Smart Phone එක කියන්නේ අද නැතුවම බැරි සන්නිවේදන මෙවලමක්නේ.ඇත්තටම කිව්වොත් Phone එක නැත්නම් කෑවේ නැහැ වගේ,ඒ තරම් අඩුවක් දැනෙනෙවා.ඒ වගේම අපේ ගොඩක් වැඩ පහසු කරන්න Phone එකට පුළුවන් .ඉතින් ඔය මොන දේ වුණත් මම අද ඔයාලට කියන්න යන්නේ Smart Phone එක වැරදි විදිහට භාවිතා කිරීම ඔයාගේ විවාහ දිවියට බලපාන්නේ කොහොමද කියලා.
දුරකතනය ඔයාගේ සැමියාට හෝ බිරිඳට නොපෙන්වීම

ඔයා ඔයාගේ ආදරණීයයන් සමඟ කාලය ගත කරන විට ඔයා ජංගම දුරකථනය දෙස බලාගෙන සිටිනවා නම් එය අනෙක් කෙනාව දුකට පත් කරන හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා දුරකථනයෙන් බලන දේ ඔහුට හෝ ඇයට නොපෙන්වන්නේ නම් එහිදී විශ්වාසය බිඳී යන්නත් පුළුවන් බව මතක තියාගන්න. ඒ හින්දා හැමදේම ඔයාලා දෙන්න අතරේ බෙදාගන්න.
ඒ වගේම යන යන හැමතැනම ඕක අරන් යන්න එපා. සමහරු ඉන්නවා වැසිකිලිය ගියත්, නාන්න ගියත් යන හැමතැනම දුරකථනය කරේ එල්ලන් යනවා. ඇතැම් අවස්ථාවක අනෙකාට ඔයා ගැන සැකයක් වුණත් මතු වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් හැමදාම දෙන්න අතරේ රණ්ඩු සරුවල්. ඒ හින්දා ආදරණීයයන් ළඟ ඉද්දී දුරකථනයට ලබාදෙන අවධානය පුළුවන් උපරිම අඩු කරන්න. ළඟ ඉන්න හැමවෙලේම ඔවුන් සමඟ ආදරයෙන් කතාබස් කර සතුටින් කාලය ගත කරන්න.
Notification බලන්න තියෙන අධික කුතුහලය

දුරකථනය අතේ තියෙද්දී නිතරම එහි Notification බලන්න පුරුදු වෙලා ඉන්නවා නේද? එය ඔයාට අත්‍යවශ්‍ය දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි එලෙස සැරෙන් සැරේ Notification බලනවා කියන්නේ ඔයාගේ ආදරණියයන්ට ලබාදෙන වටිනාකම අඩු වෙන එක. ඒ නිසා ඔයා ඔවුන් වෙනුවෙන් කාලය වැය කරන බව දැනෙන්න ඉඩහරින්න.
සමහර වෙලාවට ඔයාගේ කාර්යබහුලත්වය නිසා කාර්යාලයේ email පණිවිඩයකට, දුරකතන ඇමතුමකට නිවසේදී පිළිතුරු යැවීමට සිදුවෙනවා. හැබැයි එහෙමයි කියලා ඔයාට නිවසේදී ආදරණීයයන් සමඟ ගත කරන්න තිබෙන වෙලාව මඟඅරගන්න එපා. එය සාමන්‍ය දෙයක් වුණත් ඔයාගේ ආදරණීයයන් දුකට පත් වීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා නිවසේදී රාජකාරී කටයුතු කිරීමට පෙර ඔයත් එක්ක කාලය ගත කිරීමට ඔයාගේ ආදරණීයයන් අසාවෙන් මඟ බලා සිටින බව සිහිපත් කරගන්න.
ආහාර ගන්නා වෙලාවෙත් දුරකථනය භාවිතා කිරීම

ඔයාගේ කාර්යබහුල ජීවන රටාව නිසා ආහාර ගන්නා අතරතුරත් දුරකථනයෙන් කුමක් හෝ වැඩක් කිරීමට පුරුදුවෙලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි එය ඔයා සමඟ ඉන්න අනෙක් අයට කරදරයක් විය හැකියි. විශේෂයෙන් රාත්‍රී ආහර ගන්නා විට මෙසේ කිරීම කොහෙත්ම සුදුසු වන්නේ නැහැ.මොකද රාත්‍රී ආහාර වෙලාව කියන්නේ කාර්යබහුල දිනයක් අවසානයේ පවුලේ සියලු දෙනාට එක්ව ගත කළ හැකි වෙලාවක්. ඒ වෙලාවටත් ඔයා දුරකථනය භාවිතා කරනවා නම් එය ඔයාගේ ආදරණීයයන්ට කරන අසාධාරණයක්. ඒ හින්දා කිසිම වෙලාවක කෑම මේසයට දුරකථනය රැගෙන එන්න එපා.
ඒ වගේම smart phone පැමිණීමෙන් පසු සංවේදි අදහස්, ආදරය ප්‍රකාශ කිරීමට imoji භාවිතා කරන්න ඔයා හුරුවෙලා ඉන්නවා. නමුත් එය සිය ආදරණීයයන්ට වඩා දුරකථනය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට හේතු වී තිබෙනවා. එහිදී සැබෑ පුද්ගල සබඳතා නිර්මණය වන්නේ නැහැ. ඒ හින්දා නිතර imoji භාවිතා කිරීමෙන් වළකින්න.



