නින්ද සහ ඔයාගේ රූපය අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා ඔයා දන්නවද? සාමාන්‍යයෙන් ඔයා නිදාගන්න ඉරියව් සහ නින්දට වැටීමේ ගති සිරිත් නිසා ඔයාට විවිධ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා නිදාගන්න කලින් මෙන්න මේ පුරුදක් වශයෙන් කරන්න අමතක කරන්න එපා.
නිදා ගන්නා ඉරියව්ව

ඔයා නිදා ගන්නේ මුනින් අතට හැරී හෝ පැත්තට හැරී නම් ඔයාගේ රූපයට හානි වීමේ ලොකු ඉඩකඩක් තියෙනවා. ඔයා මුනින් අතට වැටී නිදා ගන්නා විට කොට්ටයට ඔයාගේ මුහුණ තද වෙනවා. ඒ නිසා මුහුණේ රැලි වැටීම් ඇති වීමේ අවදානමක් ද පවතිනවා. එමෙන්ම ඔයා පැත්තට හැරී නිදා ගත්තත් මුහුණේ එම පැත්ත කොට්ටයට තද වීමෙන් රැලි වැටෙන්න පුළුවන්. ඒ වගේම කොට්ටයේ ඔයාගේ හිස කෙස් වල ඇති ඉස්සොරි, තෙල් සහ අපද්‍රව්‍ය තැවරෙනවා. ඒවා නිසා ඔයාගේ මුහුණේ සහ සමේ කුරුලෑ ඇතුළු විවිධ ආසාදනයන් ඇති වෙනවා.
නිදා ගන්න කලින් මේකප් ඉවත් කරන්න අමතක වෙනවද?

මේකප් සමඟ නින්දටයාමෙන් ඔයාගේ මුහුණේ සමට හානි ඇති වෙන්න පුළුවන්. සමට අවශ්‍ය වාතාශ්‍රය නොලැබී යාම, සමේ සිදුරු වැසී යාම, සම අළුත්වැඩියා වීමේ ක්‍රියාවලියට හානි පැමිණීම ඊට හේතු වන අතර එමඟින් සමේ නැවුම් පෙනුම ඉක්මනින්ම අහිමි වෙනවා. සම මත කුරුලෑ, ලප, පැල්ලම්, රැලි වැටීම් සහ කුෂ්ඨ වැනි රෝග ඇති වීමටත් එය බලපෑම කරනවා. ඒ සඳහා ඔයාට පුළුවන් නින්දට යන්න කලින් ස්වීට් ආමන්ඩ් සහ විටමින් B අඩංගු face wash එකක් භාවිතා කරන්න.
ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම

සාමාන්‍යයෙන් ඔයා දිනකට පැය අටක නින්දක් ලබා ගත යුතුයි. නිදි මැරීම නිසා ඔයාගේ ඇස් යට ගිලි, ඇස් වටා කළු වීම වගේම මුහුණට වෙහෙසකාරී පෙනුමක් ලැබෙනවා. නින්දේදී ඔයාගේ සම විවේක අතර ඒ කාලයේදී සමට අවශ්‍ය කොලජන් නිපදවනවා. දිවා කාලයේදී ඔබේ ඇස් වල ඇති වුණු වෙහෙස නින්ද අතරතුරේදී අඩු වී යනවා. කෙසේ නමුත් දිනකට පැය 8කවත් නින්නදක් නොලබන්නේ නම් ඔයාගේ රූපය අවලස්සන වෙන්න පුළුවන්
නිදිමත එන තුරු ජංගම දුරකථනය භාවිත කිරීමෙන් වළකින්න

ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා ඇඳට ගිහින්, නිදි මත එනතුරු ජංගම දුරකථනය ඔබ ඔබා ඉන්න. හැබැයි එමඟින් ඔයාට සුභදායි නින්දක් නම් ලැබෙන්නේ නැහැ. අඳුරු ස්ථානයක ජංගම දුරකථන තිරයෙන් නිකුත් වෙන ආලෝකය දෙස බලාගෙන සිටීමෙන් ඔයාගේ දෑස් වටා කළු වෙනවා.
නින්දට පෙර කැෆේන් අඩංගු පානයන් ලබා ගන්නවද?

නිදා ගැනීමට කලින් මත්ද්‍රව්‍ය, කෝපි, තේ, සෝඩා වැනි පානයන් ලබා ගැනීමෙන් ද ඔයාගේ රූපයට හානි වෙනවා. එමඟින් ඔයාගේ සම මත රැලි වැටීම් සිදු විය හැකියි. ඒ හින්දා මෙවැනි පානයන් නිදා ගැනීමට පැය 5 කට පමණ පෙරවත් නවත්වා දමන්න. කෝපි වැනි කැෆේන් අඩංගු බීම වර්ග ඔයාගේ නිදි මත නැති කර දමනවා. ඒ විතරක් නෙවෙයි එවැනි දේ පානය කිරීමෙන් නින්ද නොයෑමේ රෝගයන් වැළඳීමේ අවදානම පවතිනවා. මේ හේතුවෙන් ඔයා ඉක්මනට වයසට යන්න පුළුවන්.
කොට්ට උර සහ ඇඳ රෙදි සෝදන සතියකට සැරයක්වත් සෝදනවද ?

ඔයා නිදාගැනීමට භාවිතා කරන කොට්ටා උර සහ ඇඳ රෙදි නිතර සෝදන්න. ඔයාගේ හිස කෙස් වල ඇති අපද්‍රව්‍ය, තෙල් ආදිය කොට්ටා උර වල තැවරෙනවා. ඒ වගේම ඇඳ රෙදි වල සිරුරේ දහදිය සහ මැරුණු සෛල තැවරෙනවා. ඒ නිසා බැක්ටීරියා වර්ධනය වී, ඒවා සම මත තැවරී ඔයාගේ මුහුණේ කුරුලෑ සහ වෙනත් ආසාදනයන් හට ගන්නවා.
ඔයාගේ නිරෝගී බවට නින්ද ලොකු බලපෑමක් කරනවා. කායික වගේම මානසික සුවයට නින්ද ගොඩක් වටිනවා. ඒ හින්දා කලින් සඳහන් කළ වැරදි පුරුදු වලින් ඈත් වෙලා යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරගන්න. ඒ වගේම අවම වශයෙන් දිනකට පැය 8ක් වත් නිදාගැනීම අත්‍යවශ්‍යයි.



