Like
Like Love Haha Wow Sad Angry

තෙල් කියන්නේ අපේ ඇඟට අත්‍යවශ්‍ය දෙයක් කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ.හැබැයි ඕනෙවටත් වඩා තෙල් කෑවොත් මොකද වෙන්නේ.ඔව්… ඔයා හරි.අනවශ්‍ය විදිහට තෙල් කෑවොත් වෙන්නේ අපිට අනවශ්‍ය ලෙඩ හැදෙනවා. cholesterol කියන්නෙත් අන්න ඒ වගේම අනවශ්‍ය ලෙඩක්,තෙල් කෑවොත් cholesterol හැදෙනවා විතරක් නෙමෙයි.අක්මා රෝග,හෘදයාබාධයත් ඇති වෙනවා.

මොනවද මේ cholesterol

cholesterol කියන්නේ මේදමය අම්ලයක් ‘fatty acid’.අක්මාවේ නිපදවෙන cholesterol අපේ ශරීරයේ ගොඩක්වැඩ කරගන්න help වෙනවා. ඒත් අපේ ඇ‍ඟේ cholesterol තියෙන්න ඕනෙ ප්‍රමාණය වෙනස් වෙලා අපි ලෙඩ වෙන්න ලොකු අවදානමක් තියෙනවා. cholesterol කියන්නෙ අපේ ඇඟට නරක දෙයක් නෙවෙයි. නමුත් සමබරව පවත්වාගන්න ඕන දෙයක්.

ව්‍යායාම

අධික තෙල් සහිත හෝ බර ආහාරයක් කෑමට ගැනීමෙන් පසු ගොඩක් tired දැනෙන ව්‍යායාම කරන්න එපා.හොඳම දේ තමයි ටිකක් ඇවිදින්න යන එක.අධික කැලරි පුළුස්සා හරින්න එයින් විශාල සහයෝගයක් ලැබෙනවා.

උණු වතුර හෝ ඇල්මැරුණු වතුර බොන්න

තෙල් වැඩි ආහාරයක් ගත්තට පස්සෙ උණු වතුර වීදුරුවක් දෙකක් පානය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.අක්මාව, බඩවැල් වගේ අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රීන්ට තෙල්වලින් වෙන්න පුළුවන් හානි වලක්වා ගන්න මේ ක්‍රමය හොඳයි කියලා විශේෂඥයින් වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

කන වේගෙන් ඇඳට යන්න එපා

අපි කෑම වේලක් අරගෙන ඉවර වෙනවත් එක්කම සමහරු පුරුදු වෙලා ඉන්නවා නින්දක් ලබාගන්න.හැබැයි කෑමයි නින්දයි අතරෙ පැය දෙක තුනකවත් කාල පරාසයක් තියාගන්න පුලුවන්නම් තමයි වඩාත් හොඳ.කෑමක් කාපු ගමන්ම අපි නිදාගන්න ගියොත් ඒ ආහාරයේ ශක්තිය අපේ ඇඟට ලැබෙන්නෙ නැහැ.ඒ වගේම තමයි ඒ ආහාරය මේදය බවට පත්වෙලා ශරීරයේ තැන්පත් වෙන්න බලනවා.

තෙල් අඩංගු කෑමකින් පසු ශීතල කෑම බීම ගන්න එපා

තෙල් සහිත කෑමවේලක් අවසන් වෙනවත් එක්කම අයිස් ක්‍රීම් වගේ cool කෑම වර්ගයක් ආහාරයට ගන්න ඔයා පුරුදු වෙලා ඉන්නවද? ඒක නම්, හොඳ වැඩක් නෙමෙයි.ඒ පුරුද්ද නිසා අපේ Liver එක,බඩවැල් වගේ අභ්‍යන්තර ඉන්ද්‍රීන් හානි වෙන්න පුළුවන්.

තෙල් සහිත කෑම වර්ගවලට ඔබ හුරුවෙලා ඉන්නවානම් මෙන්න මේ ආයුර්වේද ඔසු ගැනත් දැනුවත් වෙන්න.

කුරුඳු

රුධිරයේ ඇති අහිතකර කොලොස්ටරෝල් මට්ටම,රුධිරයේ ඇති අනවශ්‍ය සීනි ප්‍රමාණය,රුධිර ගමනාගමනය සහ ආහාර දිරවීම පහසු කරනවා. ඒ වගේම මේ කුරුඳු වල අඩංගු polyphenols නිසා සිරුරේ හානි වෙලා තියෙන පටක අලුත්වැඩියා කරනවා

ගොරකා

ගොරකා වලින් වෙන්නේ රුධිරයේ තියෙන අධික කොලොස්ටරෝල් මට්ටම පාලනය කර හෘදයේ ධමනි තුල මේදය තැන්පත් වීම අවම කිරීමයි.සිරුරේ මේදය දහනය කර අධික තරබාරුකම පාලනය කරන්නත් ගොරකා වලට පුළුවන්.ඒ විතරක් නෙමෙයි අධික රුධිර පීඩනය සහ කෑම අරුචියත් නැති කරන්න පුළුවන්.

සුදු ළූනු

සුදු ළූනු වල ඛනිජ ලවන ,විටමින් ,ප්‍රෝටීන් ,කැල්සියම් සහ යකඩ අඩංගු වෙනවා.ඒ වගේම සුදු ළූනු වලින් රුධිරවාහිනී තුල මේදය තැන්පත්වීම සහ රුධිර පීඩනය අවම කරන්නත් පුළුවන්.

Green Tea

Green Tea වලින් සිරුරට අහිතකර කොලොස්ටරෝල් නැති කර හෘදයාබාධ සහ අංශභාගය ඇති වීමේ අවධානම අවම කරනවා.ඒ විතරක් නෙමෙයි.අධික තරබාරුව නැති කරන අතර ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද යුක්තයි.

හැබැයි ඔයාට පුළුවන් මේ දේවල් වෙන වෙනම ගන්නේ නැතුව මේ හැමදෙයක්ම අඩංගු වෙලා තියෙන හොඳ green tea එකක් use කරන්න.ඔයාට ඒ වගේ දෙයක් supermarket එකකින් ,එහෙමත් නැත්නම් pharmacy එකකින් ගන්න පුළුවන්.try කරලා බලන්න

අපි මොකටද බොරුවට ලෙඩ හදාගන්නේ.කොහොමත් කැමති නැහැනේ ලෙඩ හදාගන්න.ඒ නිසා cholesterol හදාගෙන ලෙඩක් healthy life එකක් ගෙවන්න මේ දේවල් කරලා බලන්න.

Like
Like Love Haha Wow Sad Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here