කේක් නම් ඉතින් එක එක වර්ග වල ඒවා තියෙනවනේ.චොක්ලට් කේක් ,ස්පොන්ජ් කේක්,අයිසිං කේක් ,රිබන් කේක් අර කේක් මේ කේක් හැම එකක්ම එක එක රසයෙන් තියෙනවා.අන්න ඒ රස නිසා තමයි අපි කේක් වලට මෙච්චර කැමති.හැබැයි මම අද කියන කේක් වර්ගය නම් ඔයා මීට කළින් කාලා නැහැ කියලා මම දන්නවා.ඒ තමයි Japanese Cotton Sponge Cake.අහලා තියෙනවද ?සමහරවිට අහලත් ඇති.අපි කතාව නවත්තලා මේක හදාගන්නේ කොහොමද බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය

- කිරි 80ml
- බිත්තර කහමද 05
- බිත්තර සුදුමද 05
- එළවළු තෙල් 50ml
- පාන්පිටි 80g
- සීනි 80g
- ලුණු අවශ්‍ය පමණට
සාදාගන්නා අකාරය

- මුලින්ම තෙල් ටික රත් කරගෙන භාජනකට දමාගන්න.
- ඒ භාජනයට පාන්පිටි ටික එකතු කරගෙන හොඳට Mix කරගන්න.
- දැන් මේකට කිරි එකතු කරලා කලවම් කරලා බිත්තර කහමද එකින් එක එකතු කරමින් නැවත Mix කරන්න.
- බිත්තර සුදුමද ටික වෙනම බීට් කරගන්න.
- ඊළඟට බීට් කරගත් බිත්තර සුදු මද ටිකට ලුණු හා සීනි දාලා හිම වගේ වෙනකන් බීට් කරගන්න.
- බීට් කරගත් සුදුමද මිශ්‍රණය කේක් මිශ්‍රණයට එකතු කරලා හොඳට Mix කරන්න.
- දැන් Tray එකට ඔයිල් පේපර්ස් දාලා බටර් ටිකකුත් ගාලා කේක් බැටර් එක දාගන්න.
- කේක් එක හදන්න ගත්ත Tray එකට වඩා ලොකු ට්‍රේ එකකට වතුර පුරවලා කේක් මිශ්‍රණය දාගත්ත ට්‍රේ එක ඒක ඇතුලෙන් තියලා ප්‍රී හීට් කරපු අවන් එකට දාගන්න.
- ඊටපස්සේ සෙල්සියස් 180°ට විනාඩි 50ක් වගේ බේක් කරගන්න
රසයි වගේ නේද?ඔව් ඔව් රසයි තමයි.රස වගේම බලන්නකෝ කේක් එකේ ලස්සන.desart කියන්නේ අනිත් කෑම වලට වඩා අපි කන්න කැමති දෙයෙක්නේ.ඒ නිසා තමයි අද මම ඔයාට ටිකක් වෙනස් වගේම රසවත් කේක් එකක් හදන විදිහ ගැන කියලා දුන්නේ.



