Like
Like Love Haha Wow Sad Angry
1

අපි හැමෝම බලන්නේ ලස්සනට ඉන්න.මොකද ලස්සන කියන්නේ අපි හැමෝම ගොඩක් බලාපොරොත්තු වෙන දෙයක් නිසා.ඒ වෙනුවෙන් නොකරන දෙයකුත් නැහැනේ.ඉතින් ළඟදී marry කරන්න ඉන්න ඔයාටත් ලස්සන වෙන්න කාලයක් නැතුව ඇති.ඒ නිසා මම අද ඔයාට ලේසියෙන්ම කරගන්න පුළුවන් facial එකක් ගැන කියලා දෙන්නම්.

උබ්ටාන් වලින් මොකද වෙන්නේ

  • සමේ ඇති ලප කැළැල් නැති කරනවා
  • සමේ අඳුරු පැහැය නැති කරනවා
  • බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් නැති කරනවා
  • බැක්ටීරියා නාශක ගුණය
  • සම මෘදු කරයි
  • දීප්තිමත් සමක් ලබා දෙයි
  • සම ගැඹුරින් පිරිසිඳු කරයි
  • අනවශ්‍ය රෝම කිරීමට උපකාර කරයි
  • pimples ඇති වීම වලක්වයි

උබ්ටාන් ක්ලෙන්සර්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කහ 1/4 tsp
  • ෆ්‍රෙෂ් මිල්ක් 1 tsp

උබ්ටාන් ස්ක්‍රබ්

  • සීනි 1 tsp
  • කෝමාරිකා 1 tsp

උබ්ටාන් පැක්

  • මුල්තානි මිට්ටි 1 tsp
  • කහ 1/2 tsp
  • රත්සඳුන් 1 tsp
  • මී පැණි 1 tsp
  • වැල්මී 1 tsp
  • ෆ්‍රෙෂ් මිල්ක් 4 tsp

මුල්තානි මිට්ටි

මුල්තානි වල ස්වාභාවික බීලිච් එකක් අඩංගු වෙනවා.සමේ අඳුරු ලප,සමේ සිඳුරු ,Pimple’s ,බ්ලීචින් ආසාදන ,Acne වලට, ,බ්ලැක් හෙඩ්, sun burn වලට මේක ගොඩක් හොඳයි.

රත්සඳුන්

ඉරිතැලුණු, පලුදු වුණු සම නැවත යථා තත්වයට පත් කරමින් පැහැපත් සුසිනිඳු සුමුදු මුහුණක් හිමි කර දෙයි

කස්තුරි කහ

ප්‍රබල ප්‍රතිබැක්ටීරීය ගුණ තියෙන නිසා සම පැහැපත් කරනවා.ඒ වගේම කුරුලෑ ,අඳුරු පැල්ලම් මකා දමන්නත් පුළුවන්.

මී පැණි

සම පැහැපත් කිරීම, සම දීප්තිමත් කිරීම ,ලප කැළැල් නැති කිරීම සහ සමේ ස්වාභාවික පැහැය යථා තත්වයට පත් කිරීමට මී පැණි වලට පුළුවන්.

වැල්මී

සම මතුපිට ඇති අදුරු පැහැය ඉවත් කිරීම ,ඇස් යටකලු වීම,මුහුනේ ඇතිවන කලු පැල්ලම් ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා.ඒ වගේම සම පැහැපත් කරයි.වැල්මී වල ඇති “Licochalcone” සංඝටකයෙන් සිදුවන්නේද “Glutathione” සංඝටකය මඟින් සිදුවන කාර්‍යම නිසා,Glutathione මගින් ලබා දෙන පැහැය වැල්මී මගින් ද ලබා ගන්න පුළුවන්.

කිරි

කිරි මඟින් සමේ සෛල ගැඹුරින් පෝෂණය වන අතර දවස පුරා සමේ තෙතමනය රඳවා තබා ගනී.ඔයාට තියෙන්නේ Oily, Pimple’s තියෙන skin එකක් නම් , ඔබේ කුරුලෑ සුව කිරිමටද කිරි වලට හැකියි.

ළඟ ළඟම එන wedding එකට ලස්සනට ඉන්න tricks ටිකක් ඔන්න මම අද ඔයාට කියලා දුන්නා.කරලම බලන්නකෝ.මොකද මම අද කියලා දුන්නේ වෙනදා වගේ ලස්සන වෙන එක දෙයක් ගැන නෙමෙයි.pack එකක් ,scrub එකක් ,cleanser එකක් හදාගන්නේ කොහොමද කියලා කියලා දුන්නා.

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here