“පැපොල, කියන නම ඇසුණු සැනින්ම සමහරු බය වෙනවා.දෙයියන්ගේ ලෙඩ,නම කියන්න හොඳ නැහැ” කියලා.බොහෝ දෙනාට කුඩා කාලයේ වැළදී තිබුනත් සමහර අයට වැඩිහිටි වියේදී මේ පැපොල රෝගය ඇති වෙන්න හැකියාව තියනවා.පැපොල ඇති වූ විට සංකුලතා බොහොමයක් ඉස්මතු වන නිසා මේ ලිපිය ඔබ බැලිය යුතුම එකක් වෙනවා.
– මෙම පැපොල බිබිලි ඇති වීමේදී ඔළුව කැක්කුම ,මහන්සිය ,උණ සහ කෑම අරුචිය ඇති වෙනවා.
– මුලින්ම බිබිලි ඇති වීමේදී මුඛය ,පපුව ,සහ කොන්ද ආශ්‍රිතව ඇති වේ
– මේවා කසන සුළු සැරව ගෙඩි බවට පත් වේ
– පැපොල රෝගය කැස්ස ,කිවිසුම් සහ ස්පර්ශය මඟින් බෝ වේ.
– දින 5 – 10ත් අතර පවතින මෙම රෝගය නිසා නිවසෙහිම රැඳී සිටීම කල යුතුය.
– මෙහි ඇති සංකුලතාවයක් ලෙස ප්‍රතිශක්තිය හීන වීමෙන් නිසා මරණය වුවද ඇති විය හැක.
– එහිදී විජලනය ,නිව්මෝනියාව ,අතරයිටිස් සහ මොලයේ හානි ඇති වීම සංකුලතාවයන් වේ.
– ගර්භනී කාන්තාවන් හට මෙම රෝගය වැළදුණු විට මළ දරු උපත් ඇති වීමට හැකියාව තිබේ.
– මෙම පැපොල වෛරසය හර්පිස් ඝනයේ රෝගයක් වන අතර බහුලවම කුඩා දරුවන් හට වැළදේ.
– මෙහිදී කැසීම අඩු කර ගැනීම සඳහා වෛද්‍යවරයා විසින් ප්‍රති වෛරස් ප්රතිකාරද ලබා දෙයි.
– කැසීම් මඟින් බැක්ටීරියා අසාදන ඇති වීමේ ප්රවණතාවයද වැඩි වේ.
– මෙහිදී ඇති වන කැසීම් අවම කර ගැනීම සඳහා දිනපතා ඇල් ජලයෙන් ස්නානය කිරීම කල යුතුයි.



