Like
Like Love Haha Wow Sad Angry
1

High Heels කියන්නේ ඉතින් අපි නිතර දෙවේලේ Use කරන දෙයක්නේ.office යනකොට,party වලට යනකොට එහෙමත් නැත්නම් මොනවා හරි events වලට යනකොට අපිට heels use කරන්න වෙනවා.හැබැයි ඉතින් එතැනදී පොඩි පොඩි අවදානම් වලට ලක් වෙන්නත් වෙනවා.මොකද heels වලට කැපෙනවා.ඒ නිසා heels එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙන්න ඕනේ.මොකද safety 01st කියනවනේ.ඒ නිසා safety එකේ ලස්සනට heels ගෙන යන්න පුළුවන් tips ටිකක් මම අද ඔයාට කියලා දෙන්නම්

01) Shoes select කරගැනීම

අපි සමහර වෙලාවට price එක අඩුයි කියලා shoe වර්ග ගන්නවා.ඒවා maybe පෙනුමෙන් ලස්සන වුණත් ඒ වගේ ඒවා නිසා කකුල් වලට අපහසුවක් දැනෙන්න පුළුවන්.ඒ නිසා shoes ගන්නකොට leather shoes ගන්න.හැබැයි අඩිය ටිකක් විශාල වෙන්න ඕනේ.එතකොට පෘෂ්ඨීය වර්ගඵලය වැඩි නිසා යෙදෙන පීඩනය අඩුයි.අනිත් කාරණාව තමයි ඔයා shoe ගන්නකොට වගේම Buckles ,පටි තියන ඒවා ගන්න.

02) ප්‍රමාණය

high heels shoe දෙකක් select කරගන්නකොට ඔයාගේ size එකට match වෙන එකක් select කරගන්න ඕනේ.ඔයා සමහරවිට හිතනවා ඇති ඉඩ වැඩියෙන් තියෙනකොට pain එක අඩුයි කියලා.හැබැයි අනවශ්‍ය විදිහට ඉඩක් සපත්තුව ඇතුලේ තිබුනොත් වෙන්නේ පාදය ගිහින් සපත්තුවේ කොන්වල වැදිලා අධික වේදනාවක් ඇති කරන එක.ඒ කොහොම වුණත් shoes ගන්නකොට ගොඩක්ම tight ඒවා ගන්නත් එපා .

03) ආලේපනය ගෑවොත් තවත් හොඳයි

ගොඩක් වෙලාවට අලුත් shoes ගත්තට පස්සේ ඔයාගේ කකුල් කැපෙන්න ඉඩ තියෙනවා.ඊට පස්සේ ඉදන් ඒ shoes අයෙමත් දාන්න බැහැ.ඉතින් ඒ නිසා shoe වල ආලේපන ගලවන්න හිතනවා නම් කරන්න තියෙන්නේ Anti-Blister Stick එකක් භාවිත කරන්න.

04) ඇඟිලි වලට මෙහෙම කලොත්

ගොඩක් වෙලාවට ballet dancing කරන girls ලා ඇඟිලි tape කරනවා.එහෙම කරන්නේ dance කරනකොට එන පීඩනය අඩු කරගන්න.ඒ කොහොම වුණත් heels දානකොට නම් ඇඟිලි සේරම tape කරන්න ඕනේ වෙන්නේ නැහැ.ඔයාට පුළුවන් පාදයේ සුළැඟිල්ලට එහායින් තියන ඇඟිලි දෙක විතරක් tape කරන්න. ආ ඔයාට දැනගන්න පොඩි දෙයක් කියන්නද?ඒ ඇඟිලි දෙක අතර බෙදී වෙන් වෙන Nervous එකක් තියෙනවා.ඉතින් ඒ ඇඟිලි දෙක එකට කරලා Tape එකකින් බැන්දම පීඩනයක් එන්නේ නැහැ

05) interval එකකුත් ඕනේ

ගොඩක් වෙලවට අපි slippers දාගෙන හිටියත් කරන්නේ ටික වෙලාවක් සැහැල්ලුවෙන් ඉන්න ඒවා ගලවන එක.slippers කියන්නේ සැහැල්ලුවට දාන දෙයක්නේ.ඉතින් heels දාගෙන ඉන්නකොට කොහොමත් අපහසුයිනේ.ඒ නිසා අනිවාර්යයෙන්ම interval එකක් ගන්න එක ගොඩක් වැදගත්.ඒ නිසා වැඩ කරන අතරතුර shoes ගලවලා ඇඟිලි එහෙට මෙහෙට stretch කරලා පොඩ්ඩක් Relax වෙන්න.

දැන් ඉතින් මුළු දවසම heels දාගෙන ඉන්න ලෑස්ති වෙන්න එපා.මොකද දැන් මම ඔයාට කිව්වනේ අපහසුතාවලින් මිදෙන්න මොනවද කරන්න ඕනේ කියලා.ඒ දේවල හරියටම කරලා අපහසුතාවයක් නැතුව shoes දාන්න දැන් ඔයාට පුළුවන්

Like
Like Love Haha Wow Sad Angry
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here