා. විවාහයෙන් පසු කිසි විටෙකත් ඔයාට ඔයාව අහිමි කරගන්න ඕන නැහැ. හැබැයි අනෙකාගේ අවශ්‍යතා සහ සතුට වෙනුවෙන් යම් තරමකට නම්‍යශීලි වෙනවා නම් ඒ විවාහ ජීවිතය ගොඩක් සාර්ථක කරගන්න ඔයාට පුළුවන්.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here