Wedding එක කියන්නේ couple එකකගේ ජීවිතයේ වැදගත්ම දවස් අතරින් එකක් කියලා අපි දන්නවනේ.ඒ දවස ලස්සන මතකයක් කරගන්න ගොඩක් අය couple එකට help කරනවා.Wedding එක එක්කම බැඳුනු තවත් සුන්දර අවස්ථාවක් තමයි මධුසමය කියන්නේ.තමන්ගේ ජීවිතයේ සුන්දරම මතකයන් රැඳෙන Honeymoon එක හරි විදියට සංවිධානය කරගන්න වගකීම නම් couple එක අතේමයි තියෙන්නේ.Honeymoon එ ක ඔයාගේ memories වල රඳවන වැදගත්ම දෙයක් තමයි එහිදී ගන්නා photos.ගොඩක් අය Honeymoon එකට select කරගන්නේ ඉතාමත් Romantic පරිසරයක් සහිත ස්ථාන.ඉතිං ඉතාමත් අලංකාර ඒ වගේ තැන්වලදී නව යුවළක් ගන්න ඕනෙ මොනවගේ Photos ද කියල අපි පොඩ්ඩක් කල්පනා කරල බලමු.
Honeymoon එකට select කරගත් නවාතැන

ඔයා select කරගත්තේ ගොඩක් Romantic ගතියක් තියෙන Hotel එකක් හෝ Bungalow එකක් නම් එය සහ Background එක හසුවන්නට Photos අරගන්න අමතක කරන්න එපා.Honeymoon එක කියන්නේ උදේ පාන්දර නැගිටින්න කම්මැලි හිතෙන දවස් කීපයක් වුණත් හිරු නැගෙන මොහොත හා හිරු බැස යන මොහොත එක්ක පරිසරයේ චමත්කාරයත් හසුවෙන්න මේ ඡායාරූප අරගන්න පුළුවන්නම් ඒක හරිම ලස්සන මතකයක්.
හිරු ගිලෙයි ක්ෂිතිජ මායිමේ

ඔබ තෝරාගන්නේ Beach එකක් ආසන්නයේ hotel එකක් නම් ඔබේ honeymoon එකේ ලස්සන photos ගොඩක්ම එකතු කරගන්න පුළුවන්.විශේෂයෙන්ම හිරු බැස යන දර්ශන පසුබිම් කරගෙන ඔයාගේ new life එකේ සහකරු හෝ සහකාරියට තුරුළු වී photos ගන්න පුළුවන්නම් එහි සුන්දරත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ නේද?
අතාරින්න බැරි අත අල්ලා ගැනීම

නව යුවළක් තමන්ගේ honeymoon එකේ අත් අල්ලාගෙන ඇවිදගෙන යන Photos කියන්නේ කියන්නේ හරිම සාමාන්‍ය දේවල් කියලා ඔයාට හිතෙයි.හැබැයි honeymoon එකේ photos අතරට ඒ photos නැති වුණොත් ලොකු අඩුපාඩුවක්.ඔයයි එයයි අතින් අල්ලා ගෙන හෙමින් ඇවිදගෙන යන්න.එයයි ඔයයි ඇස් දිහා ආදරෙන් බලා ඉන්න.යාන්තම් සිනාසෙන්න.ඔබේ අතිනත අල්ලා යන photos ගොඩක් ලස්සනට කැමරාවේ සටහන්වෙලා තියේවි.
සියුම් සිපගැනීමක්

ඔයා සහ ඔයාගේ එයත් එක්ක ගොඩක් ආදරෙන් සිපගන්න photo එකක් honeymoon එකේ photo collection එකතුවෙහි තියා ගත්තොත් එහි අගය තවත් වැඩිවෙනවා.ඒ විතරක් නෙමෙයි Photos ගන්නකොට ඔයාලා දෙන්නා සහ කැමරාව අතර තරමක දුරක් තිබීම Photo එකේ ලස්සන තවත් වැඩිකරන්න හේතුවක්.
උරහිසට හිස තබා ගැනීම

මේක නම් හරිම ආදරණිය අවස්ථාවක්.විශේෂයෙන්ම එයාගේ උරහිසේ ඔයාගේ හිස හොවාගෙන සිටීම හරිම ආදරණීය අවස්ථාවක්.New Life එකේ බලාපොරොත්තු කන්දක් ගැන හීන දකින couple එකක් කියලා ඒ pose එකෙන් පෙන්නනවා.මේ photo එකට ටිකක් සැහැල්ලුවෙන් මුහුණ දෙන්න.පුළුවන් නම් එකිනෙකාගේ දෑස් දෙස ආදරෙන් බලාගෙන ඉන්න.ඔයාට ලැබෙන photos හැඟීම් කොතරම් ආදරණීය දැයි ලෝකයට කියාවි.
Black and White

අපි හැමෝම Try කරන්නේ හැමවෙලාවෙම Colors photos අරගන්න.හැබැයි මම ඔයාට proposed කරනවා honeymoon එකේ එක photo එකක් හරි Black and White photo විදිහට තියාගන්න විදිහ.Normally Black and White photo ගැඹුර වර්ණ photo එකකට වඩා ලස්සනයි.ඒ නිසා ඔයාගේ Black and White photo එකක් විශාල කර බිත්තියේ එල්ලා තියෙනවා නම් ගෙදරටත් අපූරු ආදරණීය බවක් එකතු කරන්න පුළුවන්.
ආදරය සෙල්ලමට ගන්න

ආදරය සෙල්ලමට ගන්න කිව්වහම ටිකක් බය වුණා නේද.මෙච්ච්ච්ර වෙලා හොඳ දේවල් කියලා දැන් කියනවා ආදරය සෙල්ලමට ගන්නවා කියලා.සාමාන්‍යයෙන් අපි පිළිගන්නේ මධුසමයේ ඡායාරූප හරිම ආදරණීය විය යුතු බවයි.නමුත් සමහර Photographersලා Advice දෙනවා පොඩ්ඩක් හරි දඟකාරකමක් photo එකට ගනිමු කියලා.උදාහරණයක් විදියට ඔයාගේ wifeව වඩා ගෙන කරකවන්න.දෙන්නාගේම මුහුණුවල නිරායාසයෙන් ඇඳෙන ඒ සිනහව photos වලට අමුතුම චමත්කාරයක් එකතු කරයි .
ඉතින් honeymoon එකේ මේ විදිහට photos ගන්න එක දැන් සාමාන්‍ය දෙයක්.ඔයාටත් wedding එකට හොඳ Photographer කෙනෙක් හොයාගන්න පුලුවන්නම් මේ විදහට ලස්සන photo collection එකක් හදාගන්න පුළුවන්.අනිත් එක මේ විදිහට photos ගත්තම ඔයාලට පුළුවන් අනාගතයේදී ඒ දේවල් වල සුන්දරත්වය බලන්න



