අපි හැමෝගෙම එකම සහ ලොකුම dream එක තමයි ලස්සන wedding එකක් ගන්න එක.ඒක හැබැයි ලස්සන කිව්වට ලස්සනම විතරක් නෙමෙයි,ලොකු wedding එකක් වගේම වෙනස්ම කියන දේත් තියෙනවා.ඉතින් මේ හැමදේමත් එක්ක අපි වෙනසක් කරන්නේ කොහොමද.ඒකට මොන වගේ දෙයක් කළොත්ද හොඳ කියන එක අපි නිතරම හිතන දෙයක්.ඒ නිසා මම හිතුවා ඔයාගේ wedding එකට ලොකු වෙනසක් කරන්න මට පුළුවන් කියලා.ඔයා හිතනවා ඇති මම කොහොමද ඔයාගේ wedding එකට change එකක් කරන්නේ කියලා.ඒක පුංචි magic එකක්.මෙන්න මේකයි ඒ වැඩේ.ඔයා හිතාගෙන ඉන්නේ wedding එක hall එකක ලොකුවට ගන්නනේ.එකේ කිසිම වෙනසක් නැහැ කියලා ඔයාට තේරෙනවනේ.ඒ නිසා ඔයාගේ wedding එක indoor නැතුව outdoor විදිහට ගන්න කියලා තමයි මම කියන්නේ නම්.ඉතින් එක කොහොමද ගන්නේ කියලා අපි කතා කරමු.
How to Time

මෙහෙමයි.අපි මුළින්ම බලන්න ඕනේ function එක තියෙන time එක මොකක්ද කියලා.morning හරි Night හරි තමයි out door තියෙනවා නම් හොඳම වෙලාව.මොකද දවල් කාලයේදී හිරු එලිය වැටෙන නිසා evening නම් මේක plan කරන්න අමාරුයි.ඒ නිසා මුලින්ම decide කරන්න ඕනේ time එක මොකක්ද කියලා.ඔයාට හිතෙනවා නම් මේක ගන්න ඕනේ morning කියලා හිත්න්න ඕනේ දේවල් තියෙනවා.උදේ After 10.00 වලින් පස්සේ sunshine එක වැඩිපුර එන නිසා ඔයාට ඒ වෙලාවේ ඉන්න එක ටිකක් අමාරුයි.මොකද ඔයාට දහදිය දානවා ,make up දියවෙනවා.ප්‍රශ්න ගොඩයිනේ.ඒ නිසා උදේ ගන්නවා නම් 10.00ට කලින් ගන්න plan කරන්න.ඒත් එක්කම ඔයාගේ beautician දැනුවත් කරලා තියන්න මම මෙච්චර වෙලාවක් එළියේ ඉන්නව.ඒ නිසා වැඩි වෙලාවක් රැඳිලා තියෙන make up එකක් දාන්න කියන එක.
Night වගේ ගන්නවා නම් හවස after 4.00 වගේ ගන්න.ඒ time එක hot නැති නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට function එක ගන්න පුළුවන්.ඒ කොහොම වුණත් අපි ඕනෙම දෙයක කරන්න කළින් back up එකක් තියාගන්න ඕනේ.මොකද දන්නවද whether එක කියන්නේ අපිට කියා කියා වෙනස් වෙන දෙයක් නෙමෙයිනේ.එනිසා අපි outdoor wedding එකක් ගන්නවා නම් අපි අනිවාර්යයෙන් indoor function එකක් විදිහට කරගෙන යන්න පුළුවන් hall එකකුත් ළඟින්ම තියාගෙන ඉන්න එක හොඳයි.මොකද wedding එක මඟ නවත්තන්න බැරි නිසා.
gardenද? Beach ද?

Function එක තියෙන්නේ garden එකකද එහෙමත් නැත්නම් beach එකකද කියන එක තමයි ඊළඟට හිතන්න ඕනේ.ඒක තමයි වැදගත්ම දේ.සම්පුර්ණ function එකම outdoor කරනවද නැත්නම් indoorත් කරනවද කියලා.මොකද ලංකාවේ ගොඩක් වෙලාවට පෝරුව ceremony එක outdoor කරලා function එකේ ඉතුරු ටික indoor කරනවනේ.ඒ නිසා function එක ගන්න කලින් මොන වගේ place එකකද ගන්නේ.මොන විදිහටද decoration කරන්නේ කියලා හිතන්න ඕනේ.
පෝරුව

outdoor wedding එකකදී අපි ගොඩක් වෙලාවට හිතන්නේ beach එකක ගත්තා නම් හොඳයි කියලානේ.ඒ වුණාට අපිට එතැනදී නම් හිතන්න ගොඩක් දේවල් තියෙනවා,ඒ තමයි පෝරුව කොච්චර strong එකක්ද කියන එක.පෝරුව නිර්මාණය කරනකොට strong වගේම හොඳට Fixed වෙලා තියෙන එකක් වෙන්න ඕනේ.එය marquee එකක් ඇතුලේ එහෙමත් නැත්නම් ආවරණයක් තුළ පවතිනවා නම් එහි බිමට පුවරුවක් දැමිය යුතුයි.එය marquee එකක් තුළ නැතහොත් ආවරණයක් තුළ පවතිනවා නම් එහි බිමට පුවරුවක් දැමිය යුතුයි.ඒ වගේම wedding එකට එන Guestsලා high heels, shoes පැළඳගෙන නිසා ඒ අයව අපහසුතාවයට පත් නොවෙන විදිහට බිම සකස් කරන්නත් අමතක කරන්න එපා.
Lightning සහ flower decoration

evening function එකක් නම් අනිවාර්යයෙන් lightning ගැන හිතන්නම ඕනේ.මොකද beach එකක wedding එක ගන්නවා නම් ඔයාට හිතාගන්නවත් බැරි තරම් ලස්සනට wedding එක ගන්න පුළුවන්.අනිත් කාරණාව තමයි ඔයාවයි එයාවයි පේන විදිහට lightning කරලා තියෙන්නේ ඕනේ.
ඒ වගේම flower decoration ගැනත් හොඳට හිතන්න වෙනවා.outdoor wedding එකක නම් මනාලිය එළිමහනේ අව්වට නිරාවරණය වෙලා ඉන්න විට ඇයගේ bouquet එක පරවෙන්න බලනවා.ඒ නිසා bouquet එක හදාගන්න සහ හිස සැරසීමට වැඩි කාලයක් පවතින මල් වර්ග යොදා ගැනීමට සැලකිලිමත් වෙන්න ඕනේ.මොකද සාමාන්‍යයෙන් fresh flower ඒ විදිහටම තියෙන්නේ පැය 12ක් වගේ කාලයක්.ඒ පැය 12න් පැය 05ක් විතර අව්වේ හිටියම අනිවාර්යයෙන් bouquet එක මැලවෙන්න පටන් ගන්නවා.ඒ නිසා ඒ ගැනත් හිනා එක ගොඩක් special.
දැන් මොකද හිතෙන්නේ outdoor wedding එකක් කරන්න හිතෙනවා නේද.අනිත් එක hall එකක ගන්නවට වඩා ගොඩක් ලස්සනට ගන්නත් පුළුවන්.ලස්සන විතරක් නෙමෙයි අනිත් අයට වඩා වෙනසක්නේ.ඒ නිසා ඔයාගේ wedding එක outdoor ගන්නවා නම් ලස්සන මතක ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්.හැමදාමත් මතකයේ රැඳෙන



